ඖෂධවේදයෙහි මත භේදයට ලක්වූ කරුණු

ඖෂධවේදයෙහි මත භේදයට ලක්වූ කරුණු සංස්කරණය

ඖෂධ නිර්දේශ කිරීම හා බෙහෙත් වර්ග සෑදීම අතර වෙනස්කම් සංස්කරණය

ඇමරිකා එක්සත් ජනපදය වැනි නීති පද්ධතියක් ඇති රටවල ඖෂධවේදීන් වෛද්‍යවරුන්ගෙන් වෙනමම පාලනය කරනු ලබයි. විශේෂයෙන්ම මෙම ව්‍යවස්ථාදායකයන් මගින් නියම කර ඇති අන්දමට ඖෂධ වර්ග නිර්දේශ කිරීම බෙහෙත් වර්ග සෑදීම හා කලවම් කිරීමෙන් සම්පූර්ණයෙන්ම වෙනස්වේ. මෙම නීති පද්ධතිය මගින් විශේෂිතවම සඳහන් කර ඇත්තේ ඖෂධවේදියෙකුට පමණක් මහජනතාවට ඖෂධ ලබාදිය හැකි අතර ඔවුන් හට වෛද්‍යවරුන් සමග ව්‍යාපාර සම්බන්ධතාවයන් පවත්වා ගනිමින් ජනතාවට ඖෂධ ලබාදිය නොහැක. ඇමරිකානු වෛද්‍ය සභාව විසින් සම්පාදනය කරන ලද සදාචාර සංග්‍රහයකට අනුව රෝගීන් සූරා කෑමකට ලක්නොවන්නේ නම් වෛද්‍යවරයෙකුට තමාගේ බෙහෙත් ශාලාව තුළ බෙහෙත් වර්ග සෑදීමේ සහ කලවම් කිරීමේ අයිතිය ඇත. තවද රෝගියෙකුට ලබාදුන් ලිඛිත නිර්දේශයක් සඳහා වෙනත් ස්ථානයකින් ඖෂධ ලබාගැනීමට ද රෝගියාට අයිතිය ඇත. ඇමරිකානු වෛද්‍යවරුන්ගෙන් 7% - 10% දක්වා ප්‍රමාණයක් තමා විසින්ම බෙහෙත් වර්ග සෑදීම සහ කලවම් කිරීම සිදු කරනු ලබති.

චීනය , හොංකොන්, මැලේසියාව සහ සිංගප්පූරුව වැනි ආසියානු රටවල නීති පද්ධතියට අනුව වෛද්‍යවරුන්ට බෙහෙත් සෑදීම සහ කළවම් කිරීමට හා තමා විසින්ම ඖෂධාලයක් පවත්වා ගැනීමට අවසර ලබාදී ඇත. සාම්ප්‍රදායික චීන වෛද්‍ය විද්‍යාවේ දී මෙය බහුලවම සිදු කරනු ලබයි.

කැනඩාවෙහි වෛද්‍ය සායනයක් සහ ඖෂධාලයක් එකම ස්ථානයක එක්ව පිහිටා තිබීම බහුල දෙයක් වන අතර එහි අයිතිය එක් පුද්ගලයෙකුට හිමි වුවද ඒවා සඳහා බලපත්‍ර ලබා ගැනීම වෙන වෙනම සිදු කළ යුතුය.

නමුත් මෙය බොහෝ අවස්ථාවලදී මත ගැටුම්වලට ලක්වන්නකි. එසේ වන්නේ වෛද්‍යවරයෙකු හට යම්කිසි රෝගියෙකු තුළ වැඩි වැඩියෙන් රෝග නිර්ණයකට ලක්කොට සහ එහි බරපතල තාවය අතිශයෝක්තියකින් විදහා දක්වමින් රෝගියා සඳහා වැඩි වැඩියෙන් ඖෂධ වර්ග අලෙවි කිරීමට හැකියාව ඇති බැවැණි. මෙලෙස වෛද්‍යවරයා විසින් දක්වන කැමැත්ත නිසා වඩාත් පිරිවැය ඵලදායීතාවයකින් යුත් ඖෂධ ලබාගනිමින් අනවශ්‍ය ප්‍රමාණයට බෙහෙත් භාවිතා කිරීමෙන් ඇතිවන අහිතකර ප්‍රතිවිපාක වළක්වා ගැනීමට රෝගියාට ඇති අවශ්‍යතාවයට බාධා පැමිණ වේ. මෙම ක්‍රියාපටිපාටිය ඇමරිකා එක්සත් ජනපදය සහ වෙනත් රජයන්හි පරීක්ෂා කිරීමේ සහ තුලනය කිරීමේ ක්‍රියාවලියට සමාන වේ.

මෙම අංග දෙක වෙන්කිරීම සදහා ව්‍යාපාරයක් බොහෝ රටවල ආරම්භ වුවද කොරියාව වැනි රටවල්හි එය මේ වන විට ද සාර්ථකත්වයට ලක්වී ඇත. මෙලෙස ඉහත සඳහන් කළ අංග දෙක වෙන්කිරීම සඳහා බොහෝ ජාතීන් ක්‍රියාත්මක වුවද මූල්‍යමය වශයෙන් වඩා රුචිකත්වයක් දක්වන වෛද්‍යවරුන් හේතුවෙන් එසේ කිරීම අපහසුවී ඇත.

ඖෂධ වේද‍යෙහි අනාගතය සංස්කරණය

ඉදිරි දශක කිහිපය තුළදී ඖෂධවේදීන් සෞඛ්‍ය සේවා පද්ධතියෙහි වඩාත් අත්‍යවශ්‍ය අංගයක් බවට පත්කිරීමට බලාපොරොත්තුවේ. ඖෂධ වර්ග කලවම් කිරීම හා බෙදාදීම වෙනුවට ඔවුන්හට ‍රෝගීන් කෙරෙහි දක්වන සත්කාරයෙහි හැකියාව වෙනුවෙන් ද ගෙවීමක් සිදු කරීමට බලාපොරොත්තු වේ.

මෙය ඇතැම් රටවල මේ වන විට ද ආරම්භ කර ඇත. උදාහරණයක් ලෙස ඔස්ට්‍රේලියාවේ ඖෂධවේදීන් රෝගීන් හට නිවෙස්වල දී ඖෂධ භාවිතා කිරීම පිළිබඳව ලබාදෙන දැනීම සඳහා එරට රජයෙන් වේතනයක් ලබාදේ. එක්සත් රාජධානියෙහි අතිරේඛ පුහුණුවක් ලබාගන්නා ඖෂධවේදීන් සහ හෙදියන් හට ඖෂධ වර්ග නිර්දේශ කිරීමේ අයිතිය ලබාදී ඇත. ඔවුන් ඖෂධ වර්ග භාවිතා කිරීම විමර්ශනය කිරීම සදහා ද රජයෙන් ගෙවීමක් ලබති. ඇමරිකා එක්සත් ජනපදයෙහි සායනික ඖෂධවේදය හෝ ඖෂධ මගින් ලබාදෙන සේවාව මගින් ඖෂධවේදයෙහි ප්‍රායෝගිකකරණය සඳහා බලපෑමක් ලැබී ඇත. තවද ඖෂධවේදය සඳහා ආචාර්ය උපාධිය ද ප්‍රායෝගික ක්‍රියාකාරකම්වලට ප්‍රථමයෙන් අවශ්‍ය වන අතර බොහොමයක් ඖෂධවේදීන් වසරක හෝ වසර දෙකක නේවාසික පුහුණුවක් උපාධි ලැබීමෙන් පසුව ලබාගනිති. මින් පෙර සාත්තු නිවාසවල සේවයෙහි යෙදවූ ඖෂධවේදීන් මේවන විට රෝගීන් සදහා සෘජුවම උපදෙස් ලබාදීම මගින් ජ්‍යෙෂ්ඨ ඖෂධවේදීන් බවට පත්වී ඇත.