කර්ලිං
කර්ලිං යනු විශේෂයෙන් සකස් කරන ලද කර්ලිං ගල්, අයිස් ඇතිරුමක් මත ඇති ඒක කේන්ද්‍රික වෘත්ත 4 කින් සමන්විත ඉලක්ක ප්‍රදේශය කරා ලිස්සා යැවීමේ ක්‍රීඩාවකි. එය බෝල්ස්, Boules සහ ෂෆ්ල්බෝඩ් ක්‍රීඩා වලට සමානතාවයක් දක්වයි. මෙය කණ්ඩායම් ක්‍රීඩාවක් වන අතර එක් කණ්ඩායමකට ක්‍රීඩකයන් සිව් දෙනෙකු අයත් වේ. වරකට කණ්ඩායම් දෙක බැගින් ක්‍රීඩාවේ යෙදේ. පාෂාණ (rocks) ලෙස ද හැඳින්වෙන බරැති, ඔප දමන ලද ග්‍රැනයිට් ගල්, අයිස් ඇතිරුම ඔස්සේ, නිවස්න (house) ලෙස හැඳින්වෙන (සලකුණු කොට ඇති) වෘත්තාකාර ඉලක්කය වෙත ලිස්සා යැවීමට මාරුවෙන් මාරුවට කණ්ඩායම් දෙකට අවස්ථාව හිමි වේ. එක් කණ්ඩායමකට ගල් 8 බැගින් හිමි වේ. කණ්ඩායම් දෙක දෙක අතරින් වැඩිම ලකුණු රැස් කරගන්නා පිල තරඟයේ ජය ලබයි. කර්ලිං ගල් ලිස්සා ගොස් නවතින ස්ථානය, නිවස්නේ කේන්ද්‍රයට දක්වන ආසන්නතාවය මත ලකුණු ලබා දීම සිදු කරයි. සෑම වාරයක් අවසානයේදීම අදාළ පිලට ලකුණු එකතු කිරීම සිදු කරයි. එය සම්පූර්ණ වන්නේ පිල් දෙකම ඔවුන්ගේ ගල් සියල්ල ලිස්සා යවා අවසන් වූ පසුවය. සාමාන්‍යයෙන් තරඟයක් වට 8 ක් හෝ 10 කින් සමන්විත වේ.
- ^ "Curling Makes Gains in U.S. Popularity". Yahoo! Sports. 19 November 2011. 2 March 2014 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 11 June 2016.
උසස්ම පාලන මණ්ඩලය | World Curling Federation |
---|---|
අපනාමය(න්) | Chess On Ice, The Roaring Game |
පළමුව ක්‍රීඩා කලේ | Approximately late medieval Scotland |
ලියාපදිංචි ක්‍රීඩකයෝ | est. 1,500,000[1] |
ගුණාංග | |
සම්බන්ධය | No |
කණ්ඩායම් සාමාජිකයෝ | 4 or 3 per team (2 in mixed doubles) |
මිශ්‍ර ලිංග | Yes; see mixed curling |
වර්ගීකරණය | Precision and accuracy |
උපකරණ | Curling brooms, stones (rocks), curling shoes |
ස්ථානය | Curling sheet |
පැවතීම | |
ඔලිම්පික් | First event in 1924 (Retroactively made official in 2006). Demonstration sport in 1932, 1988 and 1992. Officially added in 1998. |
පැරාලිම්පික් | Officially added in 2006. See Wheelchair curling |