ක්‍රීඩාවේ තාක්ෂණය

මළල ක්‍රීඩකයෙකුගේ සෞඛ්‍ය මළල ක්‍රීඩකයෙකුගේ ශිල්පීය ක්‍රම හෝ භාණ්ඩවල ගති ලක්ෂණ සැලකුවද ක්‍රීඩා‍ෙව්‍දී තාක්ෂණය වැදගත් ස්ථානයක් ගනී.


උපකරණ සංස්කරණය

ක්‍රීඩා‍ව බෙහෝ තරඟකාරී බවට පත්ව ඇති නිසා වඩා හොඳ උපකරණවල අවශ්‍යතාවය වැඩි වී ඇත. ගොල්ෆ් පිති පාපන්දු හිස් ආවරණ ‍ෙබ්‍ස් බොල් පිති සහ අනෙකුත් සෑම උපකරණයකම සැලකිය යුතු වෙනස්කම්‍ සිදු වී ඇත්තේ නව තාක්ෂණය හඳුන්වා දීමෙන් පසුවය.


සෞඛ්‍ය සංස්කරණය

මනුෂ්‍ය ශරීරය පිළිබඳ දැනීම ගැඹුරුවීමත් සමඟ මළල ක්‍රීඩකයන්ගේ විභවතාව වැඩි දියුණු වී‍ෙම් පරාසය පෝෂණයේ සිට තුවාලවලට ප්‍රතිකාර කිරීම දක්වා වර්ධනය වී ඇත. වයස වැඩිවන තෙක් ක්‍රීඩා කිරීමට ඉක්මනින් තුවාල සුව කර ගැනීමට සහ මීට පෙර පරම්‍පරාවලට වඩා ප්‍රතිඵලදායක ලෙස පුහුණු වීමට මළල ක්‍රීඩකයන්ට හැකි වී ති‍ෙබ්‍.


උපදෙස් සංස්කරණය

වැඩිදියුණු වෙමින් පවතින තාක්ෂණය ක්‍රීඩා පිළිබඳ පර්යේෂණ පැවැත්වීමට අළුත් අවස්ථා නිර්මාණය කරන ලදී. මින් පෙර අවබෝධ කර ගැනීමට නොහැකිව තිබු ක්‍රීඩාවේ අංගයන් විශ්ලේෂණය කිරීමේ හැකියාව ඇති වී තිබේ. මලල ක්‍රීඩකයෙකුගේ චලනයන්ගේ නිරූපණයන් පාවිච්චි කල හැකි වීම හෝ උසස් කම්පියුටර් තාක්ෂණය මගින් ශාරීරික ආදර්ශයන්ගේ දර්ශනයන් අනුකරණය කිරීමට ඇති හැකියාව මගින් මළල ක්‍රීඩකයෙකු හට ඔවුන් කරමින් සිටින දේ හා ඔවුන්ට ඔවුන් විසින්ම වැඩි දියුණු වීමට ඇති හැකියාව තේරුම් ගැනීමට පුළුවන්කම ලැබී තිබේ.

http://en.wikipedia.org/wiki/Sports#Technology

"https://si.wikipedia.org/w/index.php?title=ක්‍රීඩාවේ_තාක්ෂණය&oldid=121862" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි