කාන්තාව හා සංවර්ධනය
සංවර්ධනය තුළ කාන්තාව - WID (Women in Development).
1970 ගණන් වනවිට විශාල වශයෙන් ස්ත්‍රී වාදයට හා කාන්තාව පිළිබඳ උනන්දුවක් දැක්වු අය සංවර්ධන එළඹුම් පිලිබඳව විවේචනය කරන්නට විය. 70 ගණන් වනවිට එක්සත් ජාතීන්ගේ මණ්ඩලයටද මෙම විවේචන ඉදිරිපත් වීම හඳුනාගත හැකිවේ.එයට හේතුව වූයේ එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන්වලින් කාන්තාව හුදෙකලා වී තිබීමයි. මේ නිසා කාන්තාව හා සංවර්ධනය පිලිබඳව උනන්දුවක් හා පර්යේෂණ ව්‍යාපෘති ආරම්භ කිරීමේ උනන්දුවක් ඇතිවීම සුවිශේෂී වේ.මේ නිසා කාන්තාව හා සංවර්ධනය යන ප්‍රතිපත්තිමය එළඹුම කයාත්මක විය.මෙම එළඹුමේ දී පළමු ලෝකයේ කාන්තාවන් සමනාත්මතාවය අපේක්ෂා කළ අතර තුන්වන ලෝකයේ කාන්තාවන්ට තිබූ සුවිශේෂි ගැටලුව වූයේ සංවර්ධනයයි.කෙසේ වුවද මෙම සියලුම එළඹුම් මගින් කාන්තාවන්ගේ අවශ්යසතාවයන් හා සුවිශේෂී ප්රෙශ්න පිළිබඳව අවධානය යොමුකිරීම වැදගත් වේ.කාන්තාවන්ගේ අභිවෘද්ධිය වෙනුවෙන් ඇය සංවර්ධනයේදී දෘශ්යේමාන කළ යුතුය යන්න ස්තවාදී ව්යාෙපාරයේ ප්රුධාන තේමාවක් විය.දෙවනුව කාන්තාව සංවර්ධන කාර්යයන් දදහා යොදානොගන්මින් ඇය පුරැෂයා හරහා යම් යම් ප්ර්තිලාබ ලැබිය යුතුය යන සමාජ ආකල්පය වෙනස් කිරීමට උත්සාහ ගැණුනි.කාන්තාව සුබසාධනය ලැබිය යුතු අයෙකු නොවේ ඇයද ඉතිහාසයේ යම් සුව්ශේෂි අවස්ථාවන්හිදී පවා ආර්ථික කාර්යයන් සඳහා වැදගත් දායකත්වයක් සැපයීය.මේ නිසා කාන්තාව හඳුනාගත යුත්තේ ආර්ථික වශයෙන් පෙරටුගාමී චරිතයක් රඟදැක්විය හැකි කෙනෙකු වශයෙනි.
ස්ත්‍රී පුරුෂ සමාජභාවය හා සංවර්ධනය (GAD – Gender and Development ) යන ප්ර තිපත්තිමය එළඹුම දෙවනුව වැදගත් වේ.එමගින් පවසන්නේ කාන්තාව පිළිබදව පවතින ප්රතශ්නය ඇය ගැන පමණක් සැලකිමෙන් විසදිය නොහැකි බවයි.මේ නිසා කාන්තාව හා පුරුෂයා යන දෙදෙනාම ඇතුළත් සමාජයීය පර්යයායක් ගොඩනැගිය යුතුය.මෙය කරුණු දෙකක් යටතේ හදුනාගත හැකිය.
- Practical Gender Needs - ප්‍රායෝගික ස්ත්‍රී පුරුෂ සමාජභාවීය අවශ්‍යතා
- Strategical Gender Needs - උපාය මාර්ගික ස්ත්‍රී පුරුෂ සමාජභාවීය අවශ්‍යතා
මෙහිදි කාන්තා ක්‍රියාකාරීන්ගේ තර්කය වන්නේ ඉහත අවශ්‍යතා දෙකම සම්පූර්ණ කරගැනීම මගින් පමණක් කාන්තා ගැටලුවට අවශ්‍ය පියවර ගත හැකි බවයි.කාන්තාවට සුවිශේෂී වූ කාර්යයන් සදහා පහසුකම් සලසන අතරම කාන්තාව දිරි ගන්වමින් ඇයගේ අභිවෘද්ධිය සදහා සමාජයීය වෙනස්කම් සිදුකළ යුතුය
කාන්තා සවිය හා සංවර්ධනය - මහාචාර්ය කුසුමා කරුණාරත්න මහත්මියගේ ලිපියක් ඇසුරෙනි
කාලයාගේ ඇවෑමෙන් විද්‍යාවේ හා තාක්‍ෂණයේ දියුණුවත් සමඟ සන්නිවේදනයේ ප්‍රගමනය ද එකතුවීමෙන් ගැහැනිය ද මිනිසා තරම්ම ඥාණවන්ත වූද දක්ෂතාවලින් පරිපූර්ණ වූවාද පමණක් නොව ඇතැම් අංශවලින් පිරිමියාටත් වඩා ශක්ති සම්පන්න වූ පුද්ගල කොට්ඨාසයක් බව තහවුරු වී ඇත. ගැහැනිය සතුව පවතින දරා ගැනීමේ ශක්තිය ජීව විද්‍යාත්මක මෙන්ම ඇය වෙත පැවරී ඇති කාර්යභාරය අනුව ද වඩාත් ප්‍රකට වේ. බුදු දහම අනුව ස්ත්‍රිය හා පුරුෂයා වෙන වෙනම හඳුන්වා දී ඇතත් ඉන් එක කොටසකුදු අනිත් පක්ෂයට වඩා උසස් ලෙස සඳහන් කර නොමැත. පැරැණි සමාජවල පැවැති ආකල්ප සමඟ සසඳන විට වර්තමාන සමාජයේ කාන්තාව පිරිමින් සමඟ කරට කර සිටිමින් සමාජ සංවර්ධනයෙහිලා මහඟු දායකත්වයක් සපයන පිරිසක් බව අවිවාදයෙන් පිළිගැනෙන්නකි. එකල පුරුෂ පක්ෂයට පමණක් සීමාවූ විවිධ වෘත්තීන්හි අද යෙදෙමින් නූතන කාන්තාව ඒ බව නිසි පරිදි සනාත කර ඇත. සහජයෙන් ලැබෙන ඥාණවන්ත භාවය අතින් හෝ විවිධ ක්ෂේත්‍රයන්හි හා විවිධ කාර්යයන්හි පුරුෂ පක්ෂයට සරිලන සේ කුසලතා ප්‍රදර්ශනය කිරීම අතින්ද අද කාන්තාව සමාජයේ ඉදිරියටම ගොස් ඇත. සම්ප්‍රදායික ආකල්ප අනුව ගැහැනියකට පැවරී ඇති කාර්යය කොටස්ද නොපිරිහෙළා ඉටුකරන අතරම විවිධ මට්ටමේ රැකියාවන්හිද නිරත වෙමින් දෙආකාර භූමිකාවන්හි සාර්ථක ලෙස නියැළී සිටින කාන්තාවෝ අද බහුල වෙති. එමඟින් මුලින්ම තම පවුලේ අනාගත දියුණුව සඳහා ද ඒ සමඟම පොදුවේ රටේ සංවර්ධනය උදෙසා ද ඔවුන් අතින් ඉටුවන මෙහෙවර අනභිභවනීය බව පැවසීමට අපි මැළිවිය යුතු නොවන්නෙමු.