කාව්‍ය ශාස්ත්‍රය (Poetry)
යම්කිසි වාක්‍ය සංයෝජනයක් පද්‍යයක් ලෙස ලිවීම කාව්‍ය ශාස්ත්‍රයයි. කාව්‍යයක් අලංකාර වර්ණනය, නිශ්චිත වචන භාවිතය හා උපමා යෙදීම මත නිර්මාණය වේ. ඒවා ප්‍රාතනි රටාවන් හෝ මාත්‍රා රටාවන් ආශ්‍රයෙන් නිමවෙන අතර එළිසමය සහිත හෝ රහිත ද විය හැක. කාව්‍ය ශාස්ත්‍රය යන්න කුමක්ද යන්න පිළිබඳව නිශ්චිතව අර්ථ දැක්විය නොහැකිය. සාමාන්‍යයෙන් වචන කිව්‍ය තුළ භාවිත වනුයේ ඒවායේ විධිමත් ලක්ෂණ ඉස්මතු වන අයුරිනි. මෙහි සඳැස රඳා පවතින්නේ කථනයේ එළිසමය හා මාත්‍රාව මතය. ඊ.ඊ. කමාස් වැනි නූතන කවියන් මෙලෙස වචන වල දෘශ්‍ය ස්වරූපය බහුලව යොදාගනී.
අනෙකුත් සාහිත්‍යයන් පෙර කාව්‍ය සාහිත්‍ය තුළද දක්නට ලැබිණි. සුමෙරියානු “Epic of Gilgamesh” (ක්‍රි.පු 2700) බයිබලයේ ඇතැම් කොටස්, හෝමර්ගේ IIliad සහ ඉන්දියානු රාමායනය සහ මහාභාරතය පැරණිතම කාව්‍ය සඳහා උදාහරණ ලෙස දැක්විය හැකිය. වාචික සම්ප්‍රදායන් මත පදනම් වු සංස්කෘතින් තුළ කාව්‍ය, ධාරණමය ක්‍රියාවලියක් දරයි. වැදගත් නීතිමය හෝ සදාචාරාත්මක ගද්‍ය මාලා පළමුව එළිදක්වන ලද්දේ, කලාකරුවන්ගේ සිතුවිලි ප්‍රකාශනයක් ලෙස කාව්‍ය භාවිතා වන බැවිනි.
ඇතැම් කාව්‍ය නිශ්චිත ආකෘතීන් දරයි. උදාහරණ ලෙස හයිකු (haiku), ලයිමෙරික් (limerick) හෝ සොනෙට් (sonnet) අකෘතීන් දැක්විය හැකිය. ජපන් භාෂාවෙන් රචිත හයිකු (haiku) ආකෘතිය ස්වභාව ධර්මය හා සම්බන්ධ වේ. එහි මාත්‍රා 17 බැගින් වූ පේලි 3 ක් හරහා කාණ්ඩ 5, 7 හා 5 ලෙසට පැතිරේ. ලයිමෙරික් (limerick) ආකෘතිය පේලි 5 කින් සමන්විතය. මෙහි එලිසමය AABBA ලෙස වන අතර කාල ප්‍රමාණයන් 3, 3, 2, 2, 3 යනුවෙන් මාත්‍රනය වේ. භාෂාව හා සම්ප්‍රදායන් මගින් කාව්‍ය ධර්ම අර්ථ දැක්වේ. පර්සියානු කාව්‍ය සැම විටම තාල ගැන්වේ.එහෙත් ග්‍රීක කාව්‍යයන්හි එලිසමය භාවිතා නොකෙර්. ඉතාලියානු හෝ ප්‍රංශ කාව්‍යයන්හි බොහෝ විට එලිසමය දක්නට ලැබේ. ඉංග්‍රීසි හා ජර්මානු කාව්‍යයන් මෙම දෙවර්ගයටම අයත් වේ. ශේපාපියස් හා මිල්ටන් වැනි කතුවරයන්ගේ නිර්මාණයන් හි භාවිතා වන iambic pentametre’ නම් ශෛලය, ඉංග්‍රිසි කාව්‍යයෙහි දක්නට ලැබෙන වඩාත්ම සුසමාදර්ශි ශෛලිය ලෙස හැඳින්විය හැකිය.
සමහර භාෂා වලින් රචිත කාව්‍යන්හි දිගු වැකි ද ,සමහරෙක දී කෙටි වැකි ද දක්නට ලැබේ. නිෂ්චිත භාෂාවක වාග් මාලාව හා ව්‍යාකරණ කිසියම් කාව්‍ය ආකෘතියක් තුළ යෙදීමේ ප්‍රතිඵලයක් ලෙස විවිධ කාව්‍යමය සම්මුතීන් ගොඩනැඟී ඇත. සමහර භාෂාවල දී එලිසමය වෙනත් කාව්‍යකට වඩා පැහැදිළිව දක්නට ලැබෙන අතර ඒවායේ දී දිගු වැකි භාවිතා වේ. ඓතිහාසිකමය අත්වැරදිම් නිසා ද තවත් කාව්‍ය ආකෘතිමය සම්මුතීන් ගොඩනැඟී ඇත. ඇතැම් ජනප්‍රිය කවියන් භාවිතා කළ ආකෘතීන් ද පසුකලෙක දී සම්මුතියක් ලෙස ප්‍රචලිත වී ඇත. සම්ප්‍රදායිකව නාට්‍ය කලාව ද පද්‍යමය ස්වභාවයකින් යුක්ත වේ. එහෙත් වර්තමානයේදී ඔපෙරාවන් හා සංගීතමය නාට්‍යය වලින් පිටත මෙම ලක්ෂණය භාවිතා නොවේ. නුතන යුගයේ 'ඩිජිටල් කාව්‍ය' (Digital poetry) ජනප්‍රිය ව පවතින අතර, එය මෙකල පවතින ඩිජිටල් මාධ්‍යයේ කලාත්මක, ප්‍රචාරාත්මක සහ සංශ්ලේෂී ගුණාංග මත පදනම් වී ඇත.
සටහන්
සංස්කරණයLiterature Poetry |