Quicksilver


කතුවැකිය හෙවත් ප්‍රධාන ලිපිය යනු, පුවත් පත් හෝ සගරාවක කර්තෘවරයායා, කර්තෘ මණ්ඩලය හෝ ප්‍රකාශකයා හෝ අදහස් පල කරන ලිපියකි.


කතුවැකයාට ප්‍රතවිරුද්ද පිටුවේ පළ වෙන්නේ පුද්ගලයාගේ අදහස්‍ය. මේවායේ ආකෘතිය කතුවැකියාට සමානය. මෙම පුද්ගලයා ප්‍රකාශනනය සමග සම්බන්දයක් නොමැති කෙනෙකු විය හැක.

මෙම වදන් දෙක සමහර විට පටලවා ගැණනද බොහෝ වෙනස් වදන් දෙකකි.

කතුවැකිය - මාර්ග සූචක

කතුවැකියන් සාමාන්‍යයෙන් වෙනම පිටුවක හෝ පැහැදිලි ලෙස වෙන් කරන ලද තීරුවක පලවන අතර කතුවැකියක් වශයෙන් ලේබල් කර ඇත. (අනෙක් ප්‍රවෘත්ති සමග නොපැටලිමටය ) ඒවා සාමාන්‍යයෙන් වර්තමාන සිදුවීම් හෝ පොදු විවිධාත්මක කරණු පිළිබදව ලියවේ.


කර්තෘ වාක්‍යයන් සාමාන්‍යයෙන් කොටස් හතරකි. ප්‍රවෘත්ති, ප්‍රතිපත්ති, සමාජීය හා විශේෂ. මැතිවරණ ගැටලු වැනි විවිදාත්මක මාතෘකා සම්බන්ධයෙන් සමහරවිට “ද්වන්ධ” කතුවැකි පවා ලියවිය හැක. ( ගැටලුවේ පැති දෙකටම පෙන්වා )


බොහෝ සඟරා වලද සංස්කාරකවරයා හෝ ප්‍රකාශකයා විසින් රචිත කතුවැකි පළ වේ. බොහෝ මුද්‍රිත ප්‍රකාශ වලද කතුවැකියන් හෝ කතුවැකියන් ලිපියක් පල වන අතර සාමාන්‍යයෙන් එයට පසු කතෘට ලැබුණු ලිප කොටසක්ද පළවේ. සාමාන්‍යයෙන් කතුවැකියක් යම්කිස කරුණක් ප්‍රචාරය කිරීමට ලියවුණු රචනාවක හෝ නිබන්ධයක ස්වරූපයක් ගනියි.

කතුවැකිවල කතුවැකි ව්‍යුහය.. සංස්කරණය

පුවත්පත්ක කතුවැකි පිටුව ප්‍රවෘත්ති ගැන සඳහන් නොවේ. ඒ වෙනුවට එහි ඇත්තේ පෞද්ගලික දර්ශනයකි. එහි පළවන ලිපිය කතෘතුමාගේ හෝ කතෘ මණ්ඩලයේ අදහස් හෝ දර්ශනය පිළිඹිබු කරයි. ප්‍රකාශනයක “කතෘට ලියන ලිපි” යන කොටස යටතේ පාඨකයන්ගේ මතයන් සහිතව පාඨකයා විසින් එවන ලිපිවලට අනුකූලව කතෘවරයාගේ අදහස් අලලා ලියන ලිපියේ කතුවැකිය යටතේ පළවේ. ලොව පුරා වෙසෙන පාඨකයන් මෙසේ ලිපි ලියන අතර මුම්බායි හි වෙසෙන අයෙක් විසින් ලියන ලද ලිපියක් ඔහු ලියන ලද ප්‍රකාශනයේ මුම්බායිහි පළවන ප්‍රකාශනයේ පළ වේ.

සාමාන්‍යයෙන් දැනෙන පරිදි කතුවැකියක පළ වන පණිවිඩය ඉතා ප්‍රබල ලෙස ජනතාව අතරට යා යුතු අතර එසේ කිරීමට ඒ හා බැඳුණු පින්තූර හෝ ඡායාරූපවලින් තොර විය යුතුය.

බොහෝ කතුවැකි රචනාමය හෝ නිබන්ධන ආකාරයන්ගේ එහි වන දර්ශනය ප්‍රමුඛ වන ලෙසට විවාද මත ස්වරූපයෙනි. සාකච්ඡාවට තුඩු දෙන ලෙස හා සමබරතාවය රැක ගැනීමට විරෝධාත්මක අදහස් ඇති කතට ලියන ලද ලිපි ද පුවත් පතෙහි කතුවැකිය පළ වන අසලින්ම එවෙලෙහිම පළ කිරීම පුවත් පත්වල නිතර සිදු වේ. ලිපියෙහි දිග සඳහා අවශ්යමතාවයන් සෑම පුවත් පතකම ප්‍රතිපත්තියකට අනුව වෙනස් විය හැක. එසේම මාතෘකාව සහ මාදිලිය ද ඊට හේතු සාධක වේ. සාමාන්‍ය කතු වැකියක් වඩා 750හෝ ඊට අඩු විය හැකිය.

References සංස්කරණය

http://en.wikipedia.org/wiki/Editorial

"https://si.wikipedia.org/w/index.php?title=කතුවැකිය&oldid=512076" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි