කලා පරිපාලනය වනාහි විශ්වවිද්‍යාලයක හෝ පාසලක කලා හා සංස්කෘතික සංවිධාන වන සංගීත වාදන කණ්ඩායම්, නාට්‍ය සමාගම් හෝ ‍ කෞතුකාගාර සඳහා සිසුන් කලා කළමනාකරුවන් ලෙස සුදානම් කරන විෂය ධාරාවකි. කලා පරිපාලන වැඩ සටහන් සංවිධානය අනුව සාමාන්‍ය පරිපාලනයට අදාළ අංග වන ව්‍යාපාර පරිපාලනය උගන්වන අතරම ලාභ නොලබන කලා හා සංස්කෘතික ආයතන පරිපාලනයට අදාළ විශේෂඥ දැනුම ලබා දෙන විෂය මාලාවන්ද මීට ඇතුළත් කර ඇත.


වැඩසටහන සංස්කරණය

කලා පරිපාලන විෂය ධාරා වැඩසටහන් මඟින් සිසුන්ට ඩිප්ලෝමා, සමාන්‍ය උපාධි හා ශාස්ත්‍රපති උපාධි ඇතුළත් සහතික පත්‍ර හා අක්තපත්‍ර ප්‍රදානය කරනු ලැබේ. මේ වැඩසටහන් අනුව රාජ්‍ය පරිපාලනය, ව්‍යාපාර පරිපාලනය හා කළමනාකරණය වැනි පවතින පරිපාලන ක්‍රමවේදයන් සමඟ මිශ්‍රවූ විෂය මාලාවක් පවත්වාගෙන යනු ලැබේ. සැබැවින්ම සමහර විශ්ව විද්‍යාලයන්හි කලා පරිපාලන විෂය මාලාව M.B.E උපාධිය තුළට ගැනෙන විශේෂඥභාවයෙන් යුක්තය. සමහර කලා පරිපාලන විෂය මාලා වල සිසුන්ට කලා සහ සංස්කෘතික සංවිධාන වලට ස්වේච්ඡාවෙන් බැඳී නිපුණතාවය ලබා ගැනීමට ප්‍රායෝගික ක්‍රියාකාරකම් ඇතුළත් ‍කර ඇත.


කලා පරිපාලකයෝ සංස්කරණය

කලා පරිපාලකයන් සේවය කරන්නේ කලා හා සංස්කෘතික සංවිධාන වලය. මෙවැනි සංවිධාන ලෙස කලාගාර, කෞතුකාගාර, නා‍ට්‍ය සංසද, කලා උත්සව, කලා මධ්‍යස්ථාන, කලා කවුන්සල, ප්‍රාදේශීය කලා මණ්ඩල, නැටුම් සමාගම්, පොදු කලා සංවිධාන, ආබාධිතයන් සඳහා කලා සංවිධාන සහ ප්‍රාදේශීය අධිකාරීන් හැඳින්විය හැක. කුඩා සංවිධානවල කලා පරිපාලකයකු එම සේවා විකිණීම, දර්ශන කලින් වෙන් කරවා ගැනීමේ කටයුතු මෙන්ම මුදල් පාලනය ද කළ යුතුවේ. විශාල කලා සංවිධානයක නම් එහි ගොඩනැගිලි පහසුකම් පවත්වා ගැනීම, නිර්මාණාත්මක කලාකරුවන්ගේ (රඟපෑම හා අදාළ වෙනත් කලා කටයුතු ) සේවය ලබා ගැනීම, පාලන කටයුතු සඳහා සේවක පිරිස් පවත්වා ගැනීම, ප්‍රජා සම්බන්ධතාවක් තබා ගැනීම, සේවා විකිණීම සහ අදාළ වාර්තා තබා ගැනීම පිළිබඳවද වගබලා ගතයුතු වේ. ජ්‍යෙෂ්ඨ මට්ටමේ කලා පරිපාලකයන් විසින් කළමනාකාර මණ්ඩලවල අධ්‍යක්ෂකවරුන්ට හා සම්මන්ත්‍රණ කළමනාකරුවන්ට උපාය මාර්ගික සැලසුම් කිරීම් හා තීරණ ගැනීම පිළිබඳ උපදෙස් ලබා දීම කළ යුතුවේ.


වැඩසටහන් සංස්කරණය

කලා පරිපාලන විෂය මාලා වැඩ සටහන් එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, කැනඩාව, ඕස්ට්‍රේලියාව යන රටවල විශ්වවිද්‍යාල හා පාසල් ගණනාවකම පවත්වාගෙන යනු ලැබේ. එසේම සමහර අධ්‍යාපනික ආයතන මඟින් කලාව ශිල්පීය මට්ටමින් පුහුණුවන්නන්ට හා අනාගත වෘත්තීමය අධ්‍යාපනික අභිවෘද්ධිය තකා කලා කටයුතු වල යෙදෙන්නන්ට සහතික පත් ප්‍රදානය කිරීමේ ක්‍රමවේද ඉදිරිපත් කර ඇත.


සටහන සංස්කරණය

"https://si.wikipedia.org/w/index.php?title=කලා_පරිපාලනය&oldid=471523" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි