කාර්මික කෘෂිකාර්මාන්ත ඓතිහාසික සංවර්ධනය හා අනාගත කටයුතු

කාර්මික කෘෂිකාර්මාන්තයේ උපත කාර්මික විප්ලවයත් සමඟ එකට පෑහී ඇත. නයිට්‍රජන් හා පොස්පරස් නම් ශාක වර්ධනයට අවශ්‍ය ප්‍රධාන සාධක හඳුනාගැනීම කෘතිම පොහොර නිෂ්පාදනන් කිරීමට වඩා ලෙස කෘෂිකාර්මාන්තයට ඉවහල් විය. සත්ත්ව පෝෂණයට අවශ්‍ය වන විටමින් වර්ග, 20 වන ශතවර්ෂයේ පළමු දශක දෙක තුළ සොයාගැනීම සිදු විය. ඒ සමඟම 1920 දී සමහර පශුසම්පත් ගෙතුළ වර්ධනය කිරීමටත්, අවශ්‍යය විටමින් අතිරික්ත ලබාදීමටත් උදව්විය. ප්‍රතිජීවකයන් (antibiotics) හා එන්නත් වල සොයා ගැනීම පශුසම්පත් වර්ධනයටත්, රෝග අඩු කිරීමටත් ඉවහල් විය. දෙවන ලෝක යුද්ධයට අවශ්‍ය ‍රසායන ද්‍රව්‍යය දියුණු කිරීම කෘතීම කෘමිනාශක මතුවීමට හේතුවිය. නැව් ජාල හා තාක්ෂණයේ වර්ධනයන් ඈත ප්‍රදේශ වලට කෘෂිකාර්මික නිෂ්පාදන බෙදාහැරීම පහසු කරවීය.

කාර්මික කෘෂිකාර්මාන්ත ඓතිහාසික සංවර්ධනය හා අනාගත කටයුතු


1820 හා 1975 අතර ලොව වටා කෘෂිකාර්මික නිෂ්පාදනය දෙගුණය වී ඇත. එමඟින් 1800 දී බිලියනයක් පමණ‍‍ලෝක ජනගහනයකට ද, 2002 වන විට බිලියන 2.2 පමණ ‍ලෝක ජනගහනයකටද, පෝෂණය සැපයීමත් සිදුවී ඇත. එම කාල පරිච්ඡේදය තුළම ගොවිතැනේ නියුක්ත පිරිස් ප්‍රමාණයේ වැටීමක්, ක්‍රියාවලිය ස්වයංක්‍රීය බවට පත්වීම නිසා සිදුවිය. 1920 දී 24% පමණ ඇමරිකානු ජනතාවක් කෘෂිකාර්මාන්තයේ යෙදී සිටි අතර, එය 2002 වන විට 1.5% පමණ විය. 1940 දී සෑම ‍ගොවිපල සේවකයකුම පරිභෝජකයන් 11 කට සැපයීම කල අතර, 2002 දී එක් අයකු පරිභෝජකයන් 90 කට සැපයීම කරන ලදී. ගොවිපල ගණන ද පහත වැටිණ. ඇමරිකාව තුල ආයතන 4 ක් 81% පමණ එළදෙනුන්ද, 73% පමණ බැටළුවන් ද, 57% පමණ ඌරන්ද, 50% පමණ කුකුලන්ද මරණ බව වාර්තා විය. ඇමරිකානු ඌරු මස් නිෂ්පාදකයන්ගේ සංගමයට අනුව 1967 දී ඇමරිකාවේ ඌරු ගොවිපල මිලියන 1 ක් ද, 2002 වන විට එය 114,000 සමඟ වසරකට ඌරන් මිලියන 80 පමණ මැරීමක් සිදු වූ බව වාර්තා විය. "වර්ල්ඩ් වොච් ආයතනය" (World watch Institute) වලට අනුව, 74% පමණ ලෝක කුකුල් නිෂ්පාදනයද, 43% පමණ හරක් මස් නිෂ්පාදනයද, 68% පමණ බිත්තර නිෂ්පාදනයද මේ ආකාරයටම සිදුවේ.


හඩ්සන් ආයතනයේ (Hudson Institute) ඩෙනිස් ඇවෙරිට අනුව 1990 වර්ෂවලදී ආසියාව ඌරුමස් පරිභෝජනය මිලියන 18 කින් වැඩි ‍කළේය. 1997 වන විට ලෝකයේ ඌරන් සංචිත (stocks) මිලියන 900 ක් පැවති අතර, එය 2050 වනවිට බිලියන 2.5 දක්වා වැඩිවනු ඇතැයි ඇවරි අනුමාන කරයි. බර්ක්ලිහි කැලිෆෝනියා විශ්වවිද්‍යාලයේ ස්වභාවික සම්පත් විද්‍යාලයේදී ඔහු පවසා සිටියේ ඉන්පසුව වසරක් පාසා බිලියන 3 ක ඌරන් ප්‍රමාණයක් අවශ්‍ය වන බවයි.


බ්‍රිතාන්‍යය කෘෂිකාර්මික විප්ලවය සංස්කරණය

බ්‍රිතාන්‍යය කාෂිකාර්මික විප්ලවය යනු 16 වන හා 19 ශතවර්ෂ අතර කාලයේ බ්‍රිතාන්‍යයේ පැවති කෘෂිකාර්මික ඵලදායිතාවයේ හා නිපැයුම්වල අධික වර්ධනයක් සිදුවූ කාල පරිච්ඡේදයකි. මෙය පෙර නොදුටු ආකාරයේ ජනගහන වර්ධනයක් වූ අතර, සේවක බලකායේ සැලකිය යුතු ප්‍රතිශතයක නිදහස් වීම නිසා, කාර්මික විප්ලවයටද පණ පෙවීය. මෙය කෙසේ සිදුවූවාද යන්න හරියටම පැහැදිලි නැත. මෑත දශක වලදී, ඉතිහාසඥයන් කෘෂිකාර්මික භාවිතාවල ප්‍රධාන වෙනස්කම් 4 ක් පෙන්වා දෙති. ඒවා නම් කොරටුව (enclosure) , යාන්ත්‍රිකකරණය (mechanization), ක්ෂේත්‍ර හතරේ භෝග මාරුව, තෝරා බෝකිරීම යන්න වේ.


සටහන් සංස්කරණය

මෙම ලිපිය ඉංග්‍රීසි විකිපීඩීයාව ආශ්‍රයෙන් සිංහල භාෂාවට පරිවර්තනය කරන ලද්දකි.

සැලකිය යුතුයි : මෙම පරිවර්තන කාලය තුල ඉංග්‍රීසි විකිපීඩීයාව වෙනස් වී තිබිය හැක.

Industrial agriculture Historical development and future prospects