ඔතෙලෝ සින්ඩ්‍රෝම්

ඔතෙලෝ සින්ඩ්‍රෝමය(Othello syndrome) යනුවෙන් හදුන්වනනේ එක්තරා මානසික රෝගයකි මෙම රෝගය Morbid jealousy යනුවෙන්ද හදුන්වයි. මෙම රෝගයේදී රෝගියා විසින් තම පෙම්වතා/පෙම්වතිය/සැමියා බිරිද එසෙත් නැතිනම් තම ලිංගික සහකරු අහේතුකව සැකකරයි. මෙය ලිංගික ඊර්ෂියාවක් ලෙසද හදුන්වයි. මෙම රෝගයට මෙම නම යොදනු ලැබීමට මූලික වූයේ විලියම් ෂේක්ස්ෆි‍යර් විසින් රචිත ඔතෙලෝ නම් අති විශිෂ්ට ග්‍රීක නාටකයි. එම නටකයේදී අහේතුක සැකයක් නිසා තම බිරිඳ අමානුෂික ලෙස මරා දමන සැමියකු ගැන හෙළිකරයි. මනෝවිද්‍යාව තුළ ගොඩ නැඟුන බොහෝ සංකල්ප වලට නාටය හා රංග කලාවේ ආභාෂය දැකිය හැකිය.

මෙම රෝගයේ රෝග ලක්ෂණ කිහිපයක් මෙසේය,

  • තම සහකරු/සහකාරිය අනෙත් පුද්ගලයන් දෙස බැලීම හා අවධානය යොමු කිරීම ගැන දෝෂාරෝපණ එල්ලකරයි.
  • තම සහකරු/සහකාරියගේ හැසිරීම ගැන නිතර ප්‍රශ්න කරයි.
  • සහකරු/සහකාරියට ලැබෙන දුරකතන ඇමතුම් නිර්නාමික දුරකතන ඇමතුම් හදිසි ඇමතුම් ගැන සැක උපදවයි.
  • ෆේස්බුක්, ට්විට්ටර් වැනි සමාජ මාධය භාවිතා කිරීමට නොදෙයි.
  • නිතර නිතර තම සහකරු/සහකාරිය සිටින ස්ථානය හා කා සමග සිටීද යන්න සොයා බලයි.
  • පවුලේ සමාජිකයන් හා මිතුරන් සමග ඇසුරු කිරීම පවා වරදක් සේ දකියි.
  • නිවසින් පරිබාහිරව විනෝදංශ වලට යාම මිතුරු ඇසුරට තහංචි දමයි.
  • සමාජමය ක්‍රියාකාරීත්වය නිතර පාලනය කරයි කාලත්‍රයා හුදෙකලා වන තරමට කැමතිය.
  • පෙර පැවති පෙම් සබඳතා යළි මතකයට නඟමින් ඔහු/ඇය සමග රණ්ඩු ඇතිකර ගනී.
  • දැනටත් පෙම් සබදතාවක් හෝ රහස් ලිංගික සබඳතාවක් ඇතැයි කියමින් එය නවතා දමන ලෙස බල කරයි.
  • දෝෂාරෝපණය කිරිම තර්ජනය කිරීම මෙන්ම පහරදීම් සිදුකරයි ඇතැම්විට අමානුෂික ලෙස පහරදෙයි.
  • තමාටද හානි කරගැනීම මෙන්ම තුන්වන පාර්ෂවයකට වුවද පහරදීම් තර්ජනය කිරීම් සිදු කරයි.
ඔතෙලෝ නට්‍ය නට්‍ය ඇසුරින් සිතුවම්කළ ආලෙඛ්‍ය චිත්‍රයක්


මෙම රෝගය ඇතිවීම කෙරෙහි විවිධ සාධක බලපානබව මනෝ විද්‍යාඥයන් පෙන්වා දෙයි

  • ජානමය සාධක.
  • මත්ද්‍රව්‍ය, මත්පැන් භාවිතය.
  • ලිංගික බෙලහීනතාවයන්.
  • ඇතැම් ස්නායු ආබාධ.
  • පැරණි පෙම් බැදුම් නිසා ඇතිවූ විරහ වේදනාවන් හා අමිහිරි අද්දැකීම්.


ආදිය බලපානු ලබයි.

මෙම රෝග තත්වය මායා රෝගයක් ලෙස සැළකේ.කෙසේ වෙතත් අනෙකුත් මායා රෝගයන්ට වඩා තරමක් වෙනස්ය.මෙම රෝගයේ ප්‍රධාන ලක්ෂණය නම් තම කාලත්‍රයාම අසීමිතව ආදරය කරන අතරම ඉහවහ ගිය වෛරයක් පවතී.මෙම පරස්පර මනෝභාවය මෙහි ප්‍රධාන ලක්ෂණයක් ලෙස මනෝ විද්‍යාඥයන් පවසයි.

ප්‍රතිකාර සංස්කරණය

මෙම රෝගයට ප්‍රතිකාර ලෙස මනෝ විද්‍යාත්මක උපදේශනය හා ඇතැම් විට ඖෂධ ප්‍රතිකාරද ලබාදෙයි.

අවධානම් තත්වයන් සංස්කරණය

මෙම රෝගීන් තම කාලත්‍රයාට හිංසා පීඩා සිදුකිරීම ඇතැම්ටි මරා දැමීම මෙන්ම සියදිවි හානි කරගැනීමට පෙළඹේ.එසේම තමාත් කාලත්‍රයාටත් අමතරව තුන්වන පාර්ෂවයක් වෙත මෙම රෝගීන්ගෙන් හානි සිදුවිය හැක.විවාහක පුද්ගලයෙකු මෙම රෝගයෙන් පෙළිම නිසා දරුවන් දැඩි මානසික පීඩනයට පත්වන අතර ඔවුන්ගේ පෞරුෂ දුර්වලතා ඇතිවේ.

බාහිර සබැදුම් සංස්කරණය

"https://si.wikipedia.org/w/index.php?title=ඔතෙලෝ_සින්ඩ්‍රෝම්&oldid=624634" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි