ක්ෂේත්‍ර ගැඹුර
ප්‍රකාශ විද්‍යාවේ දී (විශේෂයෙන් එය චිත්‍රපට හා ඡායාරූප ශිල්පයට සම්බන්ධ වන විට) ක්ෂේත්‍ර ගැඹුර (DOF) යනු රූපයේ තියුණු ලෙස පෙනෙන දර්ශන කොටසයි. කාචයකට නියමාකාරයෙන් නාභිගත කළ හැක්කේ යම් එක් දුරක් පමණක් වුවත් නාභිගත කළ දුරෙන් දෙපසට වන දුරවල්වලදී තියුණු බව ක්‍රමයෙන් අඩු වේ. එමනිසා DOF තුළ දී සාමාන්‍ය දර්ශන තත්ත්ව යටතේ දී තියුණු නොවීම අදෘශ්‍යමාන වේ.
භූ දර්ශන වැනි සමහරක් රූපවලදී විශාල DOF සුදුසු වන අතර අනෙක් කාර්යයන්හි දී ආලේඛ වැනි කුඩා DOF යොදා ගැනීම වඩාත් යෝග්‍ය වේ.
DOF නිර්ණය කරනු ලබන්නේ වස්තු දුර, කාචයේ නාභීය දුර හා කාචයේ f අංකය (සාපේක්ෂ විවරය) මතය. සමීප දුරවලදී හැර DOF දළ වශයෙන් නිර්ණය කරනු ලබන්නේ වස්තු විශාලනය හා කාචයේ නාභීය දුර මතය. දී ඇති නාභීය දුරක් සඳහා වස්තුව සමීපයට චලනය කිරීමෙන් හෝ වැඩි නාභීය දුරක් සහිත කාචයක් යොදා ගැනීමෙන් විශාලනය ඉහළ නැංවීමෙන් DOF අඩු වන අතර විශාලනය අඩු කිරීමෙන් DOF වැඩි වේ. දී ඇති වස්තු විශාලනයක් සඳහා f අංකය ඉහළ නැංවීම (විවර විෂ්කම්භය අඩු කිරීම) DOF වැඩි කරයි. f අංකය පහළ දැමීම DOF ද පහළ දමයි.
නාභිගත කිරීම අති නාභි දුරකට සකස් කළ විට අති නාභි දුරෙන් අර්ධයක සිට අනන්තය දක්වා DOF ව්‍යාප්ත වේ. මෙය දී ඇති f අංකයක් සඳහා තිබිය හැකි විශාලම DOF වේ.
ඡායාරූපකරණයේ ඩිජිටල් තාක්ෂණය හඳුන්වාදීම මඟින් රූපයේ තියුණු බව පාලනය කිරීමට අතිරේක ක්‍රම සපයා දී තිබේ. සමහරක් ක්‍රම සාම්ප්‍රදායික ක්‍රමවලින් කිසිසේත් කළ නොහැකි DOF සඳහා ඉඩ ලබා දෙන අතර සමහරක් රූපය නිපදවීමෙන් පසු DOF තීරණය කිරීමට ඉඩ ලබා දේ.