ඕම්
මෙම ලිපිය SI (ඔමේගා) ව්‍යුත්පන්න ඒකකය පිළිබඳවය. අනෙකුත් අර්ථයන් සඳහා, ඕම් (වක්‍රෝත්තිහරණය) බලන්න.
ඕම් (සංකේතය: Ω) යනු, විද්‍යුත් සම්බාධනය හෝ, සරල ධාරා අවස්ථාවෙහිදී, විද්‍යුත් ප්‍රතිරෝධය සඳහා භාවිත කෙරෙන හා, ජෝර්ජ් සයිමන් ඕම් අනුව නම් කෙරුනු, SI ඒකකය වේ.

බහුමාපකය ක් භාවිතා කොට ප්‍රතිරෝධය ඕම් වලින් මැනිය හැක. ධාරණාව, වෝල්ටීයතාව, ධාරාව, සහ අනෙකුත් විද්‍යුත්මය ලක්ෂණ මැනීමටද මෙය භාවිතා කල හැක.
අර්ථදැක්වීමසංස්කරණය
කිසියම් විද්‍යුත්ගාමක බලය කට නතු නොවන සන්නායකයක, ලක්ෂ්‍යය දෙකක් අතර වෝල්ට් 1 ක නියත විභව අන්තරයක් යෙදු කල, ඇම්පියර් 1 ක නියත ධාරාවක් ගලන්නේ නම්, එම ලක්ෂ්‍යය දෙක අතර ප්‍රතිරෝධය ඕම් 1ක් ලෙසින් අර්ථදැක්වේ.[1]
ඕම් වලින් දැක්වෙන සන්නායකයක ප්‍රතිරෝධය, බොහෝ අවස්ථාවන්හීදි , යම් වෝල්ටීයතා, උෂ්නත්ව, හා අනෙකුත් පරාමිතික පරාසයන් තුලදී, දළ වශයෙන් නියත වන අතර, මෙවැනි අවස්ථාවන්හිදී රේඛීය ප්‍රතිරෝධක අපට හමු වේ. අනෙකුත් අවස්ථාවන්හිදී, ප්‍රතිරෝධය වෙනස් වේ (නිද., ත'මිස්ටර).
විදුලිමය හා විද්‍යුත්මය භාවිතයෙහි බහුල ලෙස පරිහරණය වන්නාවූ ගුණාකාර හා උප-ගුණාකාර වන්නේ මිලිඕම්, ඕම්, කිලෝඕම්, සහ මෙග්ඕම් වේ