කාර්මික සබඳතා
ව්‍යාකරණ, ශෛලිය, සංගතිය, ස්වාස්ථය හෝ අක්ෂර වින්‍යාසය අරභයා මෙම පිටුව විෂයයෙහි පිටපත-සංස්කරණය සිදු කිරීම අවශ්‍ය බව පෙනේ. |
කාර්මික සබඳතා (ශ්‍රම සබඳතා) (ඉංග්‍රීසි: industrial relations, labor relations) යන විෂය කළමණාකරනය සහ සේවකයින් විශේෂයෙන්ම වෘත්තීය සමිතියක් මගින් නියෝජනය වන කණ්ඩායම් අතර සබඳතා විමසයි.
ශ්රම සබඳතා ”විවිධ වර්ගවල ධනවාදය” විශ්ලේෂණය කිරීමේ වැදගත් සාධකයකි. නව සංස්ථාකරණය (නැතිනම් සමාගම්ගතවීම) සමාජවාදී ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ සහ නව ලිබරල්වාදයේ (හෝ ලිබරල්වාදය) වැනි දෑ ඊට අඩංගුවේ.
ශ‍්‍රම සබඳතා මට්ටම් කීපයක පවත්වාගෙන යා හැක. එනම් කර්මාන්තාශාලවේ එසේත් නැතිනම් දේශීය වශයෙන් හෝ ජාතික වශයෙන්ද පවත්වාගෙන යා හැක. මෙම මට්ටම් අතර විහිදී තිබෙන බලය ආර්ථිකය ශ‍්‍රිත වන ආකාරය බොහෝ සෙයින් හැඩගැන්විය හැක.
තවත් වැදගත් ප‍්‍රශ්නයක් වන්නේ ශ‍්‍රම සබඳතා ගත්විට එය වෙනස්වීම්වලට අනුකරණය වීමේ හැකියාවයි. මෙම වෙනස්වීම තාක්ෂණික විය හැක. (උදාහරණයකට ”ජනගහණයෙන් අඩකට සේවා නියුක්තියක් සපයන කාර්මික ආයතනයක් යල්පැන්න විට). ආර්ථික (උදාහරණයකට ”ගෝලීයකරණයට අපි හැඩගැසෙන්නේ කෙසේද?). එසේත් නැතිනම් මේවා දේශපාලනය විය හැක (උදාහරණයකට ”කොතෙක් දුරට එක්තරා පක්ෂයක් හෝ සන්ධානයක් බලයෙහි සිටීම ක‍්‍රමයේ පැවැත්මට කොතෙක්දුරට බලපායිද?).
නීති පැනවීමෙන් සහ පාලන ක‍්‍රම ඇති කිරීමෙන් රජයන් ශ‍්‍රම සබඳතාවලට රාමුවක් සපයයි. සාමාන්‍යයෙන් සේවා නියුක්ත නීතිය අවම වැටුප්, අසාධාරණ අස්කිරීම් වැනිදේ ආවරණය කරයි.
ඕස්ට්‍රේලියාවේ දී කාර්මික සබඳතාවලට ව්‍යවහාරයේ යෙදෙන වදන නම් වැඩපළේ සබඳතාය. මෙය 2006 දී කැපීපෙනෙන ගැටළුවක් බවට පත්වී තිබුණේ සන්ධාන රජය මගින් හඳුන්වාදුන් වැඩ තෝරාගැනීමේ ප‍්‍රතිපත්තිය හඳුන්වා දුන් නිසයි. එය ශ‍්‍රම වෙළඳපල තවදුරටත් පාලනය අඩුකිරීමක් විය.
පර්යාදර්ශී න්‍යායන්
සංස්කරණයකාර්මික සම්බන්ධතා සැලකිල්ලට ගන්නාවිට ප‍්‍රධාන දෘෂ්ටිකෝණ තුනක් තිබේ. ඔවුන්ගේ වැඩපළේ සබඳතාවල ස්වභාවය තේරුම්ගැනීමේ පිවිසුම්මාර්ග කැපීපෙනෙන ආකාරයෙන් වෙනස්ය. මෙම දර්ශන තුළ සාමාන්‍යයෙන් විස්තර කෙරෙන්නේ ඒකීය බහුවිධතා සහ මාක්ස්වාදී දෘෂ්ටිකෝණ ලෙසයි. මාක්ස්වාදී දෘෂ්ටිකෝණය සමහර අවස්ථාවලදී ගැටුම්කාරී ආකෘති සේ දකී. මෙම න්‍යායන් එක්තරා වැඩපල සබඳතා ගැන දර්ශනයක් ඉදිරිපත් කරයි. ඔවුන් එවැනි සිදුවීම් පරිවර්තනය කරගන්නේ වැඩපලේ ගැටුම්කාරී තත්ත්වයන්, වෘත්තීය සමිතිවල කාර්ය සහ රැකියා පරිපාලනය යන විවිධාකාරයෙන්ය.
ඒකීය දර්ශනය
සංස්කරණයඒකීයවාදයේ සංවිධානය දකින්නේ සමෝධානය වූ මිත‍්‍රශීලී සමස්තයක් ලෙසය. එහි පරමාදර්ශය වන්නේ ”සතුටු පවුලයි”. මෙහිදී කළමනාකරණය වෙනත් සේවා සාමාජිකයින්ද එක්තරා පොදු අරමුණක් බෙදාහදා ගනියි. අවධාරණය වන්නේ ද්විපාර්ශවීය සහයෝගයයි. තවදුරටත් ඒකීයවාදයට පීතෲ මූලික පිවිසුමක්ද ඇත. එමගින් සියලූ සේවකයන්ගේ ලැදියාව ඉල්ලූම් කරයි. එහි අවදානයත් යෙදවීමත් ප‍්‍රධාන වශයෙන් කලමනාකරණයයි.
ඉන්පසුව වෘත්තීය සමිති අනවශ්‍ය ලෙස සැලකේ. ඊට හේතුව වෘත්තීය සමිතිවලට තිබෙන ලැදියාවත් සංවිධානයට තිබෙන ලැදියාවත් එකට පවත්වාගෙන යා නොහැක. එමනිසා කර්මාන්තයේ පාර්ශව දෙකක් තබාගෙන යා නොහැක. ගැටුම් දකින්නේ විනාශකාරී එසේත් නැතිනම් එය පොළඹවන්නන්ගේ තිබෙන රෝගී ත්ත්වයක් එසේත් නැතිනම් පෞද්ගලික ගැටුමක් එසේත් නැතිනම් සන්නිවේදන මාර්ග බිඳවැටීමක් අනුවය.
බහුත්වවාදී දර්ශනය
සංස්කරණයබහුත්වවාදී දර්ශනය තුළ සංවිධානයක් දකින්නේ බලවත් සහ වෙනස් උපකණ්ඩායම්වලින් සෑදී තිබෙන සහ එම කණ්ඩායම්වලට නිත්‍ය ලැදියාවක් තිබෙන සහ ඔවුන්ගේම ඉලක්කයන් සහ නායකයින් සිටින යන ආකරයටය. විශේෂයෙන්ම ප‍්‍රධානතම උපකණ්ඩායම් දෙක වන්නේ මෙම බහුත්වවාදී දර්ශනය තුළ කළමනාකාරීත්වයත් වෘත්තීය සිමිතිත්ය. ඉන් පසුව කළමනාකාරීත්වයේ භූමිකාව වන්නේ පාලනය කි‍්‍රයාත්මක කිරීමට වඩා පහදාදීමත් සම්බන්ධීකරණය කිරීමත්ය. වෘත්තීය සමිති දකින්නේ සේවකයන්ගේ නීතිමය නියෝජිතයන් ලෙසය. ගැටුම් නිරාකරණය කරගන්නේ සාමූහික කේවල් කිරීමෙන් සහ ඒ දර්ශනය වන්නේ නරක අර්ථයක් නොදෙන ආකාරයටය. එය කළමනාකරණය කරගැනීම හැකි වුවහොත් එය ධනාත්මක වෙනස්වීම් ලෙසට පරිනාමය වන් බවත් ගමන් කරන බවත් පිළිගැනේ.
මාක්ස්වාදී දෘෂ්ටිකෝණය
සංස්කරණයමෙම කාර්මික සබඳතා දර්ශනය ධනවාදී සමාජයක ස්වභාවය දකින්නේ ශ‍්‍රමයත් ප‍්‍රාග්ධනයත් අතර කැපීපෙනෙන මූලධාර්මික වෙනස පසුබිම් කොටගත් වැඩපළේ සබඳතාවන්ය. මෙම දර්ශනය බලයේත් ආර්ථික වත්මේත් අසමානතා ධනවාදී ආර්ථික ක‍්‍රමයක තුළ මුල්බැස ඇති එකක් සේය. එම නිසා ගැටුම්කාරී තත්ත්ව නොවැලැක්විය හැක. ප‍්‍රාග්ධනය මගින් සූරාකෑමට ලක්වන සේවකයින්ගේ ස්වාභාවික ප‍්‍රතිචාරයක් ලෙස වෘත්තීය සමිති මතුවේ. එක්වීමේ වකවානු තිබුණත් මාක්සිස් දර්ශනය දකින්නේ ආයතනය මගින් එකඟවී පාලනය කළමනාකාරීත්වය තවත් ශක්තිමත් කරන ආකාරයක් මිස ඒ වෙනුවට එහි සීමාවීමක් සිදුනොවේ. එම එකඟත්වයෙන් පෙන්නුම් කරන්නේ ධනවාදය තවදුරටත් ඉදිරියට යන බවත් එයට අභියෝගයක් නොවන බවත්ය.
References
සංස්කරණයhttp://en.wikipedia.org/wiki/Industrial_relations#Marxist_Perspective
මූලාශ්‍ර
සංස්කරණයhttp://en.wikipedia.org/wiki/Industrial_relations#Perspective_theories
References
සංස්කරණයhttp://en.wikipedia.org/wiki/Industrial_relations#Perspective_theories