සමහරවිට ඔත්මාන් වොක් ලෙසින් හැඳින්වෙන, තුවාන් හජි ඔත්මාන් බින් වොක්[1] (8 ඔක්තොම්බර් 1924 – 17 අප්‍රේල් 2017), යනු සිංගප්පූරුවියානු දේශපාලනඥයෙක් විය.[2] වසර 14 ක් පුරා ඔහු කැබිනට් මණ්ඩලයෙහි අමාත්‍යවරයෙක් විය. ඔක්තොම්බර 1963 සිට ජූනි 1977 දක්වා ඔහු සමාජ සේවා කටයුතු පිළිබඳ අමාත්‍යවරයා විය. සක්‍රීය දේශපාලනයෙන් විශ්‍රාම යෑමෙන් පසුව, ඉන්දුනීසියාව වෙත සිංගප්පූරුවෙහි තානාපතිවරයා ලෙසින්ද, සිංගප්පූරු සංචාරක මණ්ඩලයෙහි සහ සෙන්තොසා ප්‍රවර්ධන සංස්ථාවෙහි අධ්‍යක්ෂක මණ්ඩලයන්හිද ඔහු සේවය කළේය. සිංගප්පූරු ජාතිය ගොඩනැගීම වෙනුවෙන් ඔහුගේ දේශපාලනමය, ආර්ථික සහ සමාජයීය දායකත්වයන් වෙනුවෙන්, 1983 වසරෙහිදී ජනාධිපති දේවාන් නයිර් විසින් නීල උත්තම පදක්කම (2වන පංතිය) ඔහු වෙත ප්‍රදානය කෙරිණි.

සමාජ සේවා කටයුතු පිළිබඳ අමාත්‍යවරයා
තනතුර දරමින්
ඔක්තොම්බර් 1963 – ජූනි 1977
ජනාධිපතිවරයායූසොෆ් ඉෂාක්
බෙන්ජමින් ෂියර්ස්
අග්‍රාමාත්‍යවරයාලී ක්වාන් යූ
Member of Parliament
for පසීර් පංජං ඒමකො
තනතුර දරමින්
ඔක්තොම්බර් 1963 – ජූනි 1977
පුද්ගලික තොරතුරු
උපත8 ඔක්තෝබර් 1924(1924-10-08)
සිංගප්පූරුව
විපත17 April 2017(2017-04-17) (වයස 92)
සිංගප්පූරු මහා රෝහල, සිංගප්පූරුව
ජාතියසිංගප්පූරුවියානු
දේශපාලන පක්ෂය පීපල්ස් ඇක්ෂන් පක්ෂය (1954-1977)
උගත් ශාස්ත්‍රාලයරැෆල්ස් ආයතනය
රැකියාවදේශපාලනඥයා
මාධ්‍යවේදියා

පසුබිම සහ අධ්‍යාපනය සංස්කරණය

1924 ඔක්තොම්බර් 8 දිනදී ඔත්මාන් වොක් උපත ලද්දේ එකල සිංගප්පූරු බ්‍රිතාන්‍ය යටත් විජිතයෙහිදීය. ඔහුගේ පියා, වොක් අහමඩ්, පාසැල් ගුරුවරයෙක් සහ විදුහල්පතිවරයෙක් විය.

දේශපාලන අභිවෘත්තිය සංස්කරණය

පීපල්ස් ඇක්ෂන් පක්ෂයෙහි (පීඒපී) සාමාජිකත්වය සංස්කරණය

බහු-වාර්ගිකත්වයක් පිළිබඳ ජාතික ප්‍රතිපත්තියක් වෙත ඔහුගේ මතවාදය සහ පීඒපී පක්ෂය විසින් සාක්ෂාත් කිරීමට අදහස් කරගැනුමට නියමිත මතවාදය එකිනෙක පෙළ ගැසී ඇති බව දුටු ඔත්මාන්, 1954 වසරෙහිදී පීඒපී පක්ෂය පිහිටුවා දින කිහිපයකින් පසුව, එම දේශපාලන පක්ෂයට බැඳුණි.

සමාජ සේවා කටයුතු පිළිබඳ අමාත්‍යවරයා සංස්කරණය

1963 වසරෙහි මහා මැතිවරණයෙන් ජයග්‍රහණය කිරීමත් සමගම, සිංගප්පූරුවෙහි පළමුවන සමාජ සේවා කටයුතු පිළිබඳ අමාත්‍යවරයා බවට පත්වීමට ඔත්මාන් හට හැකිවූ අතර, කැබිනට් මණ්ඩලයෙහි සිටි එකම මැලේ වාර්ගික සාමාජිකයා විය.

"මැලේ වර්ගයට ද්‍රෝහියෙක්" වූ බවට චෝදනා ලැබීම සංස්කරණය

මැලේ වාර්ගික අනුග්‍රහය පතා සටන් කෙරුමට ක්වාලා ලම්පූර් -පදනමැති එක්සත් මැලේ ජාතික සංවිධානය (යූඑම්එන්ඕ) විසින් එකල පොළඹවනු ලැබූ මැලේ ප්‍රජාව විසින්, පීඒපී පක්ෂයට බැඳීම සම්බන්ධයෙන්, "මැලේ වර්ගයට ද්‍රෝහියෙක්" වූ ලෙසින් ඔත්මාන් හංවඩු ගැසුණී. එහි ප්‍රතිඵලයක් වශයෙන්, 1959 මැතිවරණයෙහිදී පීඒපී අපේක්ෂකයෙක් වශයෙන් කැම්පොං කම්බෑන්ගං ඡන්ද කොට්ඨාශය සඳහා තරග කරමින් සිටියදී පරාජයට පත් වීමට ඔත්මාන් හට සිදුවිය.

පුද්ගලික දිවිය සංස්කරණය

ඔත්මාන් වොක් හැදී වැඩුනේ නිහතමාන පවුල් පරිසරයක් තුලය.

2017 අප්‍රේල් 17 දිනදී, අයහපත් සෞඛ්‍ය තත්ත්වය නිසාවෙන්, දේශීය වේලාවෙන් ප.ව 12.21 ට සිංගප්පූරු මහා රෝහලෙහිදී ඔහු මිය ගියේය. පසු දිනයෙහි චොවා චූ කං මුස්ලිම් සුසානභූමියෙහිදී ඔහු මිහිදන් කෙරිණි.[3]

ආශ්‍රිත සංස්කරණය

  1. "ප්‍රසිඩන්ෂල් කවුන්සිල් ෆො මයිනොරිටි රයිට්ස්". සිංගප්පූරු රජය. සංන්නිවේදන සහ තොරතුරු අමාත්‍යාංශය, සිංගප්පූරු රජය. සම්ප්‍රවේශය 1 අප්‍රේල් 2015.
  2. හිස්ටොරිකල් ඩික්ෂනරි ඔෆ් සිංගප්පෝ. ජස්ටින් කෝෆීල්ඩ්. 2010. p. 2000. ISBN 0810873877.
  3. "ඔත්මාන් වොක්, මෙම්බර් ඔෆ් ඉන්ඩිපෙන්ඩන්ට් සිංගපෝර්ස් ෆර්ස්ට් කැබිනට්, ඩයිස් ඒජ්ඩ් 92". ද ස්ට්‍රේට් ටයිම්ස්. 17 අප්‍රේල් 2017.

බාහිර සබැඳි සංස්කරණය

"https://si.wikipedia.org/w/index.php?title=ඔත්මාන්_වොක්&oldid=591584" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි