අටමහ නරකවලින් දෙවෙනි නරකය යි. මෙහි උපන් නිරිසතාගේ ද සිරුර ගව්දෙගව් පමණ උස් වෙයි. සියුම් ආයුධ වලින් යමපල්ලෝ නිරිසතාගේ ඇඟ මස් ලියති. ගිනිගෙන දිලිසෙන යපොළොවෙහි හොවා ඇඟමස් සසිති. ඉරති. කර්මවේගය තිබෙනතාක් නොමැරී දුක් විඳිමින් ජීවත් වන නිරිසතා මහ දුකින් හඬ හඬා ඈත මෑත දුව පැන ඇවිදී. ගිනියම් වූ යම පොළොවේ පෙරළා, දැලිනූල් ගසා සහින්නා වූ බැවින් කාලසුත්‍ර නරකය නම් වේ. මාපියන්ට හා මිතුරන්ට ද ගුණවත් මහණ බමුණන්ට ද අපරාධ කළවුන් එහි දුක් විඳින්නා හ.තාවතිංසයේ සම්පූර්ණ ආයුෂ මෙහි එක දවසකි. මිනිස් ලෝ ගණනින් අවරුදු තුන්කෝටි සැට ලක්ෂයක් මේ අපායට එක් දිනකි. එබඳු මාස වර්ෂ ආදියෙන් මෙහි පරමායු වර්ෂ දහසකි. මිනිස් වර්ෂ ගණනින් පරමායු අවුරුදු දොළොස් ලක්ෂ අනූදහස් අට කෝටියක් වේ. මිනිස් ලෝ උපන් කල දාගැබ් බින්දෝ ද, දා කරඬු මැකුවෝ ද, ධාතු සහිත පෙති පිළිම සිඳ බිඳ දැමුවෝ ද, සිල්වත් ගුණවතුන් මැරුවෝ ද පූජනීය වස්තු විනාශ කරන, පූජනීය ස්ථාන කෙලෙසන, ගරු කළ යුතු අයට හිරිහැර කරන අයත්, පස්පව් දස අකුසල් සිදු කරන අයත් මේ නිරයට වැටේ. මේ අපායෙහි ඉපිද කර්මය ගෙවෙනතාක් මහ දුක් විඳිමින් කල් යවති. කර්මය ගෙවුන දා චුත වෙති.

"https://si.wikipedia.org/w/index.php?title=කාළසුත්තය&oldid=470890" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි