ක්‍රිකට් ක්‍රීඩාවේ දී කඩුල්ල යන පදයට අරුත් කිහිපයක් ඇත.

එය තණතීරුවේ දෙපස ඇති ඉනි තුනකින් සහ බේල්ස් දෙකකින් සමන්විත කට්ටල දෙකෙන් එකකි. පන්දු රකින පිලේ ක්‍රීඩකයින්ට පිතිකරුවෙකු දවා ගැනීම සඳහා ක්‍රම කිහිපයකින් පන්දුවෙන් කඩුල්ල බිඳ දැමිය හැකිය.

පිතිකරුවෙකු විසින් කඩුල්ල ආරක්ෂා කරනු ලබන අතර, ඔහු ඔහුගේ පිත්තෙන් (සහ සමහර විට, කඩුල්ල මුවා කිරීමේ නීතියට යටත්ව, ඔහුගේ පා ආවරණ යොදා ගෙන) පන්දුව කඩුල්ලේ වැදීම වළක්වමින් (කඩුල්ලේ වැදුනහොත් ඔහු දැවී යනු ඇත) හැකියාව ඇතිවිට ලකුණු ලබා ගැනීමට තැත් කරයි.

පොදු වහරේදී පිතිකරුවෙකු ගේ දැවී යාම කඩුල්ලක් දවා ගැනීම ලෙස හැඳින්වේ.

ක්‍රිකට් තණතීරුව ද ඇතැම් විට කඩුල්ල* ලෙස හැඳින්වේ. (*සටහන - සිංහල බසින් තණතීරුව හැඳින්වීමට මෙසේ යොදා ගැනෙන්නේ විකට්ටුව යන වදන යි.)

"https://si.wikipedia.org/w/index.php?title=ක්‍රිකට්_කඩුල්ල&oldid=494004" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි