කර්නිග්ස්ප්ලාස්, මියුනික්

කර්නිග්ස්ප්ලාස් (රජුගේ චතුරස්‍රය) යනු, ජර්මනියේ මියුනික් නගරයේ පිහිටි චතුරස්‍රයකි. 19වන සියවසෙහි යුරෝපියානු නව-සම්භාව්‍ය වාදය ශෛලීය අනුව තනා ඇති මෙය සංස්කෘතික දිවියෙහි කේන්ද්‍රයකි. වර්තමානයෙහිදී කර්නිග්ස්ප්ලාස් අවට ප්‍රදේශය, මියුනික්හී චිත්‍රාගාර සහ කෞතුකාගාර ප්‍රදේශය වන කුන්ස්ටාමේලන් වෙත සත්කාරකත්වය සපයයි.