ක්‍ෂුද්‍රආර්ථිකවේදය
ක්ෂුද්‍ර ආර්ථිකය යනු සීමිත සම්පත් (ප්‍රධාන වශයෙන් අවශ්‍ය භාණ්ඩ හා සේවා ගණුදෙනු වන වෙළදපොලවල් වල) පුද්ගලයන්, නියැදියන් හා ආයතන විසින් පරිභෝජනය කරන අයුරු හදාරන ආර්ථික විද්‍යවේ කොටසකි.
මෙහිදි මෙම ද්‍රව්‍ය පරිභෝජනය කරන ආකාරය භාණ්ඩ හා සේවාවල, ඉල්ලුමට හා සැපයුමට බලපාන අයුරුද හදරයි. මෙහිදි මිලද, ඉල්ලුම හා සැපයුමේ තත්ත්වය අනුව භාණ්ඩවල මිල වෙනස්වන අයුරු ද සළකයි.
ක්ෂුද්‍ර ආර්ථික විද්‍යාවේ අතින් අතට "ආර්ථික කාර්යයන් වල සිදු වන වර්ධනය,උද්ධමනය හා විරැකියාවේ හා මෙම සිද්ධින්ට ජාතික ආර්ථිකයේ ඇති ප්‍රතිපත්ති වල එකතුවකි" එමෙන්ම රජයේ ක්‍රියාවලි වලින් ඉහත කරුණු වලට සිදු වන බලපෑම ද සැළකේ(බදු ප්‍රතිශතය වෙනස් කිරිම). ලුකස් විචාරය වැනි බොහෝ නුතන සාර්ව ආර්ථික න්‍යායන් ගොඩ නැගිමේදි ක්‍ෂුද්‍ර න්‍යායන් (Micro Foundation) උපකාර කරගෙන ඇත. මෙහිදි ක්‍ෂුද්‍ර ආර්ථික මට්ටමේ හැසිරීම ගැන ප්‍රාථමික උපකල්පන සිදුකර ඇත.
එක් අරමුණක් නම් භාණ්ඩ සේවා හා සිමිත සම්පත් භාවිතය සදහා වන සාපේක්ෂ මිල කිරීම පිළිබද විශ්ලේෂණයක් වෙළදපොලේ ඇති කිරිමයි. ක්ෂුද්‍ර ආර්ථික විද්‍යාව මගින්(වෙළෙඳපොළ ආසාර්ථක විම් විශ්ලේෂණය වෙළෙඳපොළ විසින් සාර්ථක ප්‍රතිඵල ලබා දී නැත) කරන අතර පරිපුර්ණ තරඟ කාරිත්වයට අවශ්‍ය න්‍යායාත්මක දෑ විස්තර කරයි. පොදු සමතුලිතතාවයට නොගැලපෙන තොරතුරු ඇති වෙළෙඳපොළවල් අවිනිශ්චිතතාව යටතේ ඇති තේරිම් හා ක්‍රීඩා න්‍යාය (Game Theory) හි අර්ථිකයේ භාවිතය නිෂ්පාදනයන්ගේ වෙළෙඳපොළ ක්‍රමය තුළ ඇති නම්‍යශිලිතාව පිළිබඳව සළකයි.
උපකල්පන හා නිර්වචන
සංස්කරණයඉල්ලුම හා සැපයුම් න්‍යායේදි වෙළෙඳපොළ පරිපුර්ණය ලෙසින්ම තරඟකාරි බවට උපකල්පනය කරයි. එනම් මෙහිදි බොහෝ විකුණන්නන් හා මිලදිගන්නන් වෙළෙඳපොලේ සිටින බවත් ඔවුන් කිසිවෙකුට භාණ්ඩයේ හෝ සේවාවේ මිලට සැලකිය යුතු බලපෑමක් කළ නොහැකි බව සලකයි. නමුත් සත්‍ය ගනුදෙනුවල මෙම උපකල්පනය වැරදි වන අවස්ථ බොහෝය. නවින විශ්ලේෂණයන් අනුව භාණ්ඩයකට ඇති ඉල්ලුම හා සැපයුම අතර සුත්‍රය (Equation) ගොඩනැගීම අවශ්‍ය වේ. නමුත් සරල අවස්ථාවක ඉහත න්‍යාය ක්‍රියාකරයි.
මුඛ්‍යාධාර ආර්ථික විද්‍යාවේ (Mainstream economy ) වෙළෙඳපොළවල් අනෙකුත් ආකාරයේ සමාජ ආයතනවල අභිරුචියක් ඇතැයි උපකල්පනය නොකරයි. බොහෝ විට වෙළදපොළ සාර්ථක බව හේතුවෙන් සම්මතයකට අනුව සම්පත් යෙදවීමට සිදුවීම මෙහිදී සලකයි (අධිවේගි මාර්ග මීට උදාහරණයකි. සැමට ලාභදායි වුවත්) යාථානුරෑප ආර්ථික විද්‍යාව (ක්ෂ්ද්‍ර ආර්ථික විද්‍යාව) ආර්ථික විද්‍යාඥයෙකුගේ න්‍යාය සමග මිශ්‍ර නොකළ විටදී අනුමිතිය සීමාවේ.
විවිධ නිෂ්පාදිතයන්ට ඇති ඉල්ලුම ප්‍රයෝජනවත් බව ඉහළ නැංවිමට හේතුවක් වේ. භාණ්ඩ මිල හා ප්‍රමාණය අතර සම්බන්ධය ආර්ථකථනය කරන විට ඒහා සමාන අනෙක් භාණ්ඩ සළකා පාරිභෝගිකයා සතුවන දේ මිලදි ගනි.
ඉල්ලුම සහ සැපයුම යන සිද්ධාන්තය , පරිපුර්ණ තරගකාරී වෙළඳ පොල සංකල්පය උපකල්පනය කරයි.මින් අනුගමනය වන්නේ වෙළඳපොළ තුල ගැනුම්කරුවන් සහ විකුණුම්කරුවන් විශල සංඛ්‍යාවක් සිටින අතර කිසිවකුට භණ්ඩ සහ සේවාවන් හි මිල කෙරෙහි සැළකිය යුතු බලපෑමක් කළ නොහැකි බවයි.නමුත් ප්‍රායෝගික භාවිතයේදී මෙම උපකල්පනය බිඳ වැටෙන අවශ්ථා සුලබය, මන්ද යත් භාණ්ඩ හා සේවාවන්ගේ මිල කෙරෙහි සැළකිය යුතු බලපෑමක් කළ හැකි ගැණුම්කරුවන් හා විකුණුම්කරුවන් ප්‍රායෝගිකව සිටිනා බැවිනි.එසේ නමුත් උපකල්පනය සාර්ථක වන සෑම අවස්ථාවකම සිද්ධාන්තය අතිශය සාර්ථක වේ.
ක්ෂුද්‍ර ආර්ථික විද්‍යාවට අදලව සිධාන්තයන් අධ්‍යයනයේදි සියළුම ව්‍යාපරික ආයතන තර්කනුකුලව තීරණ ගැනිමේ ක්‍රමවේදයන් අනුගමනය කරන බව උපකල්පනය කෙරේ. ආයතනයක ලාභයන් සැලකිමෙදි පහත ක්‍රමවෙදයන් ඔස්සේ සලකා බැලේ. ආයතනයේ සාමාන්‍යය මුළු වියදම එක් එක් නිශ්පාදනයේ මිලට වඩා අඩු වු විට ආයතනය ආර්ථිකමය ලාභයක් ලබන්නා ලෙස සළකයි. මෙම ආර්ථික ලාභය ශුන්‍යය වු විට ආයතනය සාමන්‍ය ලාභය ලබනා ලෙස හඳුන්වනු ලබයි. නිශ්පාදනයේ මිල සාමාන්‍ය මුළු වියදම සහ ලාභ උපරිම අවස්ථවේ විචල්‍ය වියදම අතර පවති නම් ආයතනය පාඩු අවම වන අවස්ථාවේ ලෙස සළකන අතර අලාභය වැඩි විම මත නිශ්පාදනය නතර කිරීම් සිදු කෙරේ. නමුත් නිශ්පාදන නැවැත්විමේන් සියළු ස්ථාවර වියදම් අහිනී වීම් සිදුවේ. මිල ලාභ උපරිම නිශ්පාදන මට්ටමේදී සාමාන්‍ය විචල්‍ය වියදමට වඩා අඩු වන විට ආයතනයමෙහෙයුම් නවතා දැමීම දක්වා යා යුතුය.ආර්ථික විද්‍යාවේ සාකච්ඡා වනපිරිවැය සංකල්පය මේ සමග සාකච්ඡා වන සිද්ධාන්තයකි.මෙය සරලව යමක වියදම මැනීමේ ක්‍රමවේදයක් ලෙස හැදින්විය හැකිය.එසේත් නැතිනම් ආවස්ථික පිරිවැය යනු මීලග හොඳම විකල්පය ලෙස අර්ථ දැක්වේ.