ඕස්ට්‍රේලියාවෙහි ස්වදේශික ජනයා

ඕස්ට්‍රේලියාවෙහි ස්වදේශික ජන කණ්ඩායම් සිය ගණනක් සිටිති; බොහෝ දෙනා 1788 වසරෙහිදී ඕස්ට්‍රේලියාව තුල බ්‍රිතාන්‍ය ජනපදකරණයට පෙර සිටි කණ්ඩායම් වෙති. එක් එක් රට තුල, ජනයා ජීවත්වූයේ වරිගය කණ්ඩායම් වශයෙනි: විතත පවුල් පැවතියේ, විවිධ ඕස්ට්‍රේලියානු ආදිවාසී ඥාතිත්ව ආකාර අනුවය. වරිග-අතර මෙන්ම රටවල්-අතර සබැඳි බහුල ලෙසින් පැවතුනද, මෙම සම්බන්ධකම් අරභයා දැඩි චාරිත්‍ර පැවතිනි.

වර්තමානයෙහි විශාලතම භාෂා කණ්ඩායම වන්නේ ඌලුරූ (එයර්ස් පර්වතය) අසබඩ ප්‍රදේශයෙහි සහ දකුණු ඕස්ට්‍රේලියාවෙහි අනන්ගූ පිච්චන්චච්චාරා යැන්කනිචච්චාරා භූමි වලට දකුණින් ජීවත්වන අනන්ගූ පිච්චන්චච්චාරා වෙති.