කාන්තා මෞත්‍ර සහායක උපාංග

කාන්තා මෞත්‍ර සහායක උපාංග හෙවත් female urination device නැතිනම් stand-to-pee-device (STP) යනු කාන්තාවන්ට (ඇදුම් ඉවත් කිරීමකින් තොර ව) කෙළින් සිටගෙන මුත්‍රා කිරීම පහසු කිරීම පිණිස නිර්මාණය කර ඇති පුනීල හැඩැති උපාංගයකි. [1] වරක් භාවිත කර ඉවත දැමිය හැකි සරළ පුනීලවල පටන් නැවත නැවත භාවිත කළ හැකි සැකසූ උපාංග දක්වා විවිධ නිෂ්පාදන වෙළදපොළෙහි ඇත. දුර ගමන් බිමන්/සංචාර, ක්‍රීඩා, කදවුරු, සැණකෙළි වැනි වැසිකිළි පහසුකම් සපයා ගත නොහැකි එළිමහන් අවස්ථාවල දී මේ උපාංග කාන්තාවන්ට පහසුවක් අත් කර දී තිබේ. මේවා ප්ලාස්ටික්, රබර්, සිලිකන් සහ කඩදාසි වැනි විවිධ දුව්‍යවලින් සාදා ඇති කුඩා පුනීල හෝ නාල වන අතර සිටගෙන, ස්ත්‍රී ලිංගික ප්‍රදේශයට ස්පර්ශකර තබාගෙන ඒ තුළින් මුත්‍රා කළ හැකි ය.

Fusionella, a device to assist women to urinate standing up

කාන්තා මෞත්‍ර සහායක උපාංගවල ජනප්‍රියත්වය 1990 ගණන්වල සිට ඉහළ ගොස් ඇති අතර 2005 සිට විවිධ සුවිශේෂතාවලින් යුතු උපාංග ගණනාවක් ම වෙළදපොළට පැමිණ තිබේ.

1996 ප්‍රංශයේ දී නිෂ්පාදනය කෙරුණු Urinelle ප්‍රධාන දහරාවේ වාණිජ නිෂ්පාදනයක් බවට පත් වූ මෙවැනි පළමු උපාංගය වුවත් 1922 තරම් ඈතක පටන් භාවිත කළ ඉවත දැමිය හැකි කාන්තා මෞත්‍ර සහායක උපාංග සදහා පේටන්ට් බලපත්‍ර ලබාගෙන තිබුණි.[2]

1918 දී ඊඩිත් ලැසී විසින් විසින් ලියාපදිංචිය සදහා ඉදිරිපත් කළ Sanitary Protector නමැති මෙවැනි පළමු උපාංගය ඉදිරිපත් කිරීමේ දී "වරක් පමණක් භාවිත කළ හැකි, ලාභදායී උපාංගයක්" ලෙසත් "පොදු වැසිකිළි තුළ සෙඛ්‍යාරක්ෂාව පිණිස භාවිතා කිරීමට විශේෂයෙන් සුදුසු" බවත් සදහන් කෙරුණි.[3] "මෙය යොදාගනිමින් මුත්‍රා කිරීමේ දී භාවිත කරන්නියට වැසිකිළි අසුන මත හිදගැනීමට අවශ්‍ය නොවන අතර ඇගේ සිරුර, ඇදුම් හෝ වැසිකිළි අසුන තෙමීමේ අවදානමකින් තොර ව මෙතුළින් මුත්‍ර බැහැර වන" බව ඇය සටහන් කළා ය. මෙය "භාවිතයෙන් පසු ඉවත දැමිය හැකි වන පරිදි ඝණ කඩදාසියක් වැනි පහසුවෙන් විනාශවනසුලු ද්‍රව්‍යයකින් තැනිය යුතු" වන බවත් සදහන් කර සිටියා ය.

කෙසේනමුත් මේ උපාංග භාවිතයෙන් තොර වුව ද, මහපටැගිල්ල සහ දබරැගිල්ල ආධාරයෙන් යෝනි තොල් දෙපසට කර මුත්‍ර දහරාව මෙහෙයවීමෙන් ඇදුම් ඉවත් කිරීමකින් තොර ව සහ සිටගෙන මුත්‍රා කිරීමට කාන්තාවන්ට හැකියාව ඇත.[4][5]

මේවා ද බලන්න සංස්කරණය

ආශ්‍රිත නාමාවලිය සංස්කරණය

  1. "Women Can 'Go' Like Men Now!". Archived from the original on 11 October 2009. සම්ප්‍රවේශය 11 October 2009.{{cite web}}: CS1 maint: bot: original URL status unknown (link), ABC 2 News, Maryland, 3 September 2009
  2. Urinelle - the urination funnel for women
  3. US Patent 1407872 Sanitary Protector (February 1922)
  4. Carol Olmert. Bathrooms Make me Nervous. 2008. p.121
  5. "A Woman's Guide on How to Pee Standing". 4 June 2003 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී.