ක්‍රීඩා කණ්ඩායම්, ලීගයන් හා ක්‍රීඩා ඉසව් වැනි ක්‍රීඩා නිෂ්පාදන සහ ක්‍රීඩා නොවන නිෂ්පාදන (උදා: සිගරට්, බීර, දුරකථන සේවා) ආදිය විකිණීම සඳහා අලෙවි මුලධර්ම සහ එවා ක්‍රියා‍ෙව් යෙදවීම ස්පෝර්ට් මාකටින් (එක්සත් ජනපදයේදී නම්: ස්පෝර්ට්ස් මාකටින් - Sports marketing) නැතහොත් "ක්‍රිඩා අලෙවිය" යන යෙදුමෙන් හැඳින්වේ. මෙම අලෙවි ක්‍රියාවලිය ක්‍රීඩාව සමඟ විවිධ ආයතන හරහා සිදුවේ.

ක්‍රීඩාව අලෙවිය

වෘත්තිය පුහුණුකරුවන් සහ ක්‍රීඩකයින් උදෙසා ගණු දෙනු හා කොන්ත්‍රාත් කළමණාකරනය කළ පළමු ක්‍රීඩා කළමණාකරන ආයතනයන් බිහි වීම ඇරඹුනේ 1960 දශකයේ සහ 1970 දශකයේ මුල් භාගයේදිය. ඒ මාර්ක් මැක්කොමැක්ගේ ඉන්ටර්නැෂනල් මැනේජ්මන්ට් ගෲප් (IMC), බොබ් වුල්ෆ් (වුල්ෆ් ඇසෝසියේෂන්) සහ ඩොනල්ඩ් ඩෙල්ගේ ප්‍රොසර්ව් (proserv) ආයතන සමගිනි.

ස්වීඩනයේ වර්ල්ඩ්ස් ක්ලාස් ඉවෙන්ට්ස් මගින් ක්‍රීඩා අලෙවියේ සාර්ථක සහ නව හැඩයක් වූ "ලොකයේ ශක්තිමත්ම මිනිසා සුපර් තරඟාවලිය" ක්‍රියාත්මක කරයි.

මෙයට සමානව ප්‍රථම පූර්ණ සේවා ක්‍රීඩා අලෙවි ව්‍යාපාර සහ අනුග්‍රාහකත්ව නියෝජිතායතනයන් 1970 ගණන් වල මැදභාගයේ දී මිලිස්පෝර්ට් LLS (දැනට මාර්කටින් ආර්ට්හි එක් පාර්ශවයක්) සහ ප්‍රොසර්ව් සමග ආරම්භ කෙරුනේය. මෙය ක්‍රීඩකයන් කළමණාකරනයෙන් ඔබ්බට ක්‍රීඩා තරඟ සහ අනුග්‍රාහකයින් සමඟ ගණුදෙනු කිරීම දක්වා පුළුල් විය.

ක්‍රීඩා වෙළඳාමේ අති විශාල වර්ධනයක් සිදු වූයේ 1984 ලොස් ඇන්ජලීස් හි පැවැත්වුනු ගිම්හාන ඔලිම්පික් උළෙල සමඟිනි. එහිදී අනුග්‍රාහකයින් ඔවුන්ගේ වෙළඳ භාණ්ඩ විකිණීම සඳහා එය වේදිකාවක් කර ගත්හ. උදාහරණයක් වශයෙන් කොකාකෝලා සමාගම ඩොලර් මිලියන 30 කට ආසන්න මුදලක් ඔවුන්ගේ නිල අනුග්‍රාහකත්වය වෙනුවෙන් වැය කළහ.

1984 ඔලිම්පික් උළෙලේ ප්‍රධාන සංවිධායක වූ පීටර් උබෙරොත් (Perer Ueberroth) ක්‍රිඩාව අලෙවි කිරීමේ ඇති බලය ප්‍රදර්ශනය කිරීම සම්බන්ධයෙන් අගැයීමට පාත්‍ර වන පුද්ගලයෙකු විය. ඔහු ඊට පෙර ට්‍රාන්ස් ඉන්ටර්නැෂනල් එයාර් ලයින් සහ ට්‍රාන්ස්පොරේෂන් කොන්සල්ටන්ට්ස් හි ජ්‍යෙෂ්ඨ විධායක නිලධාරී තනතුර ඉසිලුවේය. ඔලිම්පික් වලින් පසු උබෙරොත් මේජර් ලිග් බේස්බෝල් (1984-89) හි කොමසාරිස් ලෙස සේවය කළේය. වර්තමානයේ එක්සත් ජනපද ඔලිම්පික් කමිටුවේ මණ්ඩල ප්‍රධානියා ලෙස සේවය කරයි.

කර්මාන්ත ව්‍යාපාර සම්බන්ධ ප්‍රකාශනයක් වූ ස්පෝට්ස් බිස්නස් ජර්නල් නම් ප්‍රකාශනයට අනුව අද කාලයේ ක්‍රීඩාව අලෙවි කිරීම යනු ඩොලර් බිලියන 250 ක් වටිනා කර්මාන්තයකි. ක්‍රීඩා අලෙවිය නමැති ව්‍යාපාරයට ක්‍රීඩා සම්බන්ධ දැන්වීම්, ක්‍රීඩකයන් නිර්දේශ කිරීම, පහසුකම් ගොඩනැංවීම, ක්‍රීඩා උපකරන සහ බලපත්‍ර ලත් වෙළඳ භාණ්ඩ, ක්‍රීඩා තරඟ ඉසව් කළමණාකරණය සහ අලෙවි සේවා, අනුග්‍රාහකත්වය සහ ප්‍රවේශ පත්‍ර විකිණීම, මාධ්‍ය ප්‍රචාරණ අයිතීන්, සහ ක්‍රීඩාවට සම්බන්ධ වෙබ් අඩවි ඇතුලත් මාධ්‍යයන්, පොත්පත් සඟරා සහ වීඩියෝ ක්‍රීඩා ආදිය ඇතුලත්වේ.

ඊ මේල්, වෙබ්, වොයිස් මැසේජින්, ස්ට්‍රීමිං වීඩියෝ සහ ජංගම දුරකථන ආදී නව සන්නිවේදන ක්‍රම උපයෝගි කර ගනිමින් ක්‍රීඩා අලෙවි ක්ෂේත්‍රයේ අභියෝග හා අලුත් අවස්ථා උදාවි ඇත.

ක්‍රීඩා අලෙවි කර්මාන්තයේ නැගී එන ක්‍රීඩකයෙක් වන්නේ රෙවලූෂන් නම් චිකාගෝ මූලස්ථානය කර ගත් ක්‍රීඩා අලෙවි සහ සන්නිවේදන ඒජන්සියයි. එය 2005 දී NCCA සමග හවුලක් ප්‍රකාශ කළේ, 2006 NCCA අංක 1 කාණ්ඩයේ පිරිමි බාස්කට් බෝල ශූරතාවයේ අර්ධ අවසාන සහ අවසාන තරඟයන්ට සුවිශේෂී ආගන්තුක සත්කාර පිරිනැමීම සඳහාය. RCE Dome හැරුණු විට NCCE විසින් "ද ටෝරනමන්ට් ක්ලබ්" වෙත සුවිශේෂී සහ පහසු සත්කාරයන් ප්‍රදානය කළ බව ක්‍රීඩා තරඟ ඉතිහාසයේ පළමු වතාවට සනිටුහන් කළේය.

"https://si.wikipedia.org/w/index.php?title=ක්‍රීඩාව_අලෙවිය&oldid=551229" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි