ඔන් ද ඔරිජින් ඔෆ් ස්පීෂීස්

ඔන් ද ඔරිජින් ඔෆ් ස්පීෂීස් (අර්ථය: "ජීවි විශේෂයන්ගේ සම්භවය පිළිබඳ") යනු 1859 නොවැම්බර් 24 වැනිදා පළ වූ, චාල්ස් ඩාවින් විසින් රචිත විද්‍යාත්මක කෘතියකි. මෙහි සම්පූර්ණ නම ඔන් ද ඔරිජින් ඔෆ් ස්පීෂීස් බයි මීන්ස් ඔෆ් නැචුරල් සිලෙක්ෂන්, ඕ ද ප්‍රිසවේෂන් ඔෆ් ෆේවර්ඩ් රේසස් ඉන් ද ස්ට්‍රග්ල් ෆෝ ලයිෆ්[3] වන අතර මෙය පරිණාමික ජීව විද්‍යාවේ මූලිකම පදනම ලෙස සැළකේ.[4] ඩාවින් සිය කෘතිය හරහා ජීවී ගහනයන් ස්වභාවික වරණය නම් ක්‍රියාවලියක් හරහා පරම්පරා ගණනාවක් තිස්සේ පරිණාමය වන බවට විද්‍යාත්මක න්‍යායක් ඉදිරිපත් කළේය. ජෛවවිවිධත්වය ඇතිවූයේ ගසක අතු බෙදී යන ආකාරයට සිදු වූ පරිණාමය නිසා බවත් සෑම ජීවියෙකුටම පොදු සම්භවයක් ඇති බවටත් මෙම ග්‍රන්ථය මගින් සාක්ෂි සපයන ලදී. තවද, ඩාවින් 1830 දශකයේ බීගල් ගවේශනයේදී සොයාගත් සාක්ෂි සහ ඉන් පසුව ඔහු සිදු කළ පර්‍යේෂණ සහ අත් හදා බැලීම් වලින් කළ සොයාගැනීම් ද සිය ග්‍රන්ථයෙහි ඇතුලත් කළේය.[5]

  1. Darwin 1859, p. iii
  2. උපුටාදැක්වීම් දෝෂය: අනීතික <ref> ටැගය; Freeman 1977 නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි
  3. The book's full original title was On the Origin of Species by Means of Natural Selection, or the Preservation of Favoured Races in the Struggle for Life. In the 1872 sixth edition, "On" was omitted, so the full title is The origin of species by means of natural selection, or the preservation of favoured races in the struggle for life. This edition is usually known as The Origin of Species. The 6th is Darwin's final edition; there were minor modifications in the text of certain subsequent issues. See Freeman, R. B. "The works of Charles Darwin: an annotated bibliographical handlist." In Van Wyhe, John, ed. Darwin Online: On the Origin of Species, 2002.
  4. Desmond & Moore 1991, පිටු අංකය: 477.
  5. "Darwin Manuscripts (Digitised notes on Origin)". Cambridge Digital Library. සම්ප්‍රවේශය 24 November 2014.
On the Origin of Species
ඔන් ද ඔරිජින් ඔෆ් ස්පීෂීස්
අර්ථය: "ජීව විශේෂයන්ගෙ සම්භවය පිළිබඳ"
1859 අනුවාදයේ මාතෘකා පිටුව[1]
කර්තෘචාල්ස් ඩාවින්
රටමහා බ්‍රිතාන්‍යය හා අයර්ලන්තය එක්සත් රාජධානිය
භාෂාවඉංග්‍රීසි
විෂයයස්වභාවික වරණය
පරිණාමික ජීව විද්‍යාව
ප්‍රකාශිත1859 නොවැම්බර් 24[2] (ජෝන් මුරේ)
මාධ්‍ය වර්ගයමුද්‍රිත දෘඪ පිටපත
පිටු502
ඕසීඑල්සී352242
පුර්වගමනය වන්නේ[[ඔන් ද ටෙන්ඩන්සි ඔෆ් ස්පීෂීස් ටු ෆෝම් වරයිටීස්; ඇන්ඩ් ඔන් ද පර්පචුවේෂන් ඔෆ් වරයිටීස් ඇන්ඩ් ස්පීෂීස් බයි නැචුරල් මීන්ස් ඔෆ් සිලෙක්ෂන්]]
අනුගත වන්නේෆර්ටිලයිසේෂන් ඔෆ් ඕකිඩ්ස්