කර්මාන්තමය පුරා විද්‍යාව

කර්මන්‍තයෙන් සිදුවන සෙව

මධ්‍යතන යුගයේ පුරාවිද්‍යාව


කර්මාන්තමය පුරා විද්‍යාව පුරා විද්‍යාවේ අනිකුත් ක්ෂේත්‍ර මෙන් අතීතයේ වූ ද්‍රව්‍යමය සංස්කෘති පිළිබඳ අධ්‍යයනයක් වන නමුත් එය සිදු කරනු ලබන්නේ කර්මාන්තය මත අවධානයක් සමඟය. වඩාත් පැහැදිලිව කර්මාන්තමය පුරා විද්‍යාවට මුල්ම කාලයේ සිට (බ්‍රිතාන්‍ය පීක් දිස්ත්‍රික්කයේ ප්‍රාග් ඓතිහාසික තඹ පතල් කැනීම වැනි) නූතන කාලය දක්වා (1980 දශ‍කයේ දී වසා දමන ලද එක්සත් ‍රාජධානියේ ගල් අඟුරු පතල් වැනි) වූ වැඩ බිම් ඇතුළත් වේ. කෙසේ නමුත් මහා පරිමාණයේ කාර්මීකරණය 18 වන ශත වර්ෂයේ දී ආරම්භ වූ නිසා එය බොහෝ විට එම හා ඊට පසු යුගයන්වලට සම්බන්ධ කිරීම සඳහා තේරුම් ගැනේ. කර්මාන්තමය පුරා විද්‍යාඥයින්, නිෂ්පාදනය හෝ අමුද්‍රව්‍ය නිෂ්පාදනය සමඟ සම්බන්ධ තාක්ෂණය, ප්‍රවාහනය හා ගොඩනැඟිලි ඇතුළත්ව කාර්මීකරණයේ අවශේෂ වාර්තා කිරීම හා තේරුම් ගැනීම සිදු කරයි. ඔවු‍න්ගේ කාර්යයන්ට සාම්ප්‍රදායික පුරා විද්‍යාව, ඉංජිනේරු විද්‍යාව, වාස්තු විද්‍යාව, ආර්ථික විද්‍යාව හා නිෂ්පාදනය/උකහා ගැනීමේ කර්මාන්තයේ සමාජ ඉතිහාසය මෙන්ම ප්‍රවාහන හා පහසුකම් අංශය ඇතුළත් වේ.

කර්මාන්තමය පුරා විද්‍යාව යන වදන 1950 දශකයේ දී එංගලන්තයේ බර්මින්හැම්හි මයිකල් රික්ස් (අධ්‍යාපනික) විසින් හඳුන්වාදුන් නමුත් එහි තේරුම හා අර්ථ නිරූපණය වෙනස් වී ඇත. වෙන් වූ විෂයක් ලෙස එහි දියුණු වීම යුස්ටන් ආරුක්කුව ආරක්ෂා කිරීම සඳහා වූ වැඩසටහන මඟින් තවදුරටත් අනුබල ගැන්විනි. පාමර් හා නෙවර්සන් (කර්මාන්තමය පුරා විද්‍යා න්‍යායන් හා ක්‍රියාවන්, 1998) එය අර්ථ දක්වන ලද්දේ කර්මාන්තමය අතීතය පිළිබඳ අපගේ අවබෝධ පුළුල් කරන, ව්‍යුහ හා මානව කෘති පිළිබඳ ක්‍රමානුකූල අධ්‍යයනයක් ලෙසය.

ආධුනිකයන් විසින් විශාල වශයෙන් පුරුදු පුහුණු වූ එය මුලින් වෘත්තීයමය පුරා විද්‍යාඥයින් විසින් ප්‍රතික්ෂේප කරන ලදී. කෙසේ නමුත් වර්තමානයේ දී එය පුරා විද්‍යාවේ ප්‍රධාන විෂය ධාරාව තුළට ඇතුළත් කොට තිබේ. අධ්‍යයනය කිරීමේ කාල රාමුව සාපේක්ෂව නූතන නිසා කර්මාන්තමය පුරා විද්‍යාවට බොහෝ විට (නමුත් සැමවිටම නොවේ) වඩාත් දුරස්ථ අතීතයට වඩා අතීත හැසිරීම් පිළිබඳ වඩා ස්ථිර හා නිවැරදි වාර්තා ලබා ගැනීමට හැකි වේ.

පුරා විද්‍යාවේ අනිකුත් ක්ෂේත්‍ර මෙන් කර්මාන්තමය පුරා විද්‍යාවට භෞතික අවශේෂවල සුපරික්ෂාකාරී විශ්ලේෂණය ඇතුළත් වේ. එහෙත් එය සිදු කරනු ලබන්නේ කර්මාන්තමය ක්‍රියාවලි වඩාත් ශක්තිමත්ව මතු කර දක්වමිනි. උදාහරණ ලෙස මධ්‍යතන යුගයේ ඊයම් උණු කිරීමේ වැඩ බිමක් අධ්‍යයනය කිරීමේ දී එක් අයෙකුට අමු ඊයම් මෙතනට ගෙන ආ ප්‍රවාහන සබඳතා; අමු ඊයම් ඇඹරීම හෝ උණු කිරීමට පෙර සැකසීම සිදු කළ ස්ථානය; එය උණු කිරීමට භාවිතා කරන ලද ක්‍රියාවලිය හා ද්‍රව්‍ය; හා ඊයම් ගබඩා කළ හෝ තවදුරටත් සැකසීම සිදු කළ ස්ථාන හඳුනාගැනීමට අවශ්‍ය වනු ඇත. කර්මාන්තමය පුරා විද්‍යාත්මක වැඩ බිමකට උදාහරණයක් වන්නේ සෝගස් යකඩ වැඩ ජාතික ඓතිහාසික වැඩ බිමය. මෙය උතුරු ඇමරිකාවේ යකඩ වැඩ ආරම්භ කළ ප්‍රථම වැඩ බිම වූ අතර එහි ආරම්භය 1600 ශත වර්ෂය දක්වා දිව යයි. ‍

කර්මාන්තමය පුරා විද්‍යාවේ ක්‍රමානුකූල අධ්‍යයනයේ විෂයක් වීම සඳහා එක්සත් රාජධානියෙහි වු ප්‍රථම ප්‍රදේශවලින් එකක් වූයේ එක්සත් රාජධානියේ ‍‍ශ්‍රෝප් ෂයර් හි අයන් බ්‍රිජ් ජෝර්ජ්ය. මෙම භූ දර්ශනය ලෝකයේ ප්‍රථම කර්මාන්තමය භූ දර්ශනවලින් එකක් ලෙස 17 වන සියවසේ දී ගොඩනැඟුනු අතර 18 වන සියවස වන විට උකහා ගැනීමේ කර්මාන්ත පරාසයක් මෙන්ම යකඩ නිපදවීම, සෙරමික් නිපදවීම (පෝසිලේන් හා අලංකාර පිඟන් ගඩොල් ඇතුළත්ව) හා දුම්රිය මාර්ග ශ්‍රේණියක් ද අයත් කර ගෙන සිටියේය. අයන් බ්‍රිජ් ජෝර්ජ් හි විශේෂිතාවය 1986 දී හඳුනාගත් අතර එය එම වර්ෂයේ දීම ලෝක උරුම ප්‍රදේශයක් ලෙස නම් කරන ලදී. තවද අයන් බ්‍රිජ් පුරා විද්‍යාත්මක ඒකකය මඟින් වසර ගණනක් පුරාවට සිදු කළ මඟින් පසු මධ්‍යතන යුගය තුළ දී වූ තාක්ෂණික හා සාමාජීය දියුණුව පිළිබඳ තොරතුරු විශාල ප්‍රමාණයක් හෙලි කර තිබේ.

අයන් බ්‍රිජ්හි නායකත්වය අනුගමනය කරමින් අනිකුත් ප්‍රදේශ ද නව අධ්‍යයනවලට විෂයන් වී ඇත. විශ්ව විද්‍යාල ක්ෂේත්‍ර ඒකකය මඟින් එක්සත් රාජධානිෙය් මැන්චෙස්ටර් හි සිදු කරන ලද නූතන වැඩ කටයුතු නව ප්‍රවේශ සඳහා මඟ පාදා ඇත. එක්සත් රාජධානිෙය් හි ෂෙෆීල්ඩ් යනු ලෝකයේ වඩාත් තීව්‍රව අධ්‍යයනය කරන ලද කර්මාන්තමය පුරා විද්‍යාත්මක ප්‍රදේශය වේ. පසුගිය දශකය පුරා ARCUSand හා ෂෙෆීල්ඩ් විශ්ව විද්‍යාලය මඟින් සිදු කරන ලද කාර්ය භාරය තුළින් 18 වන හා 19වන ශතවර්ෂයේ දී වානේ නිෂ්පාදකයකු ලෙස ෂෙෆීල්හි කාර්යභාරය හෙලි වී ඇත. මෙය සිදු වී ඇත්තේ පුරා විද්‍යාවට ප්‍රවේශය ලබා දෙමින් සිදු වූ විශාල ප්‍රති දියුණු වීම් ශ්‍රේණියක් හරහාය.



කර්මන්ත හැදින්විම = References ==

http://en.wikipedia.org/wiki/Industrial_archaeology