ක්‍රිස්තියානි දේවස්ථානය තුළ ඇති සංකේත

සක්‍රමේන්තුව සංස්කරණය

අතීතයේදි ක්‍රිස්තියානි දේවස්ථාන තුළ සක්‍රමේන්තුවට අයත් සංඛේත සහිත චිත්‍ර දක්නට ලැබුණි. සක්‍රමේන්තුවට අයත් සංකේත ප්‍රමාණය එම දේවස්ථානයට අයත් නිකාය අනුව වෙනස් වේ. නමුත් සෑම දේවස්ථානයක් තුළම ඉයුකැරිස්ට සහ බෞතිස්මයට අදාල චිත්‍ර දක්නට ලැබේ. ක්‍රිස්තුභක්තික කිරීමට අදාල රෑප තෙල්ගැල්විමට අදාල චිත්‍ර කිතුනු භක්තිකයෙකු බවට ස්ථිර කරයි. චිත්‍ර, පවකමා කිරිමේ චිත්‍ර සහ විවාහයට‍ අදාල චිත්‍ර සමහර දේවස්ථාන තුල පමණක් දක්නට ලැබේ. මෙම චිත්‍ර තුළින් අභ්‍යන්තර අධ්‍යාත්මික විශ්ෂ්ඨත්වයක් බාහිරයට දෘෂ්‍යමාන වන බව විස්තර කෙරැනද රෝමානු කතෝලික මතයට අනුව මෙම චිත්‍ර බාහිර සංකේත විශ්ෂ්ඨත්වයේ මධ්‍ය වේ. ඉයුබැරිස්ටර් සංකේතවත් කරන පාන් සහ වයින් රූප ජෙසුස් වහන්සේගේ බිදුණු ශරිරය හා ලේ නිරෑපණය කරයි. බෞතිස්මකරණයේ රෑප තුලින් දෙවියන් වහනසේ විසින් පව් කමා කරන ලද යන පනිවිඩය සංකේතවත් කරයි. මෙලෙස චිත්‍ර තුළින් සංඛේතවත් කරන පණිවිඩ විවිධ නිකාය අනුව වෙනස් වේ.

ප්‍රතිමාව සංස්කරණය

ක්‍රිස්තියානු ප්‍රතිමා කලාව පළමුවෙන්ම සොහොන් කොත් පින්තාරැ කලාවෙන් ආරම්භ විය මුර්ති කලාව යනු යම් වස්තුවක් නයෝජනය වන අයුරින් එම වස්තුවට සමාන අනුරුවක්,රූපයක්, මුර්තියක් හෝ චිත්‍රයක් ආකාරයෙන් දැක්විමයි. ඉසෝරියන් ලියෝ III අධිරාජ්‍යයා විසින් ප්‍රතිමා වන්දනවා ක්‍රි.ව 726 දී තහනම් කරන ලදි.ඉන්පසු අධිරාජනි රිජන්ට් ඉරෙන් යටතේ එම තහනම ඉවත් කෙරිණි. නැවතත් ක්‍රි.ව 815 දී ලියෝ V අධිරාරජ්‍යා විසින් ප්‍රතිමා වන්දනාව තහනම් කලද අධිරාජනී රීජන්ටන් තියඩෝරා ගේ රාජ්‍යය සමයෙහි මෙම තහනම ඉවත් කෙරිනි.

වර්ථමානයේ පෙරදිග එතඩොක්ස් දේවස්තානයන්හි ප්‍රාවින් එතඩොක්ස් දේවස්තානයන්හි ‍, ක්‍රෝප්ටික්ස් දේවස්ථානයන හි සහ පෙරදිග කතෝලික දේවස්ථානයන් හි මෙම ප්‍රතිමා වන්දනාව කෙරේ.


සටහන් සංස්කරණය

මෙම ලිපිය ඉංග්‍රීසි විකිපීඩීයාව ආශ්‍රයෙන් සිංහල භාෂාවට පරිවර්තනය කරන ලද්දකි.

සැලකිය යුතුයි : මෙම පරිවර්තන කාලය තුල ඉංග්‍රීසි විකිපීඩීයාව වෙනස් වී තිබිය හැක.

Christian Symbolism - Symbols of Christian Churches