ක්‍ෂුද්‍ර (හින්දු)
ඓතිහාසික හින්දු සමාජය සාම්ප‍්‍රදායිකව බ‍්‍රාහ්මණ , ක්ෂති‍්‍රය, වෛශ්‍ය සහ ක්ෂුද්‍ර යනුවෙන් පන්ති හෙවත් වර්ණ සතරකින් සමන්විත වූ අතර එයින් සතර වැනි වර්ණය ක්ෂුද්‍රයෝ විය. පශ්චාත් වෛදික ඉන්දීය සමාජය තුළ ක්ෂුද්‍රයින්ට පැවරී තිබුණු කාර්යභාරය වූයේ මෙහෙකරුවන් ලෙස සේවය කිරීම ය.
ආරම්භය
සංස්කරණයඉන්දු ආර්ය භාෂාවන්හි හෝ මුල් කාලීන ඉන්දු යුරෝපීය භාෂාවන්හි වචන තුළින් අනෙකුත් වර්ණවල ප‍්‍රභවය සොයා ගතහැකි වුව ද ක්ෂුද්‍ර යන වචනයෙහි මූලය ඒ තුළින් පැහැදිලිව දැකගත නොහැකි ය. ඉරාණීය පැරණි ආගමික ග‍්‍රන්ථය වන අවෙස්තාවෙහි ජන කණ්ඩායම් කිහිපයක් ගැන සදහන් වෙතත් කිසියම් ජන කොටසක් යටත් කර ගැනීමක් ගැන එහි සදහන් නොවේ. ක්ෂුද්‍ර ජනයා ඇතැම් විට හදුන්වනු ලබන දාස , දස්‍යුස් හෝ පානී යන වදන් අයිරානීය ඒවා විය. දාස යන්නෙන් අදහස් කරන ලද්දේ කිසියම් ගෝත‍්‍රයකි. යම් ජන කොටසක් යටත් කර ගැනීමක් සම්බන්ධයෙන් පැරණි ඉන්දීය ග‍්‍රන්ථ තුළින් ද පිළිබිඹු නොවන අතර ක්ෂුද්‍රයින් සමාජයේ එක්තරා කොටසක් ලෙස පමණක් සලකන ලද බව ද පෙනී යයි.
නිරුක්තිය
සංස්කරණයක්ෂුද්ර යන වදනෙහි නිරුක්තිය වෛදික යුගය දක්වා දිවයයි. වේදනාවෙන් පෙළෙන එහෙයින් මානසික හෝ කායික සහනයක් අවශ්‍ය පුද්ගලයා යන්න එහි මුල් අරුත ලෙස ගත හැකි වන හෙයින් ක්ෂුද්‍ර යන්න කවර පුද්ගලයෙකු වුව ද ඇමතිය හැකි වදනක් වන නමුත් පසු කාලයේදී එය කිසියම් වර්ණයක් හෙවත් සමාජ පන්තියක් හදුන්වන වදනක් බවට පත්විය. තව ද ඍග්වේදයෙහි පුරුෂ සූක්තය අනුව ක්ෂුද්‍රයෝ උපත ලද්දේ මහා පුරුෂගේ හෙවත් බ‍්‍රහ්මගේ පාදයෙනි (පද්භ්‍යාම් ක්ෂුද්‍රෝ අජායත). ඉගැන්වීමේ කටයුතුවල නිරත බ‍්‍රාහ්මණයෝ බ‍්‍රහ්මගේ මුවින් ද පාලන කටයුතවල නිරත ක්ෂති‍්‍රයයේ බ‍්‍රහ්මගේ බාහුවෙන් ද වාණිජ කාර්යයන්හි නිරත වෛශ්‍යයෝ ඔහුගේ කලවායෙන් ද ජනිත වූ බව සදහන් වන බැවින් පාදයෙන් උපන් ක්ෂුද්‍රයෝ සමාජයේ අනෙකුත් සියලූ ම ජන කණ්ඩායම්වලට සහාය වන පිරිසක් බව යථෝක්ත ප‍්‍රකාශයෙන් සංකේතවත් කෙරේ. අවාසනාවකට මෙන් යථෝක්ත වේද මන්ත‍්‍රය වරදවා අර්ථකථනය කිරීම නිසා නූතන හින්දු සමාජය තුළ ඇතැම් විට නොසන්සුන් බව හා අවුල් වියවුල් ඇතිවන අවස්ථා ද දැකිය හැකිය.