කැමරාව-රූපවල විභේදන බලය

ඩිජිටල් කැමරාවක විභේදන බලය ආලෝකය ප‍්‍රභින්න සංඥාවක් බවට පත්කරනු ලබන කැමරාවේ සංවේදකය මඟින් සීමා වෙයි (බොහෝවිට මෙය සංවේදක චිපයකි). ඒ අනුව සාම්ප‍්‍රදායික ඡායාරූප ශිල්පයේ පටල පටය වෙනුවට මෙම සංවේදක ආදේශ වී ඇත. සංවේදකය නිර්මාණයකොට ඇත්තේ ඒ මත වැදෙන මිලියන ගණනාවක් වන ප්‍රෝටෝන ගණන් කළහැකිවන ලක්‍ෂයන්ගෙනි. එනම් රූපය වඩ වඩා ආලෝකමත් වන තරමට පික්සෙල් එකකට ලැබෙන අගය විශාල වනු ඇත. රූපයක පවත්නා පික්සෙල් ගණන එහි ‘පික්සෙල් වටිනාකම’ තීරණය කරයි. උදාහරණයක් ලෙස 640 × 480 රූපයක පික්සෙල් 307,200 ක් එනම් ආසන්න වශයෙන් කිලෝ පික්සෙල් 307 ක් ඇති අතර 3872 × 2592 රූපයක පික්සෙල් 10,036,224 ක් පවතින අතර එය ආසන්න වශයෙන් මෙගා පික්සෙල් 10 කි.

බොහෝවිට පික්සෙල් ගණන පමණක් යොදාගනිමින් කැමරාවේ විභේදන බලය පිලිබඳ සඳහන් කරනු දක්නට ලැබේ. නමුත් මෙය නිවැරදි නොවේ. සංවේදකයක විභේදන බලය කෙරෙහි බලපාන වෙනත් සාධකයන්ද පවතී. සංවේදකයේ ප‍්‍රමාණය, කාචයේ ගුණාත්මකභාවය සහ පික්සෙල් සංවිධානය වී ඇති ආකාරය (උදාහරණයක් ලෙස බයර් පෙරනයක් රහිත කලූසුදු කැමරාවක වර්ණ කැමරාවකට වඩා වැඩි විභේදන බලයක් ඇත) ආදිය මින් සමහරකි. බොහෝ සංයුක්ත ඩිජිටල් කැමරාවන් අවශ්‍ය ප‍්‍රමාණයට වඩා වැඩි පික්සෙල් ප‍්‍රමාණයකින් සමන්විත වන බවට චෝදනා එල්ලවී ඇත. එවිට සංවේදක ඉතා කුඩා ඒවා වන අතර කාචයට ලබාදිය හැකි අලෝකට වඩා සංවේදකයේ විභේදන බලය විශාල වෙයි.


කොඩැක් ඩිජිටල් කැමරාවන් සඳහා ඕස්ටේ‍්‍රලියාවේ නිර්දේශිත සිල්ලර මිළ ගණන්

තාක්‍ෂණය වැඩිදියුණුවීමත් සමග ඩිජිටල් කැමරාවන්ගේ මිළ ගණන්ද පහල ගොස් ඇත. එය ‘ඩොලරයකට ගතහැකි පික්සෙල් ප‍්‍රමාණය’ ලෙස මනිනු ලබන අතර සෑම නව කැමරාවක්ම ඊට පෙර කැමරාවන් ඩොලරයකට ලබාදුන් පික්සෙල් ගණනට වඩා වැඩි පික්සෙල් ගණනක් ලබාදෙයි. මෙම ගණනය කිරීම මුවර්ගේ නීතිය ලෙසින් හැඳින්වේ.

දැනට දර්ශනානුපාතයන් කිහිපයක් පමණක් භාවිතා වන බැවින් (විශේෂයෙන්ම 4 : 3 සහ 3 : 2) පවතින සංවේදකයන්ගේ ප‍්‍රමාණයද සීමා සහිත වී ඇත. එමෙන්ම සංවේදක නිෂ්පාදකයෝද සෑම ප‍්‍රමාණයකම සංවේදක නිපදවනවා වෙනුවට ක‍්‍රමක‍්‍රමයෙන් අගය වැඩිවන සංවේදක නිස්පාදනයට පෙළැඹී සිටිති. උදාහරණයක් ලෙස 2007 වසරේදී කැනොන් කැමරාවන් විසින් යොදාගත් විශාලතම සංවේදකයන් (පික්සෙල් ගණන අනුව) වූයේ 21.1, 16.6 සහ 12.8 මෙගා පික්සෙල් සංවේදකයන්ය. පහතින් දැක්වෙන්නේ ඩිජිටල් කැමරාවන්හි වානිජ වශයෙන් භාවිතා වන සංවේදකයන් දැක්වෙන වගුවකි.