ඒ වතන්

ඉන්දියානු චිත්‍රපට ගීතය

ඒ වතන් (පරිවර්. මගේ දේශය) යනුවෙන් හැඳින්වෙන්නේ 2018 ඉන්දියානු චිත්‍රපටයක් වන රාසි හි ධ්වනිපථයෙහි අන්තර්ගත දේශාභිමානී ගීතයකි. මෙම ගීතය ගයනු ලබන්නේ අරිජිත් සිං සහ සුනිධි චෞහාන් විසිනි. ශංකර්–එහ්සාන්–ලෝයි විසින් සංගීත අධ්‍යක්ෂණය කළ මෙහි ගීත රචනාකොට ඇත්තේ ගුල්සාර් විසිනි. මෙම ගීතයෙහි සංගීත වීඩියෝවෙහි සෙහ්මත් ඛාන් (රංගනය ආලියා භාට්) නිරූපණය වේ.

"ඒ වතන්"
Single ගයන්නේ අරිජිත් සිං, සුනිධි චෞහාන්
රාසි ඇල්බමයෙනි
මුදාහැරුණේ2018
ගණයදේශාභිමානී
දිග3:43 (පිරිමි ප්‍රභේදය)
3:31 (කාන්තා ප්‍රභේදය)
ලේබලයසී මියුසික් කම්පනි
සංගීත අධ්‍යක්ෂ(යන්)ශංකර්–එහ්සාන්–ලෝයි
පද රචක(යන්)ගුල්සාර්
රාසි track listing
  1. "ඒ වතන්"
  2. "දිල්බරෝ"
  3. "රාසි"
සංගීත වීඩියෝ
"ඒ වතන්" යූ ටියුබ් වෙත

මෙම ගීතය එහි වූ "දේශාභිමානී ස්වභාවය" නිසා පැසසුමට ලක් විය. වරෙක ගුල්සාර් පවසා සිටියේ ඒ වතන් ගීතය "අපේ ජාතියේ ගීතයක්" බවට පත්වනු ඇතැයි තමන් විශ්වාස කරන බවයි. මෙම ගීතය 2019 අන්තර්ජාතික ඉන්දියානු චිත්‍රපට ඇකඩමි සම්මාන උළෙලේ දී හොඳම පිළිවැයුම් ගායනය (පිරිමි සහ කාන්තා) සඳහා වූ සම්මානය හිමිකරගැනීමට සමත් විය.

පිළිගැනීම සංස්කරණය

සංගීත දර්ශක සංස්කරණය

දර්ශකය (2018) උච්ච ස්ථානය ආශ්‍රේ.
ද ටයිම්ස් ඔෆ් ඉන්ඩියා මිර්චි ටොප් 20 චාට් 10 [1]

සම්මාන සංස්කරණය

වර්ෂය සම්මාන උළෙල ලාභියා ප්‍රතිඵලය ආශ්‍රේ.
2019 හොඳම පද රචක සඳහා අයිෆා සම්මානය ගුල්සාර් නිර්දේශිත [2]
හොඳම පිළිවැයුම් ගායිකාව සඳහා අයිෆා සම්මානය හර්ෂ්දීප් කෞර්; විභා සරාෆ් දිනාගති
හොඳම පිළිවැයුම් ගායකයා සඳහා අයිෆා සම්මානය අරිජිත් සිං දිනාගති
වසරේ ගායකයා සඳහා මිර්චි සංගීත සම්මානය නිර්දේශිත [3]
විචාරක තේරීම වසරේ පද රචකයා සඳහා මිර්චි සංගීත සම්මානය ගුල්සාර් නිර්දේශිත [3]
විචාරක තේරීම වසරේ ගීතය සඳහා මිර්චි සංගීත සම්මානය ශංකර්–එහ්සාන්–ලෝයි නිර්දේශිත

ආශ්‍රේයයන් සංස්කරණය

  1. "Music Chart – The Times of India". The Times of India. 11 January 2020 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 11 January 2020.
  2. Wizcraft. "IIFA – International Indian Film Academy". IIFA – International Indian Film Academy. 20 August 2019 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 28 November 2019.
  3. 3.0 3.1 "MMA Mirchi Music Awards". MMAMirchiMusicAwards. 7 February 2019 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 28 November 2019.

බාහිර සබැඳි සංස්කරණය

"https://si.wikipedia.org/w/index.php?title=ඒ_වතන්&oldid=479476" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි