කථන හා භාෂා ව්‍යාධි විද්‍යාව

කථන හා ව්‍යාධි විද්‍යාව යනු පුද්ගලයෙකුගේ කථනය, භාෂාව, සංජානනය, හඬෙහි ඇතිවන ආබාධ, ගිලීමේ අපහසුතා සහ ඒවා සඳහා පුනරුත්ථාපනය හා නිවැරදි කිරීම් ප්‍රතිකාර ලබාදෙන ක්‍රමවේදයකි. කථනය හා භාෂා ව්‍යාධි විද්‍යාඥයින් හෝ කථන හා භාෂා චිකිත්සකවරුන් විසින් මෙකී රෝගීන්ගේ හඬ ඉපදවීම, කථනය වැඩිදියුණු කිරීම, ගිලීමේ අපහසුතා සහ භාෂා අවශ්‍යතා පාසල් වලදී, රෝහල් වලදී සහ වෙනත් ස්ථාන වලදී කථන චිකිත්සක ක්‍රම මගින් ප්‍රතිකාර ලබාදේ.

සන්නිවේදනය සඳහා කථනය (උච්චාරණය, කටහඩ හැසිරවීම, වේගය, තීව්‍රතාවය,) (ධ්වනි විද්‍යාව, ශබ්ද අධ්‍යයන විද්‍යාව, රූපකාරය, ක්‍රියාකාරක පද සම්බන්ධය, අර්ථ විචාරය, උපයෝගි බස සම්බන්ධ වාග් විද්‍යාව) කථන හා ව්‍යවහාරික භාෂාව, (ලිවීමේදි හා කියවීමේදි භාවිතා වන) සහ මුහුණෙන් වන හැගීම් ප්‍රකාශ කිරීම් හා ඉරියව් අන්තර්ගත වේ. මුඛයේ ස්වරාලයේ සහ ග්‍රසනිකාවට අයත් ගිලීමේ ක්‍රියාවලිය ආශ්‍රිත රෝග කථන චිකිත්සාව යටතේ ප්‍රතිකාර කරනු ලැබේ. රෝගයේ තීව්‍රතාවය හා ස්වභාවය අනුව ඒ සඳහා ලබාදෙන ප්‍රතිකාර ක්‍රම ශාරීරික සුවතා ව්‍යායාම, නිරතුරුවම සිදුකරන පුහුණු වීම්, සන්නිවේදනය වැඩිදියුණු කිරීම සඳහා ශ්‍රව්‍ය දෘෂ්‍ය ක්‍රම භාවිතා කිරීම වැනි ඒවා වේ. කථන චිකිත්සාව සඳහා සංඥා භාෂාව හා පින්තූර මගින් සංකේත ක්‍රම භාවිතා කිරීම සිදුවේ.

භාෂා චිකිත්සකවරුන් ගිලීමේ ඇති අපහසුතාවන් සදහා ප්‍රතිකාර කිරීම සඳහා ද පුහුණු වී ඇත. මෙය,

  1. කථන හා භාෂා ව්‍යාධි විද්‍යාව (SLP) ලෙස ඇමරිකා එක්සත් ජනපදයේ සහ කැනඩාවේද,
  2. එක්සත් රාජධානියේ, අයර්ලන්තන් හා දකුණු අප්‍රිකාවේ කථන හා භාෂා චිකිත්සාව ලෙසද,
  3. ඕස්ට්‍රේලියාවේ කථන ව්‍යාධි විද්‍යාව ලෙසද,
  4. නවසිලන්තයේ කථන භාෂා චිකිත්සාව ලෙසද හැදින්වේ.

මීට අමතරව වෙනත් ආකාර වලින් ද මෙය විස්තර කෙරේ.

මෙය කථනය ඇති කරන්නා වු අවයව වල ඇති වන රෝගී තත්වයන් කෙරෙහි ප්‍රතිකාර ලබාදෙන්නා වූ වෛද්‍ය විද්‍යාත්මක අධ්‍යනයකි. කථන අවයව වන්නේ මුඛය, උගුර, ස්වර තන්තු හා පෙනහළුය. ස්වර තන්තු වල හා ස්වරාලයේ ඇති පිළිකා ස්වර තන්තු වල අක්‍රමිකතා සහ කථනය ඇති කරන අවයව වල කථන පාලනයෙහි අක්‍රමිකතා සඳහා මෙහිදි ප්‍රතිකාර කෙරේ.

ඇමරිකා එක්සත් ජනපදයේ සාමාන්‍ය වෛද්‍යවරුන් ද කථනය හා සම්බන්ධ රෝග තත්ව සඳහා පුහුණු කොට ඇත. මෙම කථන චිකිත්සාව වෛද්‍ය ක්ෂේත්‍රයේ තවත් උපක්ෂේත්‍රයකි. මෙම කථන චිකිත්සකවරුන් කථන අපහසුතා සහ ගිලීමේ අපහසුතා පිළිබඳව ප්‍රතිකාර කරති. මෙමගින් ස්වරාලයේ අක්‍රමිකතා උගුර බැරැන්ඩි වීම සහ ගැස්ට්‍රයිටිස් රෝගය හා සම්බන්ධ ආහාර උගුරට ඒම හදුනා ගැනීම සහ ප්‍රතිකාර කිරීම සිදු කෙරේ. මෙම කථන චිකිත්සකවරුන් මගින් ප්‍රතිකාර ලබන රෝගීන් අතරට කථන ආබාධ ඇති කුඩා ළමුන්, ස්වරාල සැත්කම් කරන ලද රෝගීන්, ගිලීමේ අපහසුතා ඇති රෝගීන් සහ ස්වරාල අබාධ ඇත්තවුන් අන්තර්ගත වේ.

අතීතයේ ගොත ගැසීම මානසික ආබාධයක් ලෙස සැලකුවද දැන් එම මතය ඉවත්කර ඇත.



References සංස්කරණය

http://en.wikipedia.org/wiki/Speech-Language_Pathology