කනගාවා එපිට මහා රළ

කනගාවා එපිට මහා රළ (神奈川, Kanagawa-oki nami ura, "කනගාවා එපිට රළක් යට") හෙවත් මහා රළ හෝ සරලව රළ යුනවෙන් හැඳින්වෙන්නේ ජපන් උකියෝ-ඉ සිත්තරකු වන හොකුසායි විසින් නිර්මාණය කරන ලද දැවඅච්චු මුද්‍රණයකි. මෙය 1829 සහ 1833 අතර කාලයේ ප්‍රකාශයට පත් කොට ඇත.[1] පසුකාලීන එඩෝ යුගයට අයත් මෙය හොකුසායිගේ ෆූජි කන්දේ දර්ශන තිස් හය සිතුවම් මාලාවේ පළමු සිතුවම ද වේ. හොකුසායිගේ වඩාත්ම ප්‍රකට කෘතිය වන මෙය, ලොව පුරා වඩාත්ම ප්‍රසිද්ධියට පත් ජපන් කලා නිර්මාණයක් ලෙස ද සැලකේ.

කනගාවා එපිට මහා රළ
ශිල්පියාකට්සුෂිකා හොකුසායි
වර්ෂයca. 1829–1833
වර්ගයවර්ණා දැව අච්චු
මාන25.7 cm × 37.8 cm (10.1 in × 14.9 in)

මෙමගින් නිරූපණය වන්නේ කනගාවා ප්‍රාන්තයේ මුහුදේ ඇති බෝට්ටු දැවැන්ත රළක බලපෑමට ලක්වන ආකාරයයි. ඇතැම් අවස්ථාවන්හි දී සුනාමියක් යැයි ද අනුමාන කෙරෙන මෙය බොහෝවිට විශාල රළ පහරක් ලෙස සැලකේ.[2] සිතුවම් මාලාවේ සෑම සිතුවමකම පාහේ දක්නට ලැබෙන ෆූජි කන්ද මෙහි ද නිරූපිත ය. එය පසුබිමින් දිස්වේ.

මෙම මුද්‍රණයේ උපස්ථිතීන් මෙට්‍රොපොලිටන් කලා කෞතුකාගාරය, බ්‍රිතාන්‍ය කෞතුකාගාරය, චිකාගෝ කලායතනය, ලොස් ඇන්ජලීස් ප්‍රාන්ත කලා කෞතුකාගාරය සහ මෙල්බර්න්හි වික්ටෝරියා ජාතික කලාගාරය[3] මෙන්ම ප්‍රංශයේ ජිවර්නිහි ක්ලෝඩ් මොනේගේ නිවස ඇතුළු බටහිර එකතූන් ගණනාවකම දැකගත හැක.

සටහන් සංස්කරණය

  1. "Kanagawa-oki nami-ura 神奈川沖浪裏 (Under the Wave off Kanagawa)". British Museum. සම්ප්‍රවේශය 2010-07-19.
  2. උපුටාදැක්වීම් දෝෂය: අනීතික <ref> ටැගය; royal නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි
  3. http://www.ngv.vic.gov.au/learn/schools-resources/asian-art2

බාහිර සබැඳි සංස්කරණය

මෙම ලිපිය බ්‍රිතාන්‍ය කෞතුකාගාරයේ ඇති වස්තුවක් පිළිබඳ වේ. වස්තුවේ යොමු අංකය 3097579.

සැකිල්ල:Hokusai

"https://si.wikipedia.org/w/index.php?title=කනගාවා_එපිට_මහා_රළ&oldid=408953" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි