ශාන්තිය හෙවත් පාලි භාෂාවෙන් ඛන්ති යනු ඉවසීම හා සමවාදීම යන ගුණයයි. ‍එය ථේරවාද හා මහායාන සම්ප්‍රදායන් දෙකෙහිම පාරමිතාවක් ලෙස සැලකේ.

ශාන්ති යනු එය පවත්වා ගැනීමට අපහසු වන අවස්ථාවකදී ඉවසීමෙන් කටයුතු කිරීමයි. එයින් අදහස් කෙරෙන්නේ එම අවස්ථාවේ ඇතිවන පීඩනය හේතුවෙන් හෝ වෙන කළහැකි කිසිවක් නොමැතිවීම හේතුවෙන් ඉවසිම නොව පරිත්‍යාගයක් වශයෙන් ස්වකැමැත්තෙන්ම ඉවසීමයි.

ධර්ම ග්‍රන්ථ වල සඳහන් ශාන්තිය

සංස්කරණය

අන් අයගේ වෛරය, හිංසාව හෝ බොරු චෝදනා කිරීමේදී ඉවසීම ආදිය පිළිබඳව පාලි ධර්ම ග්‍රන්ථ වල නිදසුන් රාශියක් සඳහන් වේ.

ධම්මපද ගාථාව

සංස්කරණය

ඛන්ති යන වචනය ඕවාද ප්‍රාතිමෝක්ෂයේ සඳහන් වන පළමු වචනය වේ. ඉවසීම හා දරා ගැනීම පළමුවන තපසම් නිර්වාණය බුද්ධ දේශනාවේ ප්‍රධාන වචනයයි. ‍යමෙකුට හිංසා කරන තැනැත්තා ධ්‍යාන වඩන්නෙකු නොවේ, යමෙකුට අයහපත් ලෙස සලකන තැනැත්තා භික්ෂුවක් නොවේ.

ධම්මපදයේ 399 වන ගාථාව

චෝදනා, හිරිහැර හා සිරගතකිරීම් ක්‍රෝධයෙන් තොරව දරාගන්නා තැනැත්තාගේ හමුදා ශක්තිය වන්නේ දරාගැනිමේ හැකියාවයි. ඔහුට මම බ්‍රහ්මණ යැයි කියමි.

ඛන්ති වන්නන ජාතකය හා ශාන්තිවාදී ජාතකයේ දී ඉවසීම පිළිබඳව නිදසුන් දැක්වේ.

"https://si.wikipedia.org/w/index.php?title=ක්ෂාන්ති_(ඛන්ති)&oldid=471403" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි