කමකුරා බුදු පිළිමය

කමකුරා බුදු පිළිමය යනු ජපානයේ කමකුරා නගරයේ කෝතොකු-ඉන් විහාරස්ථානයේ පිහිටි ලෝකඩින් තැනූ අමිතාභ බුදුන්ගේ යෝධ හිඳි පිළිමයකි. මෙය ජපානයේ ප්‍රකටම ස්මාරකයකි.

කමකුරා බුදු පිළිමය
වර්ෂය11වන සියවස
වර්ගයශෙෙලමය මූර්තිය
පිහිටීමකමකුරා, ජපානය

පුරාවෘත සහ වාර්තා සඳහන් කරන පරිදි කමකුරා බුද්ධ ප්‍රතිමාව තිබෙන ස්ථානයේ කළින් දැවමය යෝධ බුදු පිළිමයක් තිබුණි. එය නිමවීමට වසර දහයක් ගතව ඇති අතර 1243 දී එහි වැඩ අවසන් වූ බව කියැවේ. ඊට අරමුදල් එකතු කිරීම ඉනාඩා ආර්යාව සහ තොතෝමි හි ජෝකෝ නම් භික්ෂුව විසින් සිදු කරන ලදී.

කෙසේ වෙතත් මෙම දැවමය පිළිමයට කුණාටුවකින් හානි සිදුවූ අතර එය තැන්පත් කර තිබූ විහාර ගෙය ද එම කුණාටුවේදී විනාශ විය. මේ අනුව ඒ වෙනුවට ලෝකඩින් පිළිමයක් තැනීමට යෝජනා විය. ඒ සඳහා අවශ්‍ය වූ විශාල මුදල් ප්‍රමාණය එකතු කරගත් පසු එය ඉදි කරන ලදී.

විහාර වාර්තා අනුව 1252 දී මෙම පිළිමය අවසන් කළ බව විශ්වාස කෙරේ. එක් කලෙක මෙහි රන් ආලේප කර තිබී ඇත.

කමකුරා පිළිමය තැන්පත් කර තිබූ විහාරගෙයට 1334 සහ 1369 දී කුණාටුවලින් හානි වූ අතර එම දෙවතාවේම විහාරගෙය අලුත්වැඩියා කෙරිණ. නමුත් 1498 නන්කායි භූකම්පනයෙන් පසු ඇතිවූ සුනාමියට හසුව විහාරගෙය සම්පූර්ණයෙන් විනාශ විය. ඉන්පසු කමකුරා බුද්ධ ප්‍රතිමාව සඳහා විහාරගෙයක් තැනුණේ නැත.

1923 මහා කන්තෝ භූකම්පනයෙන් මෙහි පාදමට හානි සිදු වූ අතර එය 1925 දී පිළිසකර කෙරුණි. 1960 දී යළි මෙහි ප්‍රතිසංස්කරණයන් සිදුකර පිළිමයේ ගෙල ප්‍රදේශය ශක්තිමත් කෙරිණ. භූකම්පනවලට ඔරොත්තු දීමේ හැකියාව ඉහළ නැංවීම මෙම ප්‍රතිසංස්කරණයන් හි අරමුණ වූයේය.

කමකුරා බුදු පිළිමයෙහි උස පාදම ද සමඟ මීටර් 13.35 ක් වන අතර මුහුණෙහි දිග මීටර 2.35 කි. කර්ණය මීටර 1.90 ක් ද ඇසක් මීටරයක් ද වේ.

"https://si.wikipedia.org/w/index.php?title=කමකුරා_බුදු_පිළිමය&oldid=412172" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි