බොහෝ විට කෙටියෙන් ඔරායනිඩ්ස් ලෙසින් හැඳින්වෙන ඔරායනිඩ්ස් උල්කා වර්ෂාව යනු, හැලීගේ ධූමකේතුව ආශ්‍රිත උල්කා වර්ෂාවන් දෙක අතරින් එකකි. ඔරායනිඩ්ස් එලෙසින් එය හැඳින්වෙන්නේ, විහිදෙන ලක්ෂ්‍යය ලෙසින් නම් කෙරෙන, ඒවා පැමිණෙන්නා ලෙසින් හැඟෙන ලක්ෂ්‍යය, ඔරායන් තාරකා රාශියෙහි පිහිටන බැවින් වුවද, එය අහසෙහි විශාල ප්‍රදේශයක් තුල දක්නට හැකිය. වාර්ෂික සිදුවීමක් වන ඔරායනිඩ්ස්, ඔක්තොම්බර් මාසයෙහි අවසානයෙහි දළ වශයෙන් සතියක පමණ කාලයක් පුරා දිස්වෙයි. සමහරක් වසර වලදී, පැයකට 50–70 පමණ වේගයකින් උල්කාවන් දිස්විය හැකිය.[6][7]

ඔරායනිඩ්ස් (ORI)
බීටල්ජර්ස් තාරකාවට අංශක 10 ක් පමණ ඊසාන දෙසින් ඔරායනිඩ්ස් හී විහිදෙන ලක්ෂ්‍යය පිහිටයි [1]
සොයාගත් දිනයඔක්තොම්බර් 1839[2]
ජනක වස්තුව1P/හැලී[1]
විහිදෙන ලක්ෂ්‍යය
තාරකා රාශියඔරායන් ( බීටල්ජර්ස් තාරකාවට අංශක 10 ක් පමණ ඊසාන දෙසින්)[1]
විෂුවදංශය06පැය 21විනා[3]
ක්‍රාන්තිය+15.6°[3]
ගුණාංග
මෙය සිදුවන්නේඔක්තොම්බර් 2 – නොවැම්බර් 7[1]
උච්චතම දිනයන්ඔක්තොම්බර් 21[3]
ප්‍රවේගය66.9[4] km/s
මධ්‍යාංශ පැයකට සීඝ්‍රතාවය20[5]
මෙයද බලන්න: උල්කා වර්ෂාවන් ලැයිස්තුව

සන්නිපාතයක් ලෙසින් ඔරායනිඩ්ස් දිස්වූයේ 585, 930, 1436, 1439, 1465, සහ 1623 වසර වලදීය.[8] ඔරායනිඩ්ස් ඇතිවන්නේ හැලීගේ ධූම කේතුවෙහි ආරෝහණ මංසලෙහිදීය. ආරෝහණ මංසල පෘථිවියට සමීපතම වූයේ ක්‍රියුපෙ 800 පමණ දීය.


ආශ්‍රික සංස්කරණය

  1. 1.0 1.1 1.2 1.3 රොබට් ලන්ස්ෆර්ඩ් (2023-10-09). "විවිං දි ඔරායනිඩ් මීටියො ෂවර් ඉන් 2023". ජාත්‍යන්තර උල්කා සංවිධානය (IMO). සම්ප්‍රවේශය 2023-10-14. (JPG)
  2. ජෙනිස්කන්ස්, පීටර් (2006), මීටියො ෂවර්ස් ඇන්ඩ් දෙයාර් පේරන්ට් කොමට්ස්, කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයීය මුද්‍රණාලය, p. 9, ISBN 0521853494.
  3. 3.0 3.1 3.2 "2023 මීටියො ෂවර් ලිස්ට්". ඇමරිකානු උල්කා සමාජය (AMS). සම්ප්‍රවේශය 2023-09-10.
  4. කීරෝ, ජේ.; et al. (ඔක්තොම්බර් 2011), "ෆර්ස්ට් රිසල්ට්ස් ෆ්‍රොම් ද 2009–2010 එම්යූ රේඩාර් හෙඩ් එකෝ ඔබ්සර්වේෂන් ප්‍රෝගෑම් ෆො ස්පොරෑඩික් ඇන්ඩ් ෂවර් මීටියෝර්ස්: දි ඔරායනිඩ්ස් 2009", රාජකීය තාරකාවිද්‍යාත්මක සමාජයෙහි මාසික දැන්වීම්, 416 (4): 2550–2559, Bibcode:2011MNRAS.416.2550K, doi:10.1111/j.1365-2966.2011.19146.x.
  5. Rendtel, Jürgen (2008), "දි ඹරායනිඩ් මීටියො ෂවර් ඔබ්සර්වර්ඩ් ඕවර් 70 ඉයර්ස්", in ත්‍රීගො-රොඩ්රීගෙස්, J. එම්.; රොයිමෙයා, එෆ්. ජේ. එම්.; ලොක්, ජෝඩි; ජන්චෙස්, දියෝගො (eds.), ඇඩ්වාන්සස් ඉන් මීටියොරොයිඩ් ඇන්ඩ් මීටියෝ සයන්ස්, Springer, pp. 106–109, Bibcode:2008amms.book.....T, ISBN 978-0387784182.
  6. "IMO මීටියො ෂවර් කාලෙන්ඩර් 2009". ජාත්‍යන්තර උල්කා සංවිධානය. 1997–2009. සම්ප්‍රවේශය 2009-10-22.
  7. "ඔරායනිඩ්ස් මීටියො ෂවර් ලයිට්ස් අප් ද ස්කයි". PhysOrg.com. 2003–2009. සම්ප්‍රවේශය 2009-10-21.
  8. ඉගාල්, ඒ.; බ්‍රවුන්, පී. ජී.; රෙන්ටෙල්, ජේ.; කැම්බල්-බ්‍රවුන්, එම්.; වීගාට්, පී. (2020). "ඇක්ටිවිටි ඔෆ් දි එටා-ඇක්වාරිඩ් ඇන්ඩ් ඔරායනිඩ් මීටියො ෂවර්ස්". ඇස්ට්‍රොනමි ඇන්ඩ් ඇස්ට්‍රොෆිසික්ස්. 640 (A58). doi:10.1051/0004-6361/202038115.
"https://si.wikipedia.org/w/index.php?title=ඔරායනිඩ්ස්&oldid=599968" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි