ඕපනායක යෝධ පුස් වැල

රත්නපුර - බලංගොඩ මාර්ගයේ ඕපනායක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත්, දෙල්ගස්ළඟ නගරයේ සිට මීටර් 50 ක් පමණ ඕපනායක දෙසට වන්නට මාර්ගයේ දකුණු පසින් ගං ඉවුරෙහි මෙම සුවිශාල පුස් වැල පිහිටා තිබේ.මෙම පුස් වැල මුල්වනවරට හඳුනාගනු ලැබුවේ රන්දෙණිගල විද්‍යාලයේ පරිසර සංගමය මගිනි. ඔවුනට ලෝක ප්‍රසිද්ධ සිංහරාජ වනයේ දින පහක සංචාරයක් හිමිවුණු අතර ඒ අවස්ථාවේදී සිංහරාජයේ ඇති යෝධ පුස් වැල නැරඹීමේදී එහි වට ප්‍රමාණය සෙ.මී. 138 පමණ වූ අතර දෙල්ගස්ළඟ ගං ඉවුරේ ඇති පුස් වැලෙහි වට ප්‍රමාණය මැනීමේදී එය සෙ.මී. 168 පමණ වී ඇත. එය එතෙක් යෝධ පුස් වැල යැයි සැලකූ සිංහරාජයේ ඇති පුස් වැලට වඩා අඩි 03 ක් පමණ වැඩි වට ප්‍රමාණයකින් යුක්ත විය. මෙය වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව මගින් තහවුරු කර එය සංරක්ෂණය කිරීම සඳහා දායක වී ඇත. එදා මෙදාතුර කාලයේ වේ ගං කොමලියට අලංකාරයක් එක් කරමින් දෙල්ගස්ළඟ නගරයේ මෙම යෝධ පුස් වැල අදටත් දක්නට ලැබේ.

"https://si.wikipedia.org/w/index.php?title=ඕපනායක_යෝධ_පුස්_වැල&oldid=614144" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි