කලාව තුළ බුදුන් වහන්සේ නිරූපණය කිරීම



බුදුන් වහන්සේ බොහෝ විට ප්‍රතිමා හෝ සිතුවම් තුළින් නිරූපණය කෙරේ.මේ අතර සුලභව දක්නට ලැබෙන ආකාර වන්නේ :

· හිඳගෙන සිටින බුදුන් වහන්සේ
· සැතපෙන බුදුන් වහන්සේ
· සිටගෙන සිටින බුදුන් බුදුන් වහන්සේ
· බොහෝවිට චීනයෙහි දක්නට ලැබෙන Hotei නොහොත් Budai නම් වන තරබාරු

සිනහවෙමින් සිටින බුදුරජාණන් වහන්සේ සංස්කරණය

(මෙම රූපය, අනාගත බුදුන් වහන්සේ වන මෛත්‍රිය බුදුරජාණන් වහන්සේට සම්බන්ධ මධ්‍යකාලීන චීන භික්ෂුවක් නිරූපණය කෙරෙන බවට විශ්වාස කෙරේ. එබැවින් මෙය බුද්ධ ප්‍රතිමාවක් නොවේ.)

· සිද්ධාර්ත ගෞතමයන් අත්‍යන්ත (උපරිම) ලෙස කුසගින්න පුහුණු කළ තපස් දිවිය නිරූපණය කෙරෙන,වැහැරුණු සිරුරැති බුදුන්වහන්සේ.

පෙන්වා ඇති වර්ෂාව අයැදින බුදුන්වහන්සේගේ ප්‍රතිමාව ලාඕසයේ සුලභව දක්නට ලැබෙන ආකාරයකි.


සළකුණු

බුදුන්වහන්සේගේ බොහෝ නිරූපණයන් තුළ නිශ්චිත සළකුණූ ප්‍රමාණයක් අඩංගුය. මේවා උන්වහන්සේගේ නිර්වාණ අවබෝධයේ සළකුණු ලෙස සැලකේ. මෙම සළකුණු පළාත් අනුව වෙනස් වුවත්, ඉන් දෙකක් පොදුවේ දක්නට ලැබේ.

· හිස මුදුණෙහි ගැටයක් තිබීම. ( අතිශ්‍රේෂ්ඨ වූ මානසික තීක්ෂණභාවය නිරූපණය කෙරේ).
· දික් වූ කන්පෙති (අති උතුම් වූ සංජානනය නිරූපණය කෙරේ).

පාලි ත්‍රිපිටකයේ බොහෝ අවස්ථාවල බුදුරජාණන් වහන්සේගේ දෙතිස්මහා පුරුෂ ලක්ෂණ පිළිබඳ සඳහන් වේ.

හස්ත සංඥා

මෙම ප්‍රතිමාවන්හි ඉරියව් සහ හස්ත සංඥා පිළිවෙලින් ආසන සහ මුද්‍රා ලෙස හැඳින්වේ. ඕනෑම විශේෂිත මුද්‍රාවක හෝ ආසනයක ජනප්‍රියත්වය කිසියම් ප්‍රදේශයකට විශේෂිත වේ.මීට උදාහරණයක් ලෙස ජපානයේ සහ කොරියාවේ ජනප්‍රිය නමුත් ඉන්දියාවේ කලාතුරකින් දක්නට ලැබෙන වජ්‍ර (හෝ චිකෙන් - ඉන්) මුද්‍රාව දැක්විය හැකිය. අනෙක් ඒවා පොදුවේ දැක ගත හැකිය. උදාහරණයක් ලෙස, වරද මුද්‍රාව (ප්‍රාර්ථනා ) සිටගත් ඉරියව්වෙන් සිටින බුද්ධ ප්‍රතිමාවන්හි සුලභව නිරූපණය කොට ඇති අතර මෙය විශේෂයෙන් අභය මුද්‍රාව (නිර්භීතභාවය සහ ආරක්ෂාව) සමග එකට දක්නට ලැබේ.