S Jude Silva
[එස් ජූඩ් සිල්වා] Error: {{Lang}}: unrecognized language tag: Sinhala (help)
ගොනුව:Sjphoto.jpg
උපත22 ජනවාරි 1963(1963-01-22)
තිබ්බොටුගොඩ, Sri Lanka
ජාතිකත්වයSri Lankan
වෙනත් නම්Senasinhage Jude Silva
අධ්‍යාපනයThibbotugoda Gamini Vidyalaya,Galahitiyawa Central College,Open Uniwersity Nawala
රැකියාවSri Lanka Army,Writer, author in Sri Lanka
සක්‍රීය වසරඑල්ලේ ක්‍රීඩා ඉතිහාසයේ ප්‍රථම පුවත්පත වන එල්ලය පුවත්පත නිර්මාණය කිරිම,ශ්‍රී ලංකා එල්ලේ ක්‍රීඩා ඉතිහාසයේ ප්‍රථම වරට එල්ලේ ක්‍රීඩාව අන්තර්ජාලයට යොමු කරමින් www.srilankaelle.com www.srilankaelle.com ශ්‍රී ලංකා එල්ලේ Sri Lanka Elle නිර්කිමාණය කිරිම,සුභසාධන කටයුතු ඉටු කිරිම,වසර 12 නිත්‍යානුකුලව ඉවත්වූ යුධ ගුවන් හා නාවික බෙලුන්ගේ සුභ සාධනය වෙනුවෙන් සාමකාමී එක්සත් එක්ස් රණවිරැ සංගමය නිර්මානය කිරිම,,තිබ්බොටුගොඩ ගාමිණී විදුහල් ආදි ශීෂ්‍ය සංගමය ආරම්භ කිරිම,
දේශපාලන පක්ෂයකිසිම කැමැත්තක්ල ඒ පිළිබද ආසාවක්ද නැත,පක්ෂයක්ද නැත,ලංකාවේ දේශපාලකයින්ට කිසිදු කැමැත්තක් නැත.
කලත්‍රයා(යන්)යටපානගේ නන්දා අයිරංගනි
දරුවන්
  • චාරැක අශාන් ජයමල්ක සිල්වා,
  • චමොදි අශ්මිලා ජයලක්ෂි සිල්වාu
සම්මානඋතුරැ නැගනහිර සංගග්‍රාමික පදක්කම,වඩමාරච්චී පදක්කම,පූර්ණ භුමි පදක්කම,රිවිරැස පදතක්කම,දිර්ඝසේවා පදක්කම,මාණුශීය මෙහෙයුම් පදක්කම,
වෙබ් අඩවියwww.srilankaelle.com www.srilankaelle.com ශ්‍රී ලංකා එල්ලේ Sri Lanka Elle
ආගමරෝමාණු කතෝලිත දෙවියන් වහන්සේට සියල්ලම කළ හැකිය යන්න මාගේ එකම මතයයි.
S Jude Silva
[එස් ජූඩ් සිල්වා] Error: {{Lang}}: unrecognized language tag: Sinhala (help)
ගොනුව:Jusesilvaarmy.jpg
උපත22 ජනවාරි 1963(1963-01-22)
තිබ්බොටුගොඩ, Sri Lanka
ජාතිකත්වයSri Lankan
වෙනත් නම්Senasinhage Jude Silva
රැකියාවSri Lanka Army,Writer, author in Sri Lanka
සක්‍රීය වසරඑල්ලේ ක්‍රීඩා ඉතිහාසයේ ප්‍රථම පුවත්පත වන එල්ලය පුවත්පත නිර්මාණය කිරිම,ශ්‍රී ලංකා එල්ලේ ක්‍රීඩා ඉතිහාසයේ ප්‍රථම වරට එල්ලේ ක්‍රීඩාව අන්තර්ජාලයට යොමු කරමින් www.srilankaelle.com www.srilankaelle.com ශ්‍රී ලංකා එල්ලේ Sri Lanka Elle නිර්කිමාණය කිරිම,සුභසාධන කටයුතු ඉටු කිරිම,වසර 12 නිත්‍යානුකුලව ඉවත්වූ යුධ ගුවන් හා නාවික බෙලුන්ගේ සුභ සාධනය වෙනුවෙන් සාමකාමී එක්සත් එක්ස් රණවිරැ සංගමය නිර්මානය කිරිම,,තිබ්බොටුගොඩ ගාමිණී විදුහල් ආදි ශීෂ්‍ය සංගමය ආරම්භ කිරිම,
දේශපාලන පක්ෂයකිසිම කැමැත්තක්ල ඒ පිළිබද ආසාවක්ද නැත,පක්ෂයක්ද නැත,ලංකාවේ දේශපාලකයින්ට කිසිදු කැමැත්තක් නැත.
කලත්‍රයා(යන්)යටපානගේ නන්දා අයිරංගනි
දරුවන්
  • චාරැක අශාන් ජයමල්ක සිල්වා,
  • චමොදි අශ්මිලා ජයලක්ෂි සිල්වාu
සම්මානඋතුරැ නැගනහිර සංගග්‍රාමික පදක්කම,වඩමාරච්චී පදක්කම,පූර්ණ භුමි පදක්කම,රිවිරැස පදතක්කම,දිර්ඝසේවා පදක්කම,මාණුශීය මෙහෙයුම් පදක්කම,
වෙබ් අඩවියwww.srilankaelle.com www.srilankaelle.com ශ්‍රී ලංකා එල්ලේ Sri Lanka Elle
ආගමරෝමාණු කතෝලිත දෙවියන් වහන්සේට සියල්ලම කළ හැකිය යන්න මාගේ එකම මතයයි.

සාරාංශය සංස්කරණය

දුප්පත් දෙම්පියන්ට දාව බස්නාහිරතේගම්පහ දිස්ත්‍රික්කය]]ට අයත් ගණේමුල්ල නගරයේ තිබ්බොටුගොඩ නම් සුන්දර ගම්මානයේ උපත ලද එස් ජූඩ් සිල්වා තම ජීවිත කාලය තුලදී මහත්වු හැල හැප්පීම් භාධකයන්ට මෙන්ම දුක් කරදරයන්ට මුහුණ දුන්නද තම ජිවිතයේ මෙන්ම තම දරැවන්ගේ ඥාතීන්ගේ සහ ප්‍රදේශයේ ජනතාව මෙන්ම ශ්‍රී ලාංකීය ජනතාවගේ සුභ සිද්ධිය සදහා කටයුතු කරනා ලද පුද්ගලයෙකු විය ඔහුගේ ජිවිත කථාව පිළිබදව ඔහු විසින්ම අන්තර්ජාලයට ලියා ඇති විස්තරය වර්ථමානයේ මෙන්ම අනාගත පරපුට මහත් ආදර්ෂයක් වනු ඇත්තේ ඔහු තුල පැවති ධ්‍යෛය සම්පන්න භාවය මෙන්ම නිවරදි දෙය තෝරාගෙන එය තම පණටත් වඩා ආදරයෙන් වැළද ගනිමින් එම කටයුත්තේ සාර්ථකත්වය සදහා ගන්නා උත්සාහයයි

  • එස් ජූඩ් සිල්වා- එස් ජූඩ් සිල්වා විසින්ම ලියා ඇති තම ජිවිත කථාව ඇතුලත් සත්‍ය කථාවක් වූ අන්තර්ජාල පිටුව - වර්ෂ 1999
  • ජූඩ් සිල්වා- එස් ජූඩ් සිල්වා විසින්ම ලියා ඇති තම ජිවිත කථාව ඇතුලත් සත්‍ය කථාවක් වූ අන්තර්ජාල පිටුව - වර්ෂ 1999

ඔහු විසින්ම ලියා ඇති තම ජීවිතය පිළීබද සත්‍ය කථාව ඉතාමත් වැදගත් කමක් ගනු ලබන්නේ එය අනෙකකුගේ සංස්කරනයක් නොවන බැවිණි

හැදින්වීම සංස්කරණය

බස්නාහිර පලාතට අයත් ගම්පහ දිස්ත්‍රක්කයේ තිබ්බොටුගොඩ ග්‍රාමයේ රෝමාණූ කතෝලික දුප්පත් පවුලකට අයත්ව 1963 ජනවාරි මස 22 වන දින මෙලොවට බිහිවන ලදී.පියා එස් ඩබ්ලිව් වෙිලිස් සිල්ව හා මව එච් මේරි හැරියට් ප්‍රනාන්දු විය.පමොහු වැඩිමල් සහෝදරයෙකුගෙන් හා බාල සහෝදරයෙකුගෙන් මෙන්ම සහෝදරියකුගේ පවුලේ දෙවැන්නා විය.ඉතාමත් කටුක දිවි පෙවෙතක් ගත කරමින් අධ්‍යාපන කටයුතු හදාරන ලද්දේ දෙමව්පියන්ගේ උත්සාය මතය.මව වන එච් මේරි හැරියටි ප්‍රනාන්දු ගමි ප්‍රෙද්ශයේ කාගේත් දුක සැප බලමින් කටයුතු කරමින් සිටිනා ලදී.රොගාතුරැව පියා වන එස් වේලිස් සිල්වා සිටියද ආර්ථිකය කෙසේ හෝ ගොඩ නංවා ගනිමින් දරැවන්ගේ අධ්‍යාපනයට නිතරම උර දීමට කටයුතු කරන ලදී.

ගම පිළිබදව සංස්කරණය

බස්නාහිර පලාතට අයත් ගම්පහ දිස්ත්‍රක්කයේ තිබ්බොටුගොඩ ඉතාමත් දැකුම්ලළු සුන්දර ගම්මානයක් විය. තිබ්බොටුගොඩ,ගණේමුල්ල ගණේමුල්ල නගරයට සැතපුම් භාගයක් පමණ ඉතා ආසන්නයේ පිහිටි එකම ගම් දනව්වක් ලෙස හොරගොල්ල හා තිබ්බොටුගොඩ යන ගම්මානයන් දෙක හැදින්විය හැකිය.වර්ථමානයේ එම ගම්මානයන් දෙක වටා පිහිටි අනෙකුත් ගම්මානයන් වන්නේ පන්සලවත්ත,විලේගොඩ,පත්තිනිපිටිය සහ කුඩාබොල්ලත යන ගම්මානයන්ය. මෙම රමණිය ගම්මානයන් දෙක රමණිය කදු කිහිපයක් පිහිටා ඇති අතර ඒ සමගාමිව ගැමි ජිවිතයට නෑකම් කියන සරැසාර කෙත් යායකින් සමන්විත වන අතර කෙත් යාය මැදින් ගලා බස්නා උරැවල් ඔය කාගේත් නෙතට එක්කරනුයේ දැකුම්කලු මනහර දර්ශණයකි. ගැමි ජනයාගේ ප්‍රධානම ජිවනෝපාය කුඹුරැ ගෙවිතැන විය. මෙම ගම්මානයන්හි අතීතය හාරා අවුස්සාන්නාවු ඔනෑම අයෙකු හට දක්නට ලැබෙන්නේ පළමුවන රාජසිංහ රජ සමයේ දිවයින ආක්‍රමණය කොට සිටින ලද පෘතුග්‍රීසින් පලවා හැරීම සදහා යුධ සේනා මෙහෙයවද්දී මෙම පලාත් භාරව ඩිංගිරි නම් රජ කුමාරයෙක් මේ පදේශය භාරව ක්‍රීයාකර ඇති බවත්,සතුරන් හා සටන් කිරිම පිනිස ආරක්ෂිත ස්ථානයක් වශයෙන් මෙහි පිහිටි කදු ගැටයක් භාවිතා කළ බවට මුඛ පරම්පාරානුගත වංශ කථාවල පැවසේ.එසේ නම් නිරානුමානව රජ පවුලට අයත් කුමාරවරැ නිළමෙවරැ මෙන්ම රාජකීය පනිවුඩකරැවන් සහ රට ආරක්ෂාකිමට සහය වු රණවිරැවන් මෙම ගම් පියස් හරහා කොතෙකුත් ගමන් කොට ඇත්ද යන්න අප හට සිතාගත හැක.

  තවද ඒ සදහා ඇති කදිම උදාහරණය වන්නේ මෙතෙක් ඉතිරිව ඇති නාම මාත්‍රයක් වශයෙන් හදුන්වනු ලබන ඩිංගිරි කඩුව නමින් පදේශයේ සෑම අයෙකුගේම සිත් ඇදගත් ඇල මාර්ගයක් වන ඩිංගිරි කඩුව යන ඇල මාර්ගයයි.

ඒ අනුව බලන කළ මෙම ගම්මානය ‍‍‍වටිනාකමක් ඇති පසුබිමක් අනුව ගොඩනැගී ඇති පැරණි ගම්මානයක් වශයෙන් හදුන්වා දීමට අප කිසිවිටකත් පසුබට නොවිය යුතුය.

    1815 දී ඉංග්‍රීසින් අතට සිරකරැවකු බවට පත් තුන් සිංහලයේ අන්තිම සිංහල රජ වන ශ්‍රී වික්‍රම රාජසිංහ නම් වූ මහ නිරිදුන් සිරකරැවකු ලෙසින් මහනුවර සිට කොලොම්තොටට රැගෙන යන ලද්දේද තිබ්බොටුගොඩ මායිමක්  ගෙස සැලකෙන එමෙන්ම සභාවක් ලෙස 1999 ඔක්තෝම්බර් මස 01 වන තෙක් පැවති  ප්‍රධාන දෙව් මැදුර අසලින් බව මුඛපරම්පරානුගත කථාවන්හි සදහන් වීම ද විශේෂත්වයකි.

දෙමව්පියන් සංස්කරණය

එස් වේලිස් සිල්වා සංස්කරණය

එස් වේලිස් සිල්වා පියා

  • එස් ජූඩ් සිල්වා- එස් ජූඩ් සිල්වා විසින්ම ලියා ඇති තම ජිවිත කථාව ඇතුලත් සත්‍ය කථාවක් වූ අන්තර්ජාල පිටුව - වර්ෂ 1999
  • ජූඩ් සිල්වා- එස් ජූඩ් සිල්වා විසින්ම ලියා ඇති තම ජිවිත කථාව ඇතුලත් සත්‍ය කථාවක් වූ අන්තර්ජාල පිටුව - වර්ෂ 1999

ඔහු විසින්ම ලියා ඇති තම ජීවිතය පිළීබද සත්‍ය කථාව ඉතාමත් වැදගත් කමක් ගනු ලබන්නේ එය අනෙකකුගේ සංස්කරනයක් නොවන බැවිණි

එස් මේරි හැරියට් සංස්කරණය

එස් මේරි හැරියට් මව

සහෝදර සහෝදරියන් සංස්කරණය

සේනාසිංහ රංජිත් සිල්වා එස් සුමිත්‍රා රැක්මල් සිල්වා එස් අනුර සිල්වා

මෙහි සදහන් සියලුම තොරතුරැ පිළීබද විස්තර කියවන්න මෙහ් පහත සදහන් අන්තර්ජාල පිටු නිරික්ෂණය කරන්න
  • එස් ජූඩ් සිල්වා- එස් ජූඩ් සිල්වා විසින්ම ලියා ඇති තම ජිවිත කථාව ඇතුලත් සත්‍ය කථාවක් වූ අන්තර්ජාල පිටුව - වර්ෂ 1999
  • ජූඩ් සිල්වා- එස් ජූඩ් සිල්වා විසින්ම ලියා ඇති තම ජිවිත කථාව ඇතුලත් සත්‍ය කථාවක් වූ අන්තර්ජාල පිටුව - වර්ෂ 1999

ඔහු විසින්ම ලියා ඇති තම ජීවිතය පිළීබද සත්‍ය කථාව ඉතාමත් වැදගත් කමක් ගනු ලබන්නේ එය අනෙකකුගේ සංස්කරනයක් නොවන බැවිණි

අධ්‍යාපනය සංස්කරණය

ඉගෙන ගන්නා ලද පාසැල් සංස්කරණය

පාසැල් දිවියෙන් පසු සංස්කරණය

ප්‍රථම රැකියාව සංස්කරණය

යුධ හමුදාවට එක්වීම සංස්කරණය

්‍යුධ වාතාවරණය පැවති කාළසීමාවේ එනම් 1985 වර්ෂයේ මැයි මස 17 වෙනි දින ආරක්ෂක හමුදාවට සෙසු නිළයෙකු වශයෙන් එකතු වු මොහු ආරක්ෂක හමුදාව තුලදී විනය තරැක මෙන්ම දක්ෂ සෙුසු නිළයෙකු විය

අඩම්පන් සටන 1985 දෙසැම්බර් මස සංස්කරණය

නාවට්කුලි කදවුරේ අප කණ්ඩායම විසින් ඉටු කරන ලද රැජකාරින් ඉතා උසස් අන්දමින් කර තිබු බැවින් ..... මන්නාරම පදේශයේ පැවති ක්‍රීයාන්විත රාජකාරියක් සදහා 1985 දෙසැම්බර් මස අවසන් විමට ප්‍රථම අප කණ්ඩායමට මන්නාරම සිලාවතුර කදවුර වෙත යාමට සිදුවිය.

මන්නාරම සිලාවතුර කදවුරට අප රැගෙන යන ලද්දෙ ගුවන් හමුදා හෙලිකොප්ටර් මගිනි.සිලාවතුර කදවුරට ගිය අප අහාර ගැනිම සදහා සෙසුනිළ භෝජනාගාරයට ගියවිට අපේ ගමේ අප සමග එකට හැදී වැඩී ජිවත් වු සරත් මා හට හමුවිය.ඔහු හැකි පමණින්  සංග්‍රහ කළ අතර එය මතක් කලහැකි වැදගත් කරැණකි.එසේම ඔහුගේ පියා අපගේ අයියා යුධ හමුදාවට ඇතුලත් කිරිම සදහා උදව් පදව් කල අයෙකි.ඔහුගේ පියා වන ජිනේ මාමා එවකට යුධ හමුදා මූලස්ථානයේ අරක්කැමියෙකු ලෙස රාජකාරින් ඉටු කරන ලද බැවින් ඡ්‍යෙෂ්ඨ නිළධාරින් කිහිප දෙනකු දැන හදුනනගෙන සිටිය අතර එසේ උදව් කිරිමට හැකියාවක් තිබුනි.
සරත් සමගින් පසුගිය විස්තර කථාකර සෑහෙන වේලාවක් ගත කිරිමෙන් පසු යාමට ඇති ක්‍රියාන්විතය ගැන කතිකා කර සමුගැනීමේදී සරත් විසින් පැවසූයේ ඉතාමත් දරැණු පදේශයක් බැවින් ඉන් කල්පනාකාරිව කටයුතු කරන ලෙසය.
 ක්‍රියාන්විතය යාමට ප්‍රථමයෙන් අප සියලුම අයවලුන් හට උපදෙස් හා නියෝගයන් ලබාදෙන ලදි.ඉන් දැනුම් දෙනු ලැබුයේ එල්ටිටිඊ ත්‍රස්ත්‍රවාදීන්ගේ ප්‍රභල ස්ථානයක් වශයෙන් සැලකෙන අඩප්පන් කියන පදේශයේ පිහිටා ඇති ගල්කොරිය යන ස්ථානයට ප්‍රහාර එල්ල කොට සතුරා මරා දැමිම ,අල්ලා ගැනිම හෝ අවි ආයුධ අත්අඩංගුවට ගැනිම බවත් ක්‍රීයාන්වතය අවශානයේ ගුවන් හමුදා හෙලිකොප්ටර් ආධාරයෙන් නැවග කදවුරට රැගෙන එන බවත්ය.ක්‍රියාන්විතය සදහා පළවන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ ඊ කණ්ඩායම ක්මාන්ඩෝ රෙජාමේන්තුවේ එක් කණ්ඩයක් සහ කාලතුවක්කු හමුදාවේ එක් කණ්ඩයක් සහභාගි වන බවත්ය.  
   අප ඊලග දින පාන්දර වන විට ක්‍රියාන්විතය සදහා යාමට උපදෙස් ලැබුනි.එවකට මේජර් නිළයේ සිටි බීබීඑස් මෙන්ඩිස් අණදෙන නිළධාරි වශයෙන් කටයුතු කරන ලද අතර ලුතිතන් යුරාජ් සිල්වා ඇතුළු තවත් නිළධාරින් කිහිප දෙනකු විය.
    පාන්දරින්ම අප සියලුම දෙනා ක්‍රීයාන්විතය සදහා පිටත්විය. ගම්මාන කිහිපයක් පසුකර කිලෝ මීටර් දහයක් පහලොවක් පමණ දුරක් පැමිණි අප කිසිදු උවදුරකට ලක් නොවි අඩම්පන් ගල් කොරිට කිලෝ මිටර් දෙකක් හෝ තුණක් දුරකින් සිට දිවා ආහාරය ගන්නට සූදානම් වෙනවාත් සමගම ත්‍රස්ත්‍රවාදින්ගේ එක දෙක වෙඩි ප්‍රහාරවල් එල්ල විය.
  එයට ප්‍රති ප්‍රහාර එල්ල කරමින් අපගේ සෙනින්ද ප්‍රහාරයන් එල්ල කරන ලදී.අප සිටි පාරෙන් එපිට වෙල් යායෙන්ද එපිට සිට ප්‍රහාර එල්ල කල බැවින් අප කණ්ඩායම හා ක්මාන්ඩෝ රෙජිමේන්තුවේ සෙනින් ඉතාමත් සාර්ථක අන්දමින් ප්‍රහාර එල්ල කරමින් ත්‍රස්ත්‍රවාදීන් සිටි ස්ථානය ආක්‍රමණය කරන ලදි.ඒ අතර තුර අපගේ සෙනීන් දෙදෙනෙකු හට සුළු තුවාල පමණක් සිදුවි තිබුනි.ත්‍රස්ත්‍රවාදීන් කිහිප දෙනෙකු මියගොස් ඇති අතර කිහිප දෙනෙක් තුවාල සිදුවි ඇති බවට සලකුණු දැක ගන්නට තිබුනි.තවද ආර්පිජී බෝම්බ කිහිපයක්,පතොරම් සහ තවත් බෝම්බ කිහිපයක් දමා ගොස් තිබියදී සොයා ගන්නා ලදී.
  කෙසේ වෙතත් පැය දෙකක හෝ තුනක සාර්ථක සටනකින් පසු  ආරක්ෂාකාරිව විඩා හැරිම සහ ආහාර ගැනිමේ කටයුතු කර ගන්නා ලදි.ඒ වනවිට සවස තුන  පසු වි තිබුනි.ක්‍රීයාන්විතය සැලසුම් කරනා ලද උසස් නිළධාරින්ගේ උපදෙස් මත සියලුම භට පිරිස් ගුවන් හමුදාවට අයත් හෙලිකොප්ටර් වලින් සිලාවතුර කදවුරට රැගෙන යනු ලබන බැවින් තවත් වේලාවක් විවේක ගන්නා ලෙස දන්වන ලද බැවින් අපද විවේක ගන්නා ලදී...ආරක්ෂාකාරිව සියලුම භට පිරිස් ස්ථාන ගත කිරිමෙන් පසු ආහාර ගැනිම සහ විවේක ගන්නා ලෙස උපදෙස් ලැබුනි.
      මෙසේ පැය කිහිපයක් නිසොල්මනේ ගෙවී ගියද ත්‍රස්ත්‍රවාදින් කිසිදු ශබ්දයක් සිදු නොකර අපහට පහර දිමට සැලසුම් කරන බව අපහට අවභෝධය ලැබෙන විට අප ප්‍රමාදයට පත්වී අවසන්ය.ඇත වෙල්යායෙන් එපිට වාහන ගමනා ගමනය වැඩි වීම.මිනිසුන් එහා මෙහා යාම් වැඩි වශයෙන් දක්නට ලැබුනද ඒ බැව් ඉහල මුලස්ථානයන් වෙත දැන්වුවද  තවත් වේලා රැදී සිටින ලෙසය.
 මේ අවශ්ථාවේදී මා අප කණ්ඩායමේ අණදෙන නිළධාරී වු මේජර් බීබීඑස් මෙන්ඩිස් යන නිළධාරි සහ එම නිළධාරිගේ බඩියා වු කෝප්‍රල් වාස්(පසු ක්‍රියාන්විතයකදී මියයන ලදී)වෙල අසල වු වතුර බස්නා කානුවක ආවරණයක් ලෙස රැගෙන සිටි අතර මා සහ මාගේ බඩියාවු රාජවර්ධන ඊට මදක් ඔබ්බෙන්  මදක් ඔබ්බෙන් සිටින ලදී.අණදෙන නිළධාරි විසින් ගුවන් විදුලියෙන් ඉහල මුලස්ථානයන් අමතන අයුරැ කිහිප විටක් මා අසා සිටින ලද බැවින් එය මට කිසිදු දිනක අමතක කල නොහැකි කරැණකි.
       එම නිළධාරියා විසින් කිහිප විටක්ම ත්‍රස්ත්‍රවාදීන් අපට පහර දීමට සැලසුම් කරන බව පෙනෙන්නට තිබෙන බැවින් තම කණ්ඩායම රැගෙන කලුවර වැටෙන්නට පෙර නැවත කදවුරට පැමිනෙන්නද යන්න කිහිප විටක්ම ගුවන් විදුලියෙන් විමසා සිටියද??ලැබුන එකම පිලිතුර වුයේ ගුවන් හමුදා හෙලිකොප්ටර් මගින් අප සැම ගෙන්වා ගන්නා බවය.එහෙත් ඒ වන විටත් ත්‍රස්ත්‍රවාදීන් අප වටකර ඇතිබව කොතෙක් පැවසුවද ?එම ඉහල නිළධාරින් පිලිගත්තේම නැත.අප අණදෙන නිළධාරිටද කිරිමට හැක්කේ ඉහලින් ලැබෙන අණ විනා එම නිළධාරියාගේ කැමැත්ත නොවනු ඇත.එහෙත් මෙම නිළධාරියා විසින් කියු එක දෙයක්  මාගේ මතකයේ අද මෙන් රැදී ඇත .එනම් “මාගේ කොල්ලො ටික මරන්නේ නැතිව කරන්න ඔනෑ දෙයක් කියන්න “යනුවෙනි.
 ත්‍රස්ත්‍රවාදින් ක්‍රම ක්‍රමයෙන් ඔවුන්ට අයත් භට පිරිස් සෑම පදේශයකින්ම රැගෙන ඒමට ප්‍රමානවත් කාලවේලාවක් තිබු බැව් අප සියලුම අයවලුනට අවභෝධ වුවද....?ක්‍රියාන්විතය මෙහෙයවන ලද අයට ඒ බැව් අවභෝධ නොවිම කණගාටුවට කරැණකි.කළුවර වැටෙන්නට ආසන්න මොහොත වනවිට අපහට ත්‍රස්ත්‍රවාදින් විසින් ප්‍රහාරයක් එල්ල කරන ලදී .එය සාර්ථකව මැඩ පැවැත්තුවද ඒ වනවිට කිහිප දෙනෙක් තුවාල ලැබු අතර කිහිප දෙනෙක් මියයන ලදී.ඒ අතරට ක්මාන්ඩෝ සෙබලුන් කිහිප දෙනෙක් මා අසල මාගේ බඩියා වු රාජවර්ධන සහ කාලතුවක්කු හමුදාවේ කිහිප දෙනකුද විය.
 ආසෙ රාජවර්ධන මා සමග එකම පුහුණු පාසැලේ පුහුණුව හදාරා එම පාඨමාලාවේදිත් මාගේම බඩියා විය.තුවාල ලැබු අයවලුන් පිළිබද සටහනක් මා හට මතකයේ නොමැති අතර යුධ පිටිය මදකට නිසොල්මන් වුයේ ඔවුගේද සැහෙන පිරිසක් මියයාමට හෝ තුවාල ලබන්නට ඇති බැවිනි.
 තුවාල ලැබුවන් හා මිගොස් ඇති අයවලුන් රැගෙන යාම දුෂ්කර කටයුත්තක් බැවින් ගුවන් හමුදා හෙලිකොප්ටරයක් ලබාදෙන ලෙස ඉල්ලා සිටින ලද අතර අප ඒය ගොඩ බැස්සවීම සදහා සුදුසු ස්ථානයක් සකස් කරන ලදි.එසේම ඔවුනට අයත් අවි ආයුධ තුවාල කරැවන් සහ මිය ගිය අප සහෝදර සෙබලුන්ද එම ස්ථානයට රැගෙන යන ලදි.තවද ඒ වටා ආරක්ෂාවද යොදවන ලදී.මා රාජවර්ධනට අයත් සිරැරද ඔහුට අයත් අවියද රැගෙන එම ස්ථානයේ රැදි සිටියේ ඒවා හෙලිකොප්ටරයට පැටවිම පිනිසය.තවත් කිහිප දෙනෙකුද ඒ අසල විය.
   ගුවන් හමුදා හෙලිකොප්ටරය බිමට ගොඩබැමෙන් පසු අප විසින් තුවාල කරැවන් , මියගිය සිරැරැ සහ අවි ආයුධ පටවන්නට පටන් ගන්නවාත් සමගම ත්‍රස්තවාදීන් විසින් දරැණු වෙඩි ප්‍රහාරයක් එල්ල කර අතර අපගේ අයවලුන්ද ප්‍රතිප්‍රහාර එල්ල කරන ලදී.එම ප්‍රහාරය අදටත් සිහිවෙන එක දවසක් ඇත.එනම් වසරක් ගෙවි නව වසර උදාවෙන දීන ශ්‍රි ලංකා වාසින් විසින් එය සැමරිම සදහ මධ්‍යම රාත්‍රි පත්තු කරනා රතිඥ්ඥා ශබ්දයයි.
  ඉතා සුළු මොහෙතක් තුල හැකි පමණ තුවාල කරැවන් ,මියගිය අයවලුන් හෙලිකොපටරයට පැටවිමට හැකියාව ලැබුනද ත්‍රස්ත්‍ර ප්‍රහාරය දරැණු ලෙස එල්ල කරමින් ත්‍රස්ත්‍රවාදීන් අප සිටි ස්ථානය ආක්‍රමණය කිරිමට ඉදිරියට දිවඑන ලදී.
    ගුවන් හමුදා හෙලිකොප්ටරයේ නියමුවන්ටද කර ගැනීමට කිසිවක් නොවුයෙන් නැවත හැකි කඩිනමින් එය ඉහලට ඔසවා ගන්නා ලදී.එම එසවීමේදි එයට පටවන ලද මියගිය හෝ තුවාල ලබන්නට ඇතැයි විශ්වාස කළහැකි සිරැරැ කිහිපයක් ත්‍රස්තවාදීන් සිටින සිමාවට වැටෙන ආකාරයක් දර්ශණය වුවද ඒ සදහා අවධානයක් යෙමු කිරිමට තරම් වේලාවක් නොමැති විය.තුවාල වු අයවලුන්ට අයත් අවි දෙකක් මා අත විය.(තවද ඉන් වසර ගනනකට පසු එනම් 1999වසරේ මා යුධ හමුදාවෙන් ඉවත්ව කොළඹ ගලධාරි හෝටලයේ රැකියාව කරන අතර තුරදී ගුවන් හමුදාවෙන් පැමින අප සමග එකට වැඩකරනා ලද රත්නායක ආර්එම්ආර් සමග කථාබහ කරද්දී පැවසු දෙයින් මා නැවතත් අඩප්පන් වෙත මනසින් යාමයි.ඔහු විසින් පැවසූයේ ගුවන් හමුදා ජිවිතයේ ඔහුගේ අමතක නොවන සිදුවිම වන්නේ මන්නාරම අඩම්පන් සටනේදී තුවාල කරැවන් රැගෙන ඒම සදහා යන ලද හෙලිකොප්ටරයේ එක පැත්තක ගන්ස් ඔපරේටර් වශයෙන් ඔහු සිටි බවය.දරැණු වෙඩි පහරින් පසු චොපර් එක ඉහලට ඔසවා ටික වේලාවකට පසු අනික් පැත්තේ සිටි තම අය සමග කථා කලද කිසිදු කථාවක් නොමැති බැවින් ඒ පිළිබද සොයා බලන විට දැනගන්නට ලැබුනේ එම ගුවන් හමුදා සෙබලාගේ ඔලුවට වෙඩි පහරක් වැදි මිය ගොස් ඇති බවය.)
   ත්‍රස්ත්‍ර ප්‍රහාරය එන්න එන්නම දරැණු විය.අපද ප්‍රති ප්‍රහාර එල්ල කරමින් සිටි අතර කොටස් වශයෙන් අප සිටි ස්ථානයෙන් ඉවත් විමට කටයුතු කලද...කණ්ඩායම් වු ත්‍රස්ත්‍රයින් අපහට කිට්ටු කරමින් ප්‍රහාර එල්ල කරන ලදි.මිටර් සියයත් මිටර් එකසිය පනහක් වන තරමට වු ඉතා කිට්ටුවට පැමිණියද අපගේ ප්‍රහාරයට ඔවුන්ගේද කිහිප දෙනෙකු මියයන අයුරැ ඔසවන් යන අයුරැ දැක ගැනිමට හැකිවිය.
      .ටිකක් දුරක් බඩගාමින් වැටෙමින් නැගිටිමින් වෙඩිතබමින් දෙවියන් සිහිකරමින්..ඉතා අපහසුවෙන් ....කුඔුරැ යාය තරණය කිරිමට උත්සාහ කලෙමි .ත්‍රස්ත්‍රවාදීන්ද මිටර් සියයත් පනහත් අතර අප කිට්ටුවට පැමිණ ඇත.මා පිටුපසින්ද කිහිප දෙනකු ඇති අතර සමහර අයවලුන් ඉස්සරහට පැනපිය යකෝ යනුවෙන් කැගසනු මට ඇසුනි.මා අත වෙඩි වැදි මියගිය අවලන්ගේ ගිනි අවි දෙකක්ද ඇත. එය විසිකර දැමීමටද තරම් අමාරැ විය.එහෙත් එය විසිකර දැමිමට මට අදහසක් පහල නොවිය.මා හට වෙල්යාය පසුකර කැලැවට ගොඩවීමට තවත් මීටර් සියයක් හෝ දෙසීයක් පමණ ඇත.අප ඉදිරිපස සිටි කණාඩායමේ අයවලුන් එම සීමාව ක්‍රමක් ක්‍රමයෙන් තරනය කරනු දක්නට ඇතත් මාහට එය තවත් දිගු කාලයක් ගතවනු ඇත. ක්‍රමක් ක්‍රමයෙන් අදුර ගලාගෙන  ත්‍රස්ත්‍රවාදීන් වෙඩි තබමින් ඉදිරියට කැගසමින් එන අයුරැ ඇග සලිත වන දසුනක් විය.එහෙත් මා යුධ හමුදාවේ ඉතාමත් හොදින් පුහුණුව ලැබූ බවනම් අමතක කිරිමට මම කැමති නැත.තවත් රැදි සිටියහොත් එල්ටීටීඊ ත්‍රස්ත්‍රවාදීන්ගේ ග්‍රහනයට හෝ ඔවුන්ගේ වෙඩිපහරට ලක්වනු නොඅනුමානය.
      මරණයේ බය කොතෙක්ද යන්න මගේ සිතට දැනුනි.මරණබිය මා හිත තදින්ම වෙලා ගත්තේය.මාගේ බඩියා වු රාජවර්ධනද මා අසල සිට මියගිය ආකාරයත් මියගිය අයවලුන්ගේ සිරැරැ හෙලිකොප්ටරය වෙත රැගෙන ගිය ආකාරයත් එවා චොපරයට පැටවු ආකාරයත් මට සිහිවිය.මාගේ මරණයද එසේම වනු ඇතිබව මට පසක් වී හමාරය.ගෙදර අම්මා තාත්තාද සිහිවිය.තත්පර ගනනකදී මෙම මතකය මගේ හදවත තුලය.හදවත ගැහෙන්නට විය.ත්‍රස්ත්‍රවාදින් කෑගසමින් තව තවත් වෙඩි තබමින් වෙල් යායේ අප අසලටම පැමිනෙනු දැකීම තවත් බියකරැ විය.         
     .මට දෙවියන් සිහිවිය.අනේ මාගේ දෙවියනී .....මා බේරා ගත මැනව...එහෙත් මාගේ කැමැත්ත අනුව නොව ඔබගේ කැමැත්ත මත එසේම සිදු වේවා......යන්න තෙපලමින් මාගේ ජීවිතය දෙවියන්ට බාර දෙමින් මා අත තිබු අවි දෙකද සමග නැගිට වෙල් යාය තුල මදක් දිවගොස් වැටුනෙමි.මා නියරෙන් නැගිටනු දුටු අපට මීටර් පනහක් හෝ තිහක් ආසන්යේ සිටි ත්‍රස්ත්‍රවාදීන් විසින් වෙඩි තැබීම සිදුකලද මා අසලින් වෙඩි කිහිපයක් පතිත වුවද දෙවි පිහිටෙන් මාහට කිසිදු වෙඩිල්ලක් නොවැදීම මටද අදහා ගත නොහැකි විය.
         එසේ දිව ගොස් මා බිම දිගා වුවද තවත් විනාඩි කිහිපයක් ඇතුලත ත්‍රස්තවාදීන් කණ්ඩායම අප ඔවර් රන් කරගෙන යනු ඇත. මා වැටුන ක්ෂනිකයෙන්ම නැවතත් නැගිට තවත් මිටර් කිහිපයක් දිවගොස් ත්‍රස්ත්‍රවාදීන්ගේ පැත්තට වෙඩි කිහිපයක් තබමින් බිමට පතිත විය.ත්‍රස්ත්‍රවාදීන් වෙඩි තබමින් ඉදිරියට එන අතර අප සහ කණ්ඩායම ඉස්සරහට පනින ගමන් ඒ පැත්තට වෙඩි තබනවා.තවත් මිටර් දහයක් හෝ පහලොවක් පමන අපට වෙල්යාය මග හැරිමට ඇති අතර අපට වෙඩි තබමින් අප පසුකර යාමට ත්‍රස්ත්‍රවාදින්ටද මිටර් හතලිහක් හෝ පනහක් පමන දුරක් ඇත යන්න ඇසින් දුටු මා දරණ මතයයි.වෙල්යාය මගහැරිම මාගේ මෙන්ම අප සැමගේම අරමුන වන්නේ තවත් ප්‍රමාද වුවහොත් වෙල්යායේම මියැදීම අපට සිදුවන බව මේ වන විට සියල්ලන්ටම අවභෝධ වී හමාරය.පිටුපස බැලිම තවත් ප්‍රමාදයට කරැණක්ව ඇත.දෙවියන්ගේ හාස්කමක් නොවන්නට මට කිසිම දිනයක එම වෙල්යායනම් තරණය කරන්නට හැකියාවක් ලැබෙන්නේ නැති බව සක් සුදක් සේ පැහැදිලිය.එම පිහිට නොවන්නට මමත් මන්නාරම අඩප්පන් සටනේ මියගිය සෙසු නිළයින්ගේ නමට ඇතුලත් වනු නොඅනුමානය.
     මාගේ වචනය අනේ දෙවියනී...අනේ මාගේ දෙවියන්....මා බේරා ගත මැනව යන්න පමණකි....ත්‍රස්තයින්ට අසුවනවා වඩා මියයාම සැපතක් බව මම දැන සිටියෙමි.අවි දෙකක් මා අත තිබූ බැවින් ත්‍රස්තවාදීන්ගේ පැත්තට වෙඩි තැබීමට මට කල නොහැකි අතර වෙහෙසට පත්වි සිටිම එයටත් වඩා වැඩිවිය‍.මාගේ යුධ හමුදා ඇදුමද ඉරි ගොස් ඇත.
    මීටර් විස්සක් තිහක් පමණ අප වෙත කිට්ටුවට පැමින ඇති  ත්‍රස්ත්‍රවාදීන්ගේ වෙඩි වරැසා මැද  මම නැගිටිම සහ දිව යාම පැනීම බිම පතිත වීම.නැවත නැගිටීම දිවිම සහ පැනීම සහ බිම යාම මම කලේ කෙසේද යන්නවත් මම දන්නේ නැත.ඒ තරමට මා වේගවත් විය.ඒ පනින සෑම අවශ්ථාවකදීම දරැණු වෙඩි පහරවල් එල්ල කලද මා අසලින් කිහිපයක් බිම පතිත වුවද‍.මටනම් එකක්වත් වැදුනේ නැත. මාගේ දෙවියන් වහන්සේ මට පිහිට වු බවනම් මට නොරහසකි. වෙහෙසට පත්ව සිටි මා අවි දෙක්කද රැගෙන මීටර් විස්සක් තිහක් පමණ ලග සිටිනා ත්‍රස්ත්‍රවාදින් රැලකගේ එකම වෙඩි වර්ෂාවට මුහුණ දෙමින් එම දිවයාමේදි මා එසවීම විසි කිරිම වැටීම එසවීම විසි කිරිම මාගේ ශක්තියෙන් නොකල බව නම් මට වශ්වාසය.මට කවුරැන් හෝ උදව්වීම හා මාගේ සහයට හිටි බව පමණක් මට කිව හැක.එය කෙසේද කොහෙම සිදුවුයේද යන්න මම සෑම දිනයකදීම සිහියට නැගීමට උත්සාහ කලද එය ප්‍රශ්නයක් විය.එහෙත් එය මාගේ දෙවියන් වහන්සේගේ කරැණීකවීම මත සිදුවු දෙයක් වශයෙන් සදහන් කිරිමට මම අදටත් මම දිවිගෙවන තුරැත් සදහන් කිරිමට නොපැකිලෙමි. 

අඩප්ප්න් යුධ පිටියේ මියගොස් සිටි අපේ සෙබළුන් අඩප්ප්න් යුධ පිටියේ මියගොස් සිටි අපේ සෙබළුන්

කුඹුරැ සීමාව තරණය කිරිමට හැකි වුවද....මා වෙල් සීමාව පසුකල අවසන් කිහිපදෙනා අතර මාද විය.වෙල් යායේ පෙනෙන නොපෙනෙන කරැවල තිබුනද වෙල් යායෙන් එගොඩ වූ පසු එක් අයෙකුට එක් අයෙකු පෙනෙන්නේ නැති තරමට අදුර ගලාගෙන ආවේ අපගේ පිහිටටද යන්න අදටත් මට ඉතිරිවු තවත් ප්‍රශ්ණයක් විය. කණ්ඩායමේ කිහිප දෙනෙකු පමණක් මා සමග විය...ඒ අතර රයිපල් සෙබල පියරත්න මාගේ මතකයේ ඇත.ඒ ඔහු අප පෙලේ අවසානයට පැමිණී එල් එම් ජි කියන අවිය පරිහරණය කල පුද්ගලයා වු බැවිනි.
 කි දෙනකුදැයි යන්න මට කීමට නොහැක්කේ තිත්ත කරැවලේ එක් අයෙකුට එක් අයෙකු නොපෙනීම කල නොහැකි අතර කථා කිරිමද නොහැකි වූයේ ත්‍රස්ත්‍රවාදීන් විසින් අප පසුපස හබා එන බැවිනි.දරැණු වනයකදී නියම කෝටි රැලකට හසුවු මිනිසුන් සමූහයක් පසුපස හබා එන්න කොටි රැලක් පරිද්දෙන් අප පසුපස ත්‍රස්ත්‍රවාදීන් වෙඩිතබමින් අප ඒම කවරකුටවත් නතර කිරිමට නොහැකි කරැණක් විය. ඔවුන්ගේ අරමුණ වන්නේ ඔවුන්ට අයත් සීමාව තුලදී අප සැම කොටු කර මරා දැමීම හෝ අත්අඩංගුවට ගැනීමයි.එවුන්ගේ වෙඩි තැබීම එක අතකින් බියකරැ වුවද ත්‍රස්ත්‍රවාදීන් මගහැර යාමට එය අපට කදිම සටහනක් වූ බවනම් කිව හැක.
       මෙසේ අප එක් එක් අයවලුන්ගේ අඩි ශබ්දයට ඉදිරියට යන අතර තුරදී ඉදිරියෙන් පැමිනි .ත්‍රස්ත්‍රවාදින් කණ්ඩායමක් ආර්පිජි සහ අනෙකුත් අවිවලින් ප්‍රහාර එල්ල කලද සියල්ලෝම බිම වැතිර ඒ දෙසට ප්‍රහාර එල්ල කරන ලදී.රයිෆල් සෙබල පියරත්න විසින් එල්එම්ජි අවියෙන් වෙඩි වරැසාවක් එල්ල කරන ලද බැවින් ත්‍රස්ත්‍ර වෙඩි ප්‍රහාරය නතර විය.කොහි යන්නේද කුමක් කරන්නේද යන්න සිතා ගැනිමටවත් නොහැකි විය.සිටි අයවලුන් තවත් අතරමංවිය. කණ්ඩායමේ අනෙක් අයවලුන්ද අප මෙන් කැලය තුල අතරමංවි ඇත.අප කදවුරට තවත් කිලෝ මිටර් දහයක් පහලොවක් විතර ඇතැයි සිතිය හැක්කේ ඇතින් අපට පෙන්විමට පැරා එලි ආලොකය ලබා දී මෙනි.
   මට එක දෙයක් පැහැදිලි විය එනම් ත්‍රස්ත්‍රවාදීන්ගේ අරමුණ වුයේ කිසිවෙකුටත් කදවුරට යාමට ඉඩ නොදී අල්ලා ගැනීම හෝ මරාදැමිම විය.පාරක් ගමක් නගරයක් නොදත් අප එකට සිටි අයවලුන් අතරින් තවත් කිහිප දෙනෙක් එම ස්ථානයේදි මගහැරී යන ලදී.එසේත් නොමැතිනම් වෙඩි වැදී තුවාල සිදුවෙන්නට ඇත.එහෙත් කිසිවකුත් නොපෙනෙන කරැවලේ කෙසේ සොයන්නද?

එහිදී කොටින්ගේ අත් අඩංගුවට පත් එකට පුහුණුව ලද පිඑම්ඩබ්ලිව් බංඩාර

 තවත් ටික දුරක් පැමිණි අවශ්ථාවේදි අප සමග සිටි අයවලුන් මගහැරි ගොස් තිබූ බැවින් “සිල්වා සිල්වා“යනුවෙන් අමතන අවශ්ථාවකදී ...මෙහෙ වරෙන් යන්න පවසා අප ලගටම කැදවා වෙඩි තබන ලදී..මම වෙනත් පැත්තකට දිව ගිය අතර අනෙක් අයවලුන් තවත් පැත්තකට දිවයන ලදි.දැන් කථාකිරිම කෙසේවත් කළ නොහැක.ජීවිතය පිළිබද ආසාව අතහැර ගත් මා  ඒ අවශ්ථාවේදි බිම දිගා වී කල්පනා ලෝකයක ටික වේලාවක් සිටියෙමි.වර්ෂාවක්ද පැමිණියද කැලයේ පදුරැ අතර හෙල්මටය ගලවා මුහුන වසා ගත්මා මොහොතක් විඩා හැරියෙමි.නිදි මත ඇතත් ජිවිතයේ මා දකින අවධානම තුල දෙවියන්ට යදිමින් සිටියෙමි.අඩියක් තබන අඩියක් ගානෙම දෙවියන් සිහිකර ගතිමි.කිලෝ මිටර් පහක් හයක් ඈතින් පැරා ආලෝකය නොනවත්වාම ඒ මන්නාරම සිලාවතුර කදවුර යන්නට මට හිතා ගත හැකි වුවත් කොපමන දුරක් යන්නද......?ඒ අතරින් වෙඩිහඩ ඇසෙන්නේද අප කණ්ඩායම් හා ත්‍රස්ත්‍රවාදීන් අතර විය යුතුය.මම එයට බොහෝ පසු පසිනි
අවශානයේදී“දෙවියනී ......දෙවියනී ....මාගේ කැමැත්ත ලෙස නොව ....ඔබගේ කැමැත්ත ලෙස සිදු වේවා “යන්න  කිහිප වරක් සිත තුලින් තෙපලු මා ඝණ කළුරේ හෙමින් හෙමින් පැරා එලි එන දිශාව බලා පියවර කිහිපයක් ගොස් නතර වෙමින් හා නැවත පියවර කිහිපයක් ගොස් අවට විපරම් කර නැවත පියවර කිහිපයක් ගමන් කරමින් ටිකෙන් ටික කදවුරැ  කිට්ටුවට පැමිණෙන ලදී.
   මා සිටි ස්ථානය පැමිණි දිශාව පිළිබද විස්තරයක් කිමට තරම් නොමැති වුවද පැය කිහිපයක් ...තුලදී ගම්මානයන් කිහිපයක් පාරවල් කිහිපයක් කැලවල් තුලින් පැමිණි ගමන් මග ඉතා දුෂ්කර විය.මා කෙසේ පැමිණියේද යන්න මට අදටත් ප්‍රශ්ණයක් වී ඇත. 
 කෙසේ හෝ කදවුර ආසන්නයට මා හිතන ආකාරයට කදවුරට කිලෝමිටරයක් හෝ දෙකක් පමණ තිබියදී ත්‍රස්ත්‍රවාදීන් හා අප කණ්ඩායමක් අතර දරැණු වෙඩි හුවමාරැවක් සිදුවිය.එය මා සිටින දිශාවේ සිට මාගේ දකුණු අත පැත්තට මිටර් සියයක් දෙසීයක් පමණ දුරකින් යන්න මට හිතා ගැනිමට හැකියාව ඇති අතර මාගේ අදහස වුයේ ඉන්නා ඉසව්වෙන්ම ඉදිරියට ගොස් දකුණු අත පැත්තට බරව ඉදිරියට යාමය.මා විසින් තුවාල කරැවන්ගේ හෝ මියයන සෙබලුන්ට අයත් ටී 56රයිෆල් දෙකම ඒ ආකාරයෙන් කරමත විය.කෙසේවත් මොන කරදර මධයයේ වුවද එය අතහැර නොමැති විම ගැන මම  ඇත්තෙන්ම සතුටු වුයේ මෙහිදී මා හට ඉටුකිරිමට හැකිව තිබු වැදගත් ක්‍රියාවක් බැවිනි.

මියගිය කොටි නායක වික්ටර්

     මන්නාරම සිලාවතුර කදවුරට පැමිණෙන විට පසුදින පාන්දර තුනත් හතරත් අතර කාලය තුලදී වෙන්නට ඇත.මාගේ ඇදුම් ඉරි විනාශ වී තිබුනි.එය එසේ වුවද ....මා එන්නේද ,,...?මට කුමක් සිදුවිද යන්න විපරම් කරමින් සිටි අපේ ගමේ මිතුරා වන සරත් නිදි මරමින් බලා සිට.. මා එන පෙරමගට පැමිණිය අතර මා අතින් අල්ලා බදාගත්තේද මෙම සිදුවිමේ එක් ශාක්ෂිකරැවකු වශයෙනි.ඔහු මා විසින් රැගෙන එන ලද මාගේ අවි දෙකත් රැගෙන මා අතින් අල්ලා රැගෙන යන ලදී.තවද තව තවත් අයවලුන් සිටියද ඒ කවුරැන්ද යන්න මාගේ මතකයේ නොමැත.එක් අයෙකු මාගේ නම සටහන් කර ගන්නවා මතකයේ ඇත.

යුධ හමුදාවෙන් අත් අඩංගුවට ගන්නා ලද අවි ආයූධ

     එසේම තවත් දින දෙකකට පසු තුවාල ලද ආධුනික සෙබල ගුණරත්න රැගෙන ආධුනික සෙබල විරවර්ධන කදවුර තුලට පැමිනෙන ලදී.ඔවුන් දෙදෙනාම මා සමග පුහුණුව ලැබු අයවලුන් විය.ගුණරත්නගේ කකුලට වෙඩි වැදී තිබුනි.ආධුනික සෙබල විරවර්ධන යුධ හමුදාපති තුමන් විසින් එදින සිට ලාන්ස් කෝප්‍රල් නිළයට උසස් කරන ලද අතර යුධ හමුදාවට බැදී මාස හතක් වැනි කෙටි කාලයකින් ක්‍රියාන්වතයකදි අසස් විම් ලද පලමු වෙනි සෙබලා වශයෙන් යැයි මා සිතුවද ඉතා කෙටි කලකින් යුධ හමුදාවේන් එම දෙදෙනාම නිවාඩු නොමැතිව නොපැමින සිටිමේ(Absion) වරදට යුධ හමුදාවෙන් ඉවත් කරන ලදී.
  අවශානයේදි යුද්ධයේ ප්‍රතිපලය වි තිබුනේ අප හමුදාවේ පහලොවත් විස්සක් අතර සංඛ්‍යවක් මියයාම එයට වැඩි මිසක් අඩු නැත(මියගිය ගනන නම් දන්නේ නැත)ඒ අතර මාගේ බඩියා වු ආධුනික සෙබල රාජවර්ධන  .... වෙන්නප්පුවේ සිල්වා.... ජයරත්න ඇතුළු කිහිප දෙනෙකි.එසේම මියගිය අයවලුගේ මෘත දේහයන් ත්‍රස්ත්‍රවාදීන්ගේ අත්අඩංගුවට පත්වී තිබුනි.තවද මාගේ බැච් එකේම අප සමග සිටි ආධුනික සෙබල බංඩාර  කේඑම්යුඩබ්ලිව්එම්ඒඩබ්ලිව් සහ කාලතුවක්කු හමුදාවේ ලුතිතන් චන්ද්‍රසිරි යන අයවලුන් දෙදෙනා කොටින්ට පනපිටින් අසුවි තිබුනි.

ලුතිතන් කර්නල් ජේ සී කොතලාවල කිට්ටු සමග

    එම කාල වකවානුව වනවිට ශ්‍රි ලංකාව හා යුධ හමුදාව තුල ඉතාමත් ආන්දෝලාත්මක සිද්ධියක් වු මෙය කෙටි කාලයක් තුලදි යුධ හමුදාව ලැබු විශාල පරාජයක් මෙන්ම කොටි ත්‍රස්ත්‍රවාදින් ලැබු ජයග්‍රහනයක් විය.එහෙත් එහිදී ත්‍රස්ත්‍රවාදී ප්‍රධානපෙලේ නායකයෙකුවු වික්ටර් ඇතුලු ත්‍රස්ත්‍රවාදින් අසුවකට අධික පිරිසක් මිය ගිය බැවින් ගොඩ නැගි පවතිමින් සිටිනා ත්‍රස්ත්‍රවාදින්ගේ පරාජයක් ලෙසද සදහන් කලද වරදක් නොමැත.
  මෙම ප්‍රහාරයේ වගකීම කිසි විටෙකත් එම ක්‍රීයාන්විතය මෙහෙයවන ලද 1 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ අණදෙන නීළධාරි වූ බී බී එස් මෙන්ඩිස් යන නිළධාරීහට එවකට වරද පැටවීමට උත්සාහ කළද එහි වගකිම එම නිළධාරි වෙත පැවරිමට කිසිසේත්ම නොහැකි අතර එහි සම්පුර්ණ වගකීම දැරිය යුත්තේ එම ක්‍රීයාන්විතය මෙහෙයවන ලද ඉහල නීළධාරින් විය යුතුය.  කෙසේ වෙතත් නියමාකාරයෙන් එදා ප්‍රහාරයන් දිමට හා පසු බැසීමට නිසි උපදෙස් ලබා දුන්නේ නම් එවැනි විනාශයක් සිදු නොවනු ඇත යනු අණදෙන ණිළධාරිට මදක් පිටුපසින් එවකට ආධුණීක සෙබලකු වු මාගේ අදහස වුවද සියල්ල නිමවී එය අතිත සිදුවිමක් පමනක් වී අත.එහෙත් සත්‍යය කිසිදිනෙක වල දැමිමට නොහැකි බව අමතක නොකල යුත්තකි.

අත්අඩංගුවට පත් සෙබළුන් බේරා ගැනීම සදහා විජය ඇතුළු පිරිසක් යාපනයට ගාය අවශ්ථාව ජීවමාන වු දෙවියන් වහන්සේට ප්‍රශංසා වන්නට එහිදී ජීවත් වීමට වරම් ලබා ගන්නා ලද මා නැවත යුද්ධයේදි මරා දැමිමට නොහැකි වන බව සිහියට නගා ගනිමින් මාගේ රාජකාරින් ඉතා උසස් අන්දමින් ඉටුකරන ලදී්‍.

විවාහය සංස්කරණය

1993 වර්ෂයේදී කැගල්ල දිස්ත්‍රක්කයේ යටපානගේ නන්දා අයිරංගනී නම් ගැමි දියණියක් සමගින් විවාහ දිවියටපත් වන ලදී ඔවුන් දෙපළට එස් චාරැක අශාන් ජයමල්ක සිල්වා යන නම්න් පුතෙක් හා එස් චමෝදි අශ්මිලා ජයලක්ෂිි සිල්වා යන නමින් දියණියක් විය

රාජකාරීන් සංස්කරණය

පාඨමාලාවන් සාර්ථකව හැදැරීම සංස්කරණය

අවශ්ථාවන් තුනකදී අධීකාරීලත් නිළයකට නිර්දේශ කිරිම සංස්කරණය

දියතලාව යුධ හමුදා පීඨයේ පාඨමාලාවට සහභාගී විම සංස්කරණය

ආරක්ෂක හමුදාවෙන් ඉවත්වීමට තීරණය කිරිම සංස්කරණය

ගලධාරි හෝටලයේ රැකියාව සදහා යාම සංස්කරණය

රණවිරැ සංගමයක් නිර්මාණය කිරිම සංස්කරණය

ඉරාකයේ ආරක්ෂක කටයුතු සදහා පිටත්වීම සංස්කරණය

කිස්ට් නැමති දිවයිනට පිටුවහල් කිරිම සංස්කරණය

මව්බිමට පිටුවහල් කිරිම සංස්කරණය

නැවතත් යුධ හමුදාවට එක්වීම සංස්කරණය

එල්ලේ ක්‍රීඩාව ප්‍රථමවරට අන්තර්ජාලයට යොමු කිරිම සංස්කරණය

ශ්‍රී ලාංකීයනට උරැමකම් කියන ලද එල්ලේ ක්‍රීඩාව වසර ගණනක් පුරා අතීත මුතුන් මිත්තන් විසින් විනොදාත්මක ක්‍රීඩාවක් වශයෙන් කරගෙන ගියද ජත්‍යන්තර වශයෙන් ඉදිරියට නොගිය අතර එය අන්තර්ජලයේ කිසිදු සටහනක් දක්නට නොමැති විය එය මනා ලෙසින් වටහා ගත් මොහු එල්ලේ ක්‍රීඩාව අන්තර්ජාලයට යොමු කිරිමට කටයුතු සලස්වමින් එල්ලේ ක්‍රීඩාවේ ප්‍රථම වරට බ්ලොග් අඩවි මගින්ද පසුව එල්ලේ ක්‍රීඩාව සදහාම වු ප්‍රථම සහ එකම අන්තර්ජාල පිටුව වශයෙන් www.srilankaelle.com යන වෙබ් පිටුව නිර්මාණය කරමින් මෙම ක්‍රීඩාව ජාත්‍යන්තර තලයට රැගෙන යාම පිණීස කටයුතු කරන ලදී එම ප්‍රථම වෙබ් පිටුව

  • එල්ලේ ක්‍රීඩාව පිළීබදව - එස් ජූඩ් සිල්වා විසින් හ්‍රී ලංකා එල්ලේ ක්‍රීඩාව වෙනුවෙන් අන්තර්ජාලයට යොමුකරන ලද විස්තර - වර්ෂ 2009

එස් ජූඩ් සිල්වා විසින් ලියා ඇති අන්තර්ජාල පිටු සංස්කරණය

  • එල්ලේ ක්‍රීඩාව පිළීබදව - එස් ජූඩ් සිල්වා විසින් හ්‍රී ලංකා එල්ලේ ක්‍රීඩාව වෙනුවෙන් අන්තර්ජාලයට යොමුකරන ලද විස්තර - වර්ෂ 2009
  • කැන්ගන් වතුර පිළීබදව - එස් ජූඩ් සිල්වා විසින් කැන්ගන් වතුර සම්භන්ධයෙන් ලියන ලද අන්තර්ජාල පිටුව - වර්ෂ 2018

එල්ලේ ක්‍රීඩා ප්‍රථම අන්තර්ජාල පිටුව සංස්කරණය

  • එල්ලේ ක්‍රීඩාව පිළීබදව - එස් ජූඩ් සිල්වා විසින් හ්‍රී ලංකා එල්ලේ ක්‍රීඩාව වෙනුවෙන් අන්තර්ජාලයට යොමුකරන ලද විස්තර - වර්ෂ 2009

හ්‍රී ලංකා එල්ලේ ක්‍රීඩාව වෙනුවෙන් අන්තර්ජාලයට යොමුකරන ලද විස්තර සංස්කරණය

  • එල්ලේ ක්‍රීඩාව පිළීබදව - එස් ජූඩ් සිල්වා විසින් හ්‍රී ලංකා එල්ලේ ක්‍රීඩාව වෙනුවෙන් අන්තර්ජාලයට යොමුකරන ලද විස්තර -වර්ෂ 2000
  • එල්ලේ ක්‍රීඩාව පිළීබදව - එස් ජූඩ් සිල්වා විසින් හ්‍රී ලංකා එල්ලේ ක්‍රීඩාව වෙනුවෙන් අන්තර්ජාලයට යොමුකරන ලද විස්තර - වර්ෂ 2009
  • එල්ලේ ක්‍රීඩාව පිළීබදව - එස් ජූඩ් සිල්වා විසින් හ්‍රී ලංකා එල්ලේ ක්‍රීඩාව වෙනුවෙන් අන්තර්ජාලයට යොමුකරන ලද විස්තර - වර්ෂ 2002
  • එල්ලේ ක්‍රීඩාව පිළීබදව - එස් ජූඩ් සිල්වා විසින් හ්‍රී ලංකා එල්ලේ ක්‍රීඩාව වෙනුවෙන් අන්තර්ජාලයට යොමුකරන ලද විස්තර - වර්ෂ 2002
  • එල්ලේ ක්‍රීඩාව පිළීබදව - එස් ජූඩ් සිල්වා විසින් හ්‍රී ලංකා එල්ලේ ක්‍රීඩාව වෙනුවෙන් අන්තර්ජාලයට යොමුකරන ලද විස්තර - වර්ෂ 2002
  • එල්ලේ ක්‍රීඩාව පිළීබදව-එස් ජූඩ් සිල්වා විසින් හ්‍රී ලංකා එල්ලේ ක්‍රීඩාව වෙනුවෙන් අන්තර්ජාලයට යොමුකරන ලද විස්තර- වර්ෂ 2005
  • එල්ලේ ක්‍රීඩාව පිළීබදව-එස් ජූඩ් සිල්වා විසින් හ්‍රී ලංකා එල්ලේ ක්‍රීඩාව වෙනුවෙන් අන්තර්ජාලයට යොමුකරන ලද විස්තර- වර්ෂ 2005

විකිපීඩියා Wikipedia නිදහස් විශ්ව කෝෂයට ඇතුලත් කරන ලද විස්තර සංස්කරණය

  • කැන්ගන් වතුර පිළීබදව - එස් ජූඩ් සිල්වා විසින් විකිපීඩියා Wikipedia නිදහස් විශ්ව කෝෂයට ඇතුලත් කරන ලද විස්තර - වර්ෂ 1990

එස් ජූඩ් සිල්වා විසින් නිදහස් විශ්වකෝෂයට(Wikipedia) ලියා ඇති පිටු සංස්කරණය

අන්තර්ජාලයට යොමුකර ඇති විඩියෝපට සංස්කරණය

ප්‍රදේශයේ වැදගත් ස්ථානයන් හා පුද්ගලයින් වෙනුවෙන් අන්තර්ජාලයට යොමුකරන ලද ඇති විස්තර සංස්කරණය


අන්තර්ජාලයට යොමුකරන ලද වෙනත් පිටු සංස්කරණය

එල්ලේ ක්‍රීඩාව වෙනුවෙන් එළිදක්වන ලද ප්‍රථම පුවත්පත සංස්කරණය

  • - ශ්‍රී ලංකා එල්ලේ එල්ලේ ක්‍රීඩාව වෙනුවෙන් නිකුත් කරන ලද ප්‍රථම පුවත්පත වන එල්ලය පීලිබදව- වර්ෂ 2015
    *

වෙනත් අන්තර්ජාල පිටු සංස්කරණය

  • නිසදැස් - එස් ජූඩ් සිල්වා විසින් ලියන ලද නිසදැස් - 1985,2010
  • නිසදැස් - එස් ජූඩ් සිල්වා විසින් ලියන ලද නිසදැස් - 1985,2010

|website = www.srilankaelle.com www.srilankaelle.com ශ්‍රී ලංකා එල්ලේ Sri Lanka Elle

  • තිබ්බොටුගොඩ-තිබ්බොටුගොඩ මගේ ගම වෙනුවෙන් ලියා ඇති අන්තර්ජාල පිටු - වර්ෂ 1999

නොකළ වරදකට යුධ හමුදා පොළිස් භාරයට පත්වීම සංස්කරණය

යුධ හමුදාවෙන් විශ්‍රෘම ගැනීම සංස්කරණය

එල්ලේ ක්‍රීඩාවෙ ප්‍රථම පුවත් පත එලිදැක්වීම සංස්කරණය

ගාමිණි විදුහල් ආදි ශිෂ්‍ය සංගමය නැවත ගොඩ නැගීම සංස්කරණය

එකම අරමුණක් ව තිබු තමන්ට සිදුවු අසාධාරණ ක්‍රීයාවන් තවත් අයෙකුට ඉටු නොකිරිමට නම් ගමේ පාසැල දියුණුවට පත්කර ගනිමින් අනාගත පරපුර වෙත හොද අධ්‍යාපන තත්වයක් ලබා දීම යැයි සිතමින් කටයුතු කර ගම් ප්‍රදේශයේ බොහො අයෙකුගේ කිසිදු සහයක් නොලැබුනද තමන් ඉගෙන ගන්නා ලද පාසැල දියුණුවට පත්කර අනාගත පරපුර වෙත භාර දියයුතු බැවින් තමන් මුලික අධ්‍යාපනය හදාරන ලද තිබ්බොටුගොඩ ගාමිණි විදුහල් ආදි ශිෂ්‍ය සංගමය නැවත ආරම්භ කිරිමට කටයුතු යොදන ලදී

කැන්ගන් වතුර අයනීකාරකය සංස්කරණය

ශ්‍රී ලංකාවේ ජනතාවගේ ප්‍රයෝජනය සදහා අලෙවි කිරිමට ප්‍රථමයෙන් ගෙන්වන ලද කැන්ගන් වතුර අයනීකරණ මැෂින් එක පිළීබදව පළමුවරට අන්තර්ජාලයට ඇතුලත් කිරිම සහ විකිපිඩියා නිදහස් විශෟව කෝෂයට එය ඇතුලත් කරමින් සියලුම තොරතුරැ ඇතුලත් කිරිම

ජාලීය අලෙවි කරණය පිළීබද(Net Work Markating) සිංහල විශ්ව කෝෂයට ඇතුලත් කිරිම සංස්කරණය

ලෝකයේ දුප්පතුන් ධනපතියන් බවට පත්කරනු ලබන හා ඉතාමත් ඉක්මනින් ධනපතියන් බවට පත් විය හැකි මෙන්ම දුප්පත් රටක සංවර්ධනය කරා යා හැකි එහෙත් හ්‍රී ලංකාවේ ජීවත්වෙන දුප්පත් තරැණ කරැණියන්ගේ මෙන්ම මහජනතාවගේ දැනුම අල්පව පවතින බැවින් එය දියුණූ කිරිම සහ ඔවුන් ධනවතුන් කර රට සංවර්ධනය කිරිමේ පරම චේතනාවෙන් යුක්තව මෙම විකිපිඩියා නිදහස් විශ්ව කෝෂ පිටුව ලියන ලදී

ශ්‍රී ලංකාවේ දේශපාලනයට එක්වීම සංස්කරණය

රටේ සංවර්ධනයට මගේ දායකත්වය" www.srilankaelle.com වෙබ් පිටුවේ නවතම වැඩසටහන අපේ සිහින පාර්ලිමේන්තුව "Our Dream Parliament"රට සංවර්ධනය කරනු ලබන මගේ ප්‍රතිපත්ති ප්‍රකාශණය.සිහින සත්‍යයක් වෙන බව අමතක කරන්න එපා..* [යු ටියුබ් Sri Lanka Elle වෙතින් සම්පූර්ණ විස්තරය අසන්න පුලුවන්...සිහින කියන්නේ නිදාගෙන ඉන්න විට පෙනෙන සිහින නෙමෙයි..තමන් ජීවත් වෙලා ඉන්න කාලේ ජීවිතය පවත්වාගෙන යාමට දකින සිහිනයි...ඒවා සාර්ථක වේ...විශ්වයේ නිතිය එයයි.එස් ජේ සිල්වා සංස්කාරක එල්ලය පුවත් සහ වෙබ් පිටු..

ශ්‍රී ලංකාවේ සත්‍ය ඉතිහාසය 2020 පාර්ලිමේන්තු මැතිවරණයේදී දේශපාලනයේ කරලියට ගෙන ඒම සංස්කරණය

ශ්‍රී ලංකාවේ සත්‍ය ඉතිහාසය මෙයට වසර දස දහස් ගණන්ක ඈත එපිට අතීතයකට දිව ගියද වර්ථමානය වෙන විට එම ඉතිහාසය අමතකකර දමා ඇතත් 2020 පාර්ලිමේන්තු මැතිවරණයේදී නැවතත් දේශපාලනයේ කරලියට ගෙන ඒමට කටයුතු කර ඇත.එහි මුලිකත්වය ගෙන කටයුතු කරනු ලබන්නේ වසර විසි දෙකක් ශ්‍රී ලංකාවේ යුධ හමුදාවේ සේවය කර විශ්‍රාම ගොස් සිටින බළලත් නිළධාර් 1 එස් ජේ සිල්වා විසිනි.මොහුගේ මව් එක්කය වන්නේ ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවයි.ලංකාවේ දේශපාලකයින්ට මෙන්ම බොහෝ පිරිසකට අමතකව ගොස් ඇතත් වර්තමානය වන විට තම අතීතය ආවර්ජනය කරමින් සිටින පිරිසද ඉතා විශාලය. එහෙත් දේශපාලනමය වශයෙන් මේ පිළීබදව කිිසිවෙකුත් මේ දක්වා සටහන් කර නොමැත් වුවද මෙම මැතිවරණයත් සමගින් විශාල වශයෙන් මහජනතාව මේ පිළීබදව උනන්දුවක් දක්වනු ඇති බවද සදහන් කිරිමට හැකියාවක් ඇත. ශ්‍රී ලංකාවේ සත්‍ය ඉතිහාසය පිළිබදව විස්තර ඉදිරිපත් කරමින් සිටින පිරිස ඉතා විශාල වුවද එම අතීතය අමතක කීරිම එතරම් සුදුසු නොවන්නේ වර්තමානයේ අප රට පත්ව ඇති තත්වය අනුව බලන විටය.කෙසේ වෙතත් මෙම සත්‍ය ඉතිහාසය පිළිබදව ගවේෂණය කරනා විදේශ ජාතින් විසින් ඒ පිළිබදව දැන සිටියද?දන ගත්තද රටේ වත්මන් පාලකයින් ඒ පිළිබදව උනන්දුවක් නොදැක්වීම කණගාටුවට කරණක් වුවද?අපගේ යුතුකම වන්නේ එම සත්‍ය ඉතිහාසය පෙන්වා දෙන අයවලුන් සමගින් එකමුතුව මෙම අතීතය හාරා ගොඩ දැමීමය.එසේ නොවන්නේ නම් වත්මන් මෙන්ම අනාගත පරපුර විසින් වර්තමානයේ දිවි ගෙවමින් සිටි සෑම දෙනකුටම සාප කරනු ඇත.ඉන් මිදිමට නම් තම තමන් විසින් මෙහි සත්‍ය අසත්‍ය තාවය සොයා දැන ගත යුතුයි දේශපාලන වේදිකාවට ගෙන ඒම ශ්‍රී ලංකාව යටත් විජිතයක් වශයෙන් වසර 500 කට අධික කාලයක් සිටියද බටහිර ජාතින් විසින් මෙම ඉතිහාසය ක්‍රමක් ක්‍රමයෙන් යට දමා හෙළ ජාතිය පහත හෙලීමට කටයුතු කරන ලද්දේ හෙළ ජාතියේ සිතිමේ ශක්තියද ජානයන්හි අති ශක්තිමත් භාවයද ඉතා හොදින් අධ්‍යයනය කිරිමෙන් පසුය.එමෙන්ම හ්‍රී ලංකාවේ පිහිටිම එහි ඇති සම්පත් විශ්ව ශක්තිය අවශෝසනය කිරිමේ හැකියාව පිළිබදව සොයා බැලීමෙන් පසුවය. කෙසේ කොහොම කීවත් සිංහල ජාතිය ක්‍රමක් ක්‍රමයෙන් විනාශය කරා රැගෙන යාමට කටයුතු සැලසුම් කලද හෙළ ලේ ඇති මිනිසුන් ක්‍රමක් ක්‍රමයෙන් බිහිවෙමින් පවතින අතර එම අයවලුන් විසින් තම තමනගේ කාර්යය ඉටු කරමින් සිටින බැවින් එම සෑම අයෙකුටම තව තවත් දිරිමත් කිරිමක් වශයෙන් මෙවර මැතිවරණයට මුලිකත්වය ගෙන කටයුතු කරමින් සිටින්නේ ජාතියේ සත්‍ය ඉතිහාසයට පන දීමක් වශයෙන් බව සදහන් කල හැක.

ශ්‍රී ලංකාව යටත් විජිතයක් වශයෙන් වසර 500 කට අධික කාලයක් සිටියද බටහිර ජාතින් විසින් මෙම ඉතිහාසය ක්‍රමක් ක්‍රමයෙන් යට දමා හෙළ ජාතිය පහත හෙලීමට කටයුතු කරන ලද්දේ හෙළ ජාතියේ සිතිමේ ශක්තියද ජානයන්හි අති ශක්තිමත් භාවයද ඉතා හොදින් අධ්‍යයනය කිරිමෙන් පසුය.එමෙන්ම හ්‍රී ලංකාවේ පිහිටිම එහි ඇති සම්පත් විශ්ව ශක්තිය අවශෝසනය කිරිමේ හැකියාව පිළිබදව සොයා බැලීමෙන් පසුවය. කෙසේ කොහොම කීවත් සිංහල ජාතිය ක්‍රමක් ක්‍රමයෙන් විනාශය කරා රැගෙන යාමට කටයුතු සැලසුම් කලද හෙළ ලේ ඇති මිනිසුන් ක්‍රමක් ක්‍රමයෙන් බිහිවෙමින් පවතින අතර එම අයවලුන් විසින් තම තමනගේ කාර්යය ඉටු කරමින් සිටින බැවින් එම සෑම අයෙකුටම තව තවත් දිරිමත් කිරිමක් වශයෙන් මෙවර මැතිවරණයට මුලිකත්වය ගෙන කටයුතු කරමින් සිටින්නේ ජාතියේ සත්‍ය ඉතිහාසයට පන දීමක් වශයෙන් බව සදහන් කල හැක. See My Details ..මගේ පුද්ගලික විස්තර බලන්න.. අතීත මුතුන් මිත්තන් මෙන් මනස දියුණූ කර ගැනීඹ වර්තමානයේ සෑම දෙයක්ම දේශපාලනීය කර ඇති බැවින් අපගේ සත්‍ය ඉතිහාසයද දේශපාලන කරලියට රැගෙන ආ හේතුව පිළීබදව විස්තර දක්වමින් එස් ජූඩ් සිල්වා සදහන් කරන ලද්දේ වර්තමානයේ සෑම දෙයක්ම දේශපාලනිය කරනයෙන් පමනක් ඉටුකර ගත හැකි කරුණක් වන බැවින් මේ සදහා කටයුතු කිරිමට තීරණයක් ගන්නා ලද බවය.විශේෂයෙන්ම අපගේ මනස දියුණූ කර ගැනීම තුලින් සියලුම දෙවල් කරගත හැකි බැවින් එයද ඉටු කිරිම මෙන්ම අතීත අප මුතුන් මිත්තන් විසින් මේ රටේ සිදුකර ඇත්තේත් වර්තමානයේ අනෙකුත් ධනවත් රටවල් තුලින් සිදුකරනු ලබන්නේත් එයම බැවින් එය තේරුම් කර දීමද මෙහි තවත් අරමුණක්. කවුරු කොහොම කෙසේ කිව්වද අප රට තවත් වසර කිහිපයකින් විනාශය කරා යන බවක් දක්නට ලැබීම කණගාටුවට කරුණක්.ඒ උනාට එය දේශපාලන කෝණයකින් බලන කිසිවෙකුටවත් පෙනෙන්නේ නැහැ.ඒවා තේරුම් කර දීම මගේ යුතුකමක් ලෙසයි මම දකින්නේ.මගේ රාජකාරියත් එයයි.රටේ අතීතය පෙන්වා දෙන සෑම අයෙකුගේම සහය මේ සදහා ලබා ගන්නට අදහස් කරමින් සෑම දේශපාලන පක්ෂයකම නායකයෙකුටම මේ පිළිබදව අවධානය යොමු කරමින් කටයුතු කරන්නට අදහසක් දෙන්නට තමයි මම කටයුතු කරන්න අදහස් කරන්නෙ. තවත් කරුණක් වන්නේ අපේ සත්‍ය ඉතිහාසය ක්‍රමක් ක්‍රමයෙන් එක් එක් රටවල අවශ්‍යතාවය මත විනාශය කරා ගෙන ගොස් ඇතත් මටනම් එය බලාගෙන ඉන්න බැහැ මෙය දැනගත්තු සහ අධ්‍යනය කරන්න පටන් ගත්තු දින සිට කොහොමද මෙය කරන්නේ කියල හිත හිත හිටියත් ඒ සදහා මට මේ ලැබුන අවශ්ථාවෙන් මම ප්‍රයෝජන ගන්නවා.ඒ වාගේම අපේ රටට ආදරය කරන නායකයෙක් අපට ලැබිලා තියෙනවා එතුමාට සහය දෙමින් අපේ රට හා අනාගත පරපුර නියම මාර්ගයට යොමු කරමින් මහජනයා දනුවත් කිරීමට අදහස් කරනවා.හැබැයි හිතන තරම් ලෙහෙසිත් නැහැ ඒ වාගේම අමාරුත් නැහැ.මම දන්නවා මම විශ්වාස කරනවා නැහැ බැහැ කියලා දෙයක් මාගේ පොතේ නැහැ.හිතුවොත් එය කරන්න පුලුවන්.ඒ වාගේම විශ්වයේ සහය අනිවාර්්‍යයෙන්ම මට හා මේ යන ගමනට ලැබෙන බවත් මම දන්නවා. බලන්න අපේ රටේ ලෝක උරුමයන් වශයෙන් හදුන්වනු ලබන සිගිරිය වාගේ ෙඓතිහාසික ස්ථාන දිහා මේවා කවුද නිර්මානය කලේ කොහොමද? වර්තමානයේ දියුණු තාක්ෂණයටවත් ඒව ගොඩ නගපු විදිහ හොයා ගන්න බැරිවෙලා තියෙනවා.එහෙනම් මොකක්ද මේ රහස. මේ රහස ගැන කථා කරන්න එන සෑම අයෙකුවම නිහඩ කරන්න වසර ගනනක සිට මාන බලමින් ඉන්නේ.ඒ උනාට එය කොහොම හරි දේ උඩට එනවා. හරියට දිය යට දමපු රබර් බෝලය වාගේ . ඒ වාගේම තමයි සංවර්ධනය මුවා වෙන් අපේ රටේ ඉතිහාසය කොපමණ දුරකට වල දාලා තියෙනවද?ඒ වාගේම අපේ රටෙන් අරගෙන ගිය ධන නිධානයන් තොගය තවත් තියෙනවා. ඒ උනාට මෙම නායකයින් අපේ මිනිසුන්ව ගොන්නුන්ට අන්දගෙන වැඩ ගන්නවා.ඒත් අමතක කරන්න එපා එහි ප්‍රති විපාකාපයන් ඒ අයටම එනවා. හරියට භුමරංගය වාගේ.දැන් එන්නට පටන් අරගෙන තියෙන බව අමතක කරන්න එපා අපේ රටේ ඉතිහාසය මෙන්ම වටිනා වශ්තුව කොල්ල කෑම,වටිනා පුස්කොළ පොත් විනාශ කිරීම සහ රැගෙනයාම. ඒවායේ තියෙන රහස් අනුව වැඩ කටයුතු කරමින් නව නව නිර්මාණයන් කරමින් ලොවට ඉදිරිපත් කිරිම. සදහන් කල හැකියි.මේවාට කවුද කථා කරන්නේ?අපිටම තමයි කථා කරන්න වෙන්නේ එහෙනම් අපි කථා කරමු. අපේ පරිසරය විනාශකරමින් කෘමිනාසක වැඩිපුර යෙදවමින් ජලය අපවිත්‍රකර අපේ මහජනතාව වෙත අසනී තත්වයන් අතිකිරිම අපේ ජාන ශක්තිය විනාශ කිරීම.මේවා කවුද කතා කරන්නේ මහ සඝරුවන කෝ කථා කරනවද? නැහැ ජාතියක් විනාශයට බලාගෙන සැන සෙන්නට පුලුවන් කාටද?මටනම් බැහැ කට විතරක් නෙමේ හරියට වැඩ කරන්න ඕනෑ.අපි ඉපදෙනව මිය යනව කී දෙනෙක් එහෙම මිය ගියාද?ඒ අයට කරන අගෘරවයක් කියල හිතෙනනේ නැතිද?බල්ලෙක් මී හරකෙක් වගේ ඉපදිලා තිරිසනෙක් වාගේ මිය යනවද?රටට ගෝකයට වැඩක් කරල මිය යනවද?කියල තීරණය කරන්න ඕනෑ වෙන්නේ ඔබ සහ ඔබගේ මනස විසිනුයි. පරාගපෝෂණය කරන මී මැස්සන් විනාශ කරන ශාක ගෙනවිත් හිටවනව.කවුද මේවා නිවරදි කරන්නේ? කවදද මේවා කරන්නේ?හිතා ගන්නවත් බැහැ. එහෙනම් අපි එය කල යුතුමයි. ඒ වාගේම ක්ලෝරින් ජලය මගින් ජලය පිරිසිදු කරමින් අපේ මෙන්ම අපේ දරැවන්ගේද අනාගත පරම්පරාවේද සිතිමේ ශක්තිය ඇති තුන්වෙනි ඇස(Third eye)අක්‍රීය කරවීමට කටයුතු කරන්නේද? අපගේ හෙළ ජාතිය මහත් බලසම්පන්න වන බැවින් එය අඩපන කිරිමටයි.යන්න සදහන් කරන්න කැමතියි. මේ ගැන හොයන්න වෙනවා අද පටන් මෙය හොයන්න ඒ වාගේම ඔබගේ :ාතීන් මිතුරන්ට මෙය කියන්න හොයන්න ඇත්ත නැත්ත දැනගන්න මේවා නිවරදි කර ගන්නේ නම් අප කිසිදු ජාතියකට යටත් වීමට අවශ්‍යතාවයක් නැහැ අපගේ කෘෂිකර්මාන්තය තවත බොහෝ දේ ඇත අපි අපේ ප්‍රතිපත්ති ප්‍රකාශණයට මේ සැම ඇතුගත් කර දී තිබෙනවා අපේ රට නිදහස් දවසේ ඉදලා රට පාලනය කරපු අයට මම බනින්න යනනේ නැහැ හැබැයි ඒ අය කරපු වැරදි එකින් එක කියලා දෙන්න මට පුලුවන්.එහෙම කියලා දෙන්න මම කිසි විටකත් පැකිලෙන්නේ නැහැ.මෙයට විරුද්ධව කටයුතු කරනා කවුරුන් හෝ ඉන්නවා නම් ඒ හැම අයෙකුම කරනු ලබන්නේ තම තමන්ගේ දරුවන්ට මෙන්ම අනාගත පරපුරටත් ශී ලංකාවටත් අපේ අතීත මුතුන මිත්තන්ටත් කරනු ලබන ද්‍රෝහී කමක් ලෙසටයි මම දකින්නේ ඒ විතරක් නෙමෙයි එය පෙන්වා දෙන්නත් මම සුදානම්. මම කිසිවිටකත් අපේ රටේ මජනතාවට බනින්නේ නැහැ එයට හේතුවක් තියෙනවා එය තමයි වසර 500 ක් අපේ රට එක් එක විදේශය ජාතින්ගේ ආක්‍රමණයන්ට ලක්වෙලා අපේ මනස විනාශ කරලා තියෙන්නේ.ඒ උනාට හොද අනාගත තරුණ පරපුරක් අපට ඉන්නවා කියලා මාගේ විශ්වායක් තියෙනවා.මම දන්නවා ඒක.ඔවුන් මනස දියුණූ කරමින් කටයුතු කරන්න දන්නවා. මෙය මම කලයුතු දෙයක් නෙමේ මේක කරන්න ඕනෑ අපේ රටේ ආගමික නායකයො සහ වැදගත් උගත් බුද්ධිමත් කියන අයයි.ඒ උනාට ඒ අය නිහඩයි.මට නිහඩ වෙන්න බැහැ මම මැරෙන්න කලින් මගේ යුතුකම මගේ දරැවන්ට ඉටු කරන්න ඕනෑ.එහෙ කලේ නැත්නම් මම මගේ යුතුකම ඉටුනොකර මියයන ගොඩට මාවත් වැටෙනවා.මම ඒකට කොහෙත්ම කැමති නැහැ.මේ පිළීබදව ඕනෑම අයෙකුට මාත් සමග තර්ක විතර්ක කරන්න පුලුවන්.ඒ මේ පිළීබදව කතා කරන්නයි.ඒ තුලින් මටත් මම දනනේ නැති දෙයක් දැන ගන්න ලැබෙන බව මම දන්නවා. අවසන් වශයෙන් කියන්න රටේ මහජනතාවට කියන්න දෙයක් තනෙවා ඒ නම් විශ්වයත් සමග මෙන්ම තම සිතට අවංකව වැඩ කරන්න ඉගෙන ගන්න.නැතිනම් විශ්වය විසින් බරපතල ලෙසින් දඩුවම් දීමට බලාගෙන ඉන්නවා.එයට ලොකු පොඩි ධනවත් උගත් බුද්ධිමත් ප්‍රශ්නයක් වන්නේ නැහැ. මේ රට නිසි අයුරින් හැදෙන්න නම් හදා ගන්න අවශ්‍යය නම් මෙන්න මේ අපගේ ප්‍රතිපත්තීන් ක්‍රියාත්මක වෙන්න ඕනැ කියල මම අදහස් කරනවා.එය එහෙම වෙන තුරු මේ විදිහට මහජනතාව දැනුවත් කරන්න මම කටයුතු කරනවා .ඒ සදහා මතයක් නිර්මානය කරනවා.එය කොහොමද කරන්නේ කියලා ප්‍රශ්නයක් ඇති.ඒ උනත් මම විශ්වාස කරන දහමක් තියෙනවා එය තමා විශ්ව දහම.විශ්ව දහම කියන්නේ තම තමන් අදහන ආගම දහමයි.ඒ සෑම ඒ සදහා උදව් උපකාර කරන බව මම දන්නවා. සමහර අයට මෙය හිතාගන්න බැරි වාව ගන්න බරි දෙයක් කියලා මම දන්නවා.එයට හේතුවත් මම දනනවා.එක් හේතුවක් තමයි තමන්ගේ ආත්ම අභිමානය සහ තමන් තුල ඇති ශක්තිය පිළීබදව නොදන්නා අයවලුන්.එය උගන්වන්න වෙනවා.අනික් කොටස තමයි මේ ක්‍රමයෙන් රටට හෙන ගැහුවත් පුද්ගලික වාසි ලබා ගන්නා අයවලුන්.මේ දෙකොටසටම වෙනනේ අවසන් වශයෙන් අවශානයේදී කණගාටුවට පක්වෙන්නයි.තමන්ගේම දරුවන් තම ජාතිය මෙන්ම තම පරම්පරාව පවා අදුරේ හෙලා ගන්නයි.වර්තමානයේ මේ සත්‍ය පෙන්වා දෙන් පුලුවන් බොහෝ අය ඉන්නවා මම ඒ අයව දන්නවා.මම දන්නේ තාමත් අල්පයයි.ඉන් මම රටට,ගමට,මගේ දරුවන්ට,අනාගත පරම්පරාව වෙනුවෙන් වැඩක් කරනවා.මොකද මම මෙයට පෙර කියලා ඇති මම මගේ යුතුකම් කොටස නිසි අයුරින් ඉටු නොකර බලාගෙන ඉන්න මිය යන්න මට බැහැ.දැන් බලන් හිටිය කාලය හොදටම ඇති කියල මම විශ්වාස කරනවා. ඒ වාගේම තමයි මේ රට පාලනය කරන ලද සක්විති රාවණා රජතුමන් මෙයට වසර දහස් ගනනකට ඉහතදී මේ ලක්දිව මෙන්ම තවත් රටවල් කිහිපයක්ද යටත් කරගෙන මනස දියුණූ කරගෙන ඒ තුලින් මහා ශක්තියක් ඇති සක්විති රජ කෙනෙක් වුවත් වර්තමානයේ අමතක කර දමා සිටිම නම් එපමන හොදක් අප රටට වන්නේ නැත. එසේම මෙම රාවණා රජතුමන් ශ්‍රී ලංකාවේ නැතත් අනෙත් රටවල් තුලදී දකනට හැකියාව ඇත..ඉතාමත් කණගාටු දායක කරැණ නම් ඉංදියාවේ සමහර මිනිසුන් විසින් දුෂ්ඨ රාවණා යනුවෙන් සදහන් කොට "දුශේරා" නමින් රාජ්‍ය උත්සවයන් පවත්වා පඔයන් ලෙසින් සෑදු මහා රාවණා රජතුමන්ගේ ශරීරයට ගිනි තැබීම මහත් කණගාටුදායක කරුණකි එය එසේ වුවද අපේ පාලකයන්ට මෙය නොපෙනීම අභාග්‍ය සම්පන්නය.ඒ කෙසේ වුවත් මේ සදහා අප මින් ඉදිරියට ශක්විති ශේෂ්ඨ රාවණා යනුවෙන් සිහි ගන්වමින ""සශ්‍රේරා" යනුවෙන් නම් කරමින් රාජ්‍ය අනුග්‍රහය ඇතිව උත්සව මාලාවක් සංවිධානය කිරීමටත් එය වාර්ෂීකව පැවැත්වීමටත් සැලසුම් කර ඇත ඉංදියාවේ සමහර මිනිසුන් විසින් රාවණා රජතුමන්ට සමානව පඹයන් සාදා දුෂ්ඨ රාවණා යනුවෙන් සදහන් කර ඒවාට ගිනි තබමින් පවත්වනු ලබන "දුශේරා" රාජ්‍ය උත්සවය දුශේරා උත්සවය ඉංදියාව දුශේරා උත්සවය 2018 දුශේරා උත්සවය 2018 ඉංදියාව රාජ්‍ය නායකයින් සහ එහි මහජනතාව විසින් එසේ රාවණ රජතුමන්ගේ පඹයන් සාදා ගිනි තැබීම කිසිදු සදාචාරාත්මක බවක් නොගන්නා අතර,අප රටේ ජන නායකයින් විසින් රාවණ රජතුමන් සිහිකිරිමට කටයුතු නොකරන්නේ නම් අප විසින් හෝ රාවණ රජතුමන් සිහිකරමින් උපහාර පුද කිරීම.අපගේ පරම යුතුකමක් වන බව හොදින් මතක තබා ගන්න. .එසේම සත්‍ය ඉතිහාසය සදහන් සියත ගුවන් විදුලියේ ප්‍රචාරය වූ අපේ සත්‍ය ඉතිහාසයේ විඩියෝ පට ලක්ෂයක් බෙදා දිමටත් කටයුතු සකස් කරමින් සිටින අතර එම විඩියෝ පට ලබා ගැනීමට කැමැත්තේනම් වෙබ් පිටුව හෝ යූ ටියුබ් චැනලය බලන්න ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිත සශ්‍රේරා උත්සවය... සශ්‍රේරා උත්සවය ශ්‍රී ලංකාව සශ්‍රේරා උත්සවය ශ්‍රී ලංකාව රාවණා සත්‍ය ඉතිහාස කථාව දේශපාලන වේදිකාවට ගෙන ඒම

දේශපාලනයට පිවිසීම 2020 - මගේ ප්‍රතිපත්ති ප්‍රකාශණය සංස්කරණය

  • 01.ශ්‍රී ලංකාව කෘෂිකාර්මික රටක් බැවින් කෘෂිකර්මානතයට මෙන්ම දෙශිය ගොවිතැනට,.ගොවි මහතුන්ට ප්‍රමුඛත්වය ලබා දීමට කටයුතු කරනු ලබන අතර කෘෂිකර්මාන්තයේ යෙදී සිටින අයවලුන්ගේ සුභසාධන කටයුතු සිදු කිරීම.ඔවුන්ගේ දූ දරුවන්ගේ උසස් අධ්‍යාපන කටයුතු සදහා ආධාර උපකාර කිරීම.
  • 02.නිදහසින් පසු වසර 72 ක් පුරා විනාශකර විකුනා දමන ලද කර්මාන්ත නගා සිටුවීම සහ දේශිය කර්මාන්තයන්ට මුලිකත්වය දෙමින් නව දේශීය කරමාන්ත බිහි කිරීම...
  • 03.හොරකම වංචාව,දූෂණයට සහ මත්ද්‍රව්‍ය වලට එරෙහිව කටයුකු ක්‍රියාත්මක කිරීම සහ දිවයිනෙන් මත්ද්‍රව්‍ය බැහැර කිරීම සදහා ජාතික ප්‍රතිපත්තියක් සකස් කිරිම මෙන්ම මත්ද්‍රව්‍ය පනත් සංශෝධනය කිරීම.
  • 04.ස්භාවික සම්පත් රැක ගැනීම සදහා කටයුතු කිරීම කිසිදු ස්භාවික සම්පතක් හෝ ස්භාවික සම්පත් හිමි භුමියක් විදේශයකට හෝ පුද්ගලෙයෙකුට ආයතනයකට අයිතියක් නොමැති අතර ඒ සදහා සියලුම හිමිකම රජය සතුවෙන අතර එවැනි ඉඩම් රජය සතුකර ගැනීමට කටයුතු කරනු ඇත.,ඒ සදහා වෙනස් කල නොහැකි ජාතික ප්‍රතිපත්තියක් සකස් කිරීමට කටයුතු කරනු ඇත.
  • 05.දේශයේ සෑම ඉඩමක්ම රජය සතුවෙන අතර කිසිදු ඉඩමක් විදේශීය ආයතනයකට හෝ විදේශිය රටකට බදුදීම විකිනිම හෝ කුලියට දිමට කටයුකු නොකරන අතර ඓතිහාසික වටිනාකමක් ඇති ඉඩ කඩම් මේ වන විටත් පුද්ගලයින් වෙනත් ආයතනයන් හෝ විදේශිකයන් විසින් ලබාගෙන ඇත්නම් එම ඉඩම් රජය සතු කිරිම කල යුතුයි..
  • 06.ශ්‍රී ලංකාවේ ප්‍රධාන ආනයන සහ අපනයන භෝගයන් රාජ්‍ය මට්ටමින් සිදුකිරීම කල යුතු අතර න් ලැබෙන අමතර ආදායම් මහජනතාව අතර බෙදීයාමට හැකිවෙන පරිද වැඩ පිලිවෙලක් සකස් කිරීම..
  • 07.රටේ අඩු ආදායම් ලාභී පවුල් වෙනුවෙන් නිවාස මෙන්ම සුභසාධක කටයුතු ක්‍රියාත්මක කිරිමට වැඩ පිලවෙලවල් සකස් කිරීම.
  • 08.ග්‍රාමීය වෙරලාසන්න ධීවර ප්‍රජාවගේ සහ වවිලි කර්මාන්ත කෂේත්‍රය ආශ්‍රිත පවුල් එකක සවිබල ගන්වනනාවූ සුභසාධක වැඩ පිලිවෙලක් සහ නිවාස යෝජනා ක්‍රමවේදයක් ක්‍රියාත්මක කිරීම.
  • 09.ශ්‍රී ලංකාව අවට මහ මුහුදේ ඇති සම්පත් රජය සතුවන අතර කිසිදු විදේශිය සමාගමකට හෝ ආයතනයකට එහි අයිතිය ලබා නොදීම.මත්ස්‍ය සම්පත ආරක්ෂා කිරිම සහ ඒ ආශ්‍රීත රැකියාවන් නිර්මාණය කිරීම.
  • 10.කඩොලාන රක්ෂීත වගුරු බ්ම් සහ මඩ ඉඩම් ගොඩ කිරීම සම්පූර්ණයෙන්ම තහනම් වේ..එම ප්‍රදේශ ආශ්‍රීත කරදිය මත්ස්‍ය සම්පත සංරක්ෂණය කිරීම සහ එම වෘත්තියන්හි නිරතව සිටින්නන්ට සහන ලබා දීම..
  • 11.ත්‍රී වීල් රථ රියදුරන්...දෛනිකව වැටුප් ලබා ගන්නා අයවලුන්න් කුලීසේවයේ යෙදී සිටින්නන්, පුද්ගලික ආරක්ෂක අංශ,මෑන් පවර් සේවයේ නියුතු අයවලුන්ට විශ්‍රාම වැටුප් යොජනා වලියක් රාජය අනුග්‍රහය මත ක්‍රියාත්මක කිරීම මෙන්ම එම අයවලුන්ගේ දරුවන්ට උසස් අධ්‍යාපනය ලබා ගැනීම පිණීස ආධාර උපකාර කිරිමේ ක්‍රමවේදයක් සකස් කිරීම.
  • 12.ශ්‍රී ලංකාවේ ඉතිහාසය වසර දස දහස් ගනනකට ඈත එපිට ඉතිහාසයක් වන බැවින් එය ඝවේෂණය කරමින් සනාථකර පාසැල් පෙළ පොතට ඇතුලත් කිරීමට කටයුතු කරනු ලබන අතර පුරා වශ්තුන් ආරක්ෂා කිරීම, එම පුරා වශ්තුන් අනාගත පරපුර වෙත ලබා දීම සදහා නිසි වැඩ පිලිවෙලක් සකස් කිරීම සහ එම ඓතිහාසික ඉඩ කඩම් කිසිවෙකුටත් අත්කර ගැනීම සපුරා තහනම් කිරීම. එම ඓතිහාසික ස්ථානයන් මේ වනවිටත් යම් අයෙකු අයවලුන් හෝ විදේශිය ජාතීන් විසින් අත්පත් කරගෙන ඇත්නම් ඒවා නැවත රජය සතු කිරීම මෙන්ම බුදු රජානන් වහන්සේ ඉපදීම බුදුවීම සහ පිරිනිවන් පෑම සිදුවුයේ ඉන්දියාවේද? ශ්‍රී ලංකාවේද යන්න සොයා බැලීම පිණීස ආජ්‍ය අනුග්‍රහය ලබාදීම.
  • 13.මනස හා ආකල්පයන් දියුණූ කිරිමට කටයුතු කරනු ලැබීමටත් එය පාසැල් විෂය නිර්දේශයට ඇතුලත් කිරීමට කටයුතු කරනු ලබන අතර මහජනතාව දැනුවත් කිරීම සහ ඒ සදහා හුරු පුරුදු කිරීමට වැඩ සටහන් ක්‍රියා කිරීම.
  • 14.මනස දියුණු වීමත් සමගින් එක් එක් නව නිර්මානයන් කිරිමට හැකියාවක් ලැබෙන අතර එම නව නිපැයුම් කරුවන් දිරිමත් කිරීම සහ ආධාර උපකාර ලබා දීම..
  • 15.ස්භාවධර්මයා රැක ගැනීම සදහා කටයුතු කිරීමටත්.. කිසිදු වන රක්ෂීතයන් එළි පෙහෙලි කිරිම සපුරා තහනම්.මේ වන විටත් වන රක්ෂිතයන් පුද්ගලිකව හෝ දේශපාලනමය වශයෙන් අත්පත් කරගෙන ඇත්නම් එම වන ඉඩම් රජය සතු කිරීමට කටයුතු කරනු ලැබීමටත් කිසිදු වන ජීවියෙකුට හිංසාවක් හෝ විනාශ කිරීම සපුරා තහනම් වෙනු ඇත..එසේම දේශිය ශාඛ වර්ගයන් වගා කිරීමටත් ඒවාට හානි කිරිමකිසිදු විටෙක නොකල යුතු අතර දේශිය ඔසු පැල වගා කිරිමටද ජාතික ප්‍රතිපත්තියක් සකස් කරනු ඇත දේශයට අහිතකර විදේශීය ශාකයන් තෝරා බේරා හැකි කඩිනමින් දිවයිනෙන් ඉවත් කිරීමට කටයුතු කරනු ලබන අතර පළමුවෙන්ම මී මැස්සන් විනාශ කිරීමට හැකියාවක් ඇති ඇකේශීයා ශාකය දිවයිනෙන් ඉවත් කිරීමටත් ගොවිතැන් කටයුතු සදහා ප්‍රයෝජනවත් වෙන පොහොර නිෂ්පාදනය නයිට්රිජන් මෙන්ම පැය විසිහතර පුරා ඔක්ෂීජන් නිකුත් කරන මී ශාඛය හැකි කඩිනමින් රෝපනය කිරීමට වැඩ සටහන් ක්‍රියාත්මක කිරීම..
  • 16.දේශීය ශාකයන් දෙශිය ඹසුපැල වගා කිරීමට කටයුතු කරනු ලබන අතර ඒවාට හානි කිරීම සපුරා තහනම් වෙනු ඇත.දේශයට අහිතකර ආක්‍රමණික විදේශීය ශාකයන් තෝරා බේරා ගනිමින් කඩිනමින් දිවයිනෙන් ඉවත් කිරිමට කටයුතු සලස්වන අතර ප්‍රථමයෙන් කෘෂිකර්මාන්තයට හිතැති පරාගනය පෝෂණය කරනු ලබන මී මැස්සන් විනාශ කරන ඇකේසියා ශාකය දිවයිනෙන් ඉවත් කිරීම සහ බටහිර ජාතින් විසික් විනාශ කර දමන ලද කෘෂිකර්මාන්තයට මහත් සේවයක් සලසන මී ශාකය දිවයිනේ සුදුසු ස්ථානයන් හි වගා කිරිමට කටයුතු කිරීම.
  • 17.පිරිසිදු ආහාර,පිරිසිදු ජලය මෙන්ම දියුණු කරගන්නා නිරෝගී මනසක් ඇත්නම් එය නිරෝගීව සිටිමට මහත් දායාදයක් වන බැවින් ඒ පිළීබදව මහජනතාව දැනුවත් කිරීම ආහාර සහ ජලය පිරිසිදුව ලබා ගැනීමට අවශ්‍ය වැඩ පිලිවෙලක් මෙන්ම මනස දියුණූ කිරීමට වැඩ සටහන් ක්‍රීයාත්මක කර ගනිමින් මහජනතාව නිරෝගීව තබා ගැනීමට කටයුතු කිරීම.
  • 18.දිවයින පුරා ජලය දැනුවත්ව හෝ නොදැනුවත්ව අපවිත්‍ර කරගෙන අති බැවින් බරපතල ලෙඩ රෝගයන්ට කුඩා දරුවාගේ පටන් වැඩි මහලු අය දක්වාම බලවත් අපහසුතාවයන්ට මුහුණ දෙමින් සිටී.පිරිසිදු ආහාර,පිරිසිදු ජලය මෙන්ම තමන් විසින් දියුණු කරගන්නා නිරෝගී මනසක් ඇත්නම් එය නිරෝගීව සිටිමට මහත් දායාදයක් වන බැවින් ඒ පිළීබදව මහජනතාව දැනුවත් කිරීම..පිරිසිදු ජලයේ ගුණාත්මක භාවය පිළීබද වැඩසටහන් මෙන්ම ආහාර සහ ජලය පිරිසිදුව ලබා ගැනීමට අවශ්‍ය වැඩ පිලිවෙලවල් සකස් කිරීම. මනස දියුණූ කිරීමට වැඩ සටහන් ක්‍රීයාත්මක කර ගනිමින් මහජනතාව නිරෝගීව තබා ගැනීමට කටයුතු කිරීම.
  • 19.වසර 500 කට ආසන්න කාලයක් විදේශ රටවල් විසින් යටත් විජිතයක් වශයෙන් අප රට පාලනය කරන ලද අතර එම කාලසීමාවන්හි යටත් විජිතවාදී රටවලල් වලින් ගෙනයන ලද ඓතිහාසික වටිනාකමක් ඇති පුරා වශ්තුන් මෙන්ම හෙළ රහස් ඇතුලත් පුස්කොළ පොත් නැවත දිවයිනට ලබා ගැනීමට කටයුතු කිරීම සහ දේශීය විශ්ව විද්‍යාලයක් සකස් කරමින් හෙළබස පිළීබදව වත්මන් සහ අනාගත පරපුර දැනුවත් කිරිම සහ පුස්කොළ පොත් ආරක්ෂා කිරීම පිණීස පුස්තකාලයක් ස්ථාපනය කරමින් හෙළබස සමාජගත කිරීම
  • 20.පලාත් සභා මෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රී වරුන් සමාජයට සේවය කරන්නන් ලෙසින් පැමිනෙන අයවලුන් වන බැවින් එම අයවලුන්ගේ සියදුම වරප්‍රසාධයන් රාජ්‍ය සේවකයින් මෙන් විය යුතු අතර පාර්ලිමේන්තු මන්ත්‍රී වරුන් විසින් ලබාගන්නා වූ වසර පහක් සම්පූර් විමෙන් පසු ලබා ගන්නා වූ විශ්‍රාම වැටුප අවලංගු කිරීම.අනෙකුත් රාජ්‍ය සෙවකයන් මෙන් පාර්ලිමේන්තුව තුල වසර විස්සක කාලයක් නොකඩවා සේවය කර ඇති අයවලුන්ට පමණක් විශ්‍රාම වැටුපකට හිමකම් ලැබෙන සේ ව්‍යවශ්ථාවන් සංශෝධනය කිරිම
  • 21.රටක පැවැත්මට ජනමාධ්‍යට ඉටුකල හැකි කාර්යභාරය ඉතා විශාල වන බැවින් ජනමාධ්‍ය හිමිකාරිත්වය ශ්‍රී ලාංකකයිනට පමණක් විමිවන අතර පනවන ලද නීති රීතීනට අනුව ක්‍රීයා කල යුතුය..එම නිති රීතීන්ට අනුකුලව ජනමාධ්‍ය හැසිරවිය යුතුයි.. එසේ නොවන්නේ නම් බලපත්‍රය අහොසි කිරිමට කටයුතු කිරීම.
  • 22.හෙළබිමේ සක්විති රජ වන මහා රාවණා රජතුමන් දුෂ්ඨයෙකු ලෙස සලකමින් ඉංදියාවේ රාජ්‍ය අනුග්‍රහය ඇතිව ගිනි තැබීමේ උළෙලක් "දුශේරා" වශයෙන් සෑම වසරකම මහා ජනකායක් දිරියේදී පවත්වනු ලබන අතර එම උත්සවයට සමගාමීව සක්විති ශේෂ්ඨ රාවණා යන තේරුම ඇති "සශේරා" යන නමින් රාජ්‍ය අනුග්‍රහය ඇතිව උත්සවයක් සෑම වසරකදීම පැවැත්වීම.
  • 23.අතීත මුතුන් මිත්තන්ගෙන් පැවත එන එල්ලේ ක්‍රීඩාව ඇතුලු සියලුම දේශීය ක්‍රීඩාවන් ආරක්ෂා කිරීම..එසේ නොවන්නේ නම් වෙනත් ට ාජ්‍යයන් වසින් ඒ සදහා අයිතවාසිකම් කීමට ඉඩක් ඇත.එමෙන්ම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ අනාගතය වෙනුවෙන් සාර්ථක වැඩ පිලිවෙලක් ක්‍රීයාත්මක කිරීම.රැකියා ලබාදීමේ වැඩ පිලිවෙලක් සහ සුභසාධන කටයුතු ඉටු කිරිම

24.විශාල ලෙසින් මහජන මුදල් විනාශ කරනු ලබන ක්‍රමවේදයක් වන බැවින් පලාත්සභා ක්‍රමවේදය අහෝසි කිරිම.

  • 25.ශ්‍රී ලංකාවේ ජනගහනය පිළීබදව සලකා බලමින් කටයුතු කරනු ලබන අතර රට සංවර්ධනය කරා ගෙන යනු ලබන තෙක් සෑම පවුලකටම දරුවන් තිදෙනකු පමණක් සිටිය යුතු අතර ඉන් වැඩිපුර දරුවන් සදා ගැනීමට කැමැත්තක් දක්වන අයවලුනට රජයට බද්දක් ගෙවීමට සිදුවනු ඇත.

26.රටේ ජීවත් වෙන සෑම ජාතියකටම සෑම ආගමකටම එකම නිතියක් විය යුතුයි.

  • 27.පවුල් සංස්ථාව දෙදරා යන බැවින්ද දූ දරැවන් යහමගට ගැනීමට අපහසුවන බැවින් කාන්තාවන් ගෘහ සේවය සදහා මැදපෙරදිග සහ අනෙකුත් රටවලටයැවීම සම්පූර්ණයෙන්ම තහනම් වේ.දේශීය වශයෙන් කාන්තාවන් වෙනුවෙන් රැකියා ලබා දීමේ ක්‍රම වේදයන් අති කිරිමට කටයුතු කරනු ඇත..
  • 28.මහජනතාව බරපතල ලෙසින් රොගාභාධයන්ට මුහුණ දෙන විෂ සහිත ආහාර සහ බීම ද්‍රව්‍ය ආනයනය කිරිම පුරා තහනම් වෙන අතර අනෙකුත් අනවශ්‍ය භාණ්ඩද ආනයනය කිරීමට සිමාවන් පැනවීමට කටයුතු කෙරේ...අපනයනය වැඩි කිරිමටත් දේශීය අපනයන නිෂ්පාදන වැඩි වශයෙන් නිෂපාදනය කිරිමට දිරගැන්විම් කිරීම
  • 29.රාජ්‍ය අංශයේ හෝ පුදගලික අංශයේ රාජකාරන් ඉටු කලද? නොකලද? ජේෂ්ඨ පුරවැසියන් සදහා විශ්‍රාම වැටුපක් ලබාදිමට ක්‍රයා කිරීම
  • 30.වසර තිහකට ආසන්න කාලයක් රටේ පැවති කුරිරු යුධ වාතාවරණය කාලසීමාවේදී රට ජාතිය වෙනුවෙන් ආරක්ෂක හමුදාවට වසර දොළහක කාලයක් සේවය කරඇති එහෙත් විශ්‍රාම වැටුප් අහිමි සෑම රණවිරුවෙකුහටම විශ්‍රාම වැටුපක් ලබාදීම..එම රණවිරුවන් රණවිරුසේවා අධිකාරිය යටතට ඇතුලත් කොට සුභ සාධන කටයුතු ඉටු කිරිම මෙන්ම එම අයගේ දූ දරුවන්ට උසස් අධ්‍යාපන කටයුතු සදහා ආධාර උපකාර කිරිම සහ සියලුම රණවිරුවන් වෙනුවෙන් ජාතික ප්‍රතිපත්තියක් ඇති කිරීම.
  • 31.යම් පුද්ගලයෙක් කණ්ඩායමක් හෝ ආයතනයක් විසින් මහජනතාවට අයත් රජයේ මුදල් හොරකමින් හෝ වංචා සහගත ලෙසන් ලබාගැනීම උපයා ගැනීම කර ඇති බවට නිතියෙන සනාථ වුව හොත් ඔහුගේ එම මුදල මෙන්ම නිශ්චල හා චංචල දේපල සියල්ලම රාජසංතක වන අතර එවා දුප්පත මහජනතාව අතරේ බෙදා දීමට කටයුතු කරනු ඇත
  • 32.ශ්‍රී ලංකාව වටා ඇති ගොඩබිම මුහුද විසින් විශාල වශයෙන් ඛාදනය වීමට ලක්වෙන බැවින් එම ස්ථානයන් නිසි අයුරින් සකස් කිරීම පිණිස මහ මුහුදින් වැලි පොම්පකර එම ස්ථානයන් නිසි අයුරින් සකස් කිරීම හෝ වෙනත් රටවල් විසින් අප රට තුල කරනු ලබන රටේ සංවර්ධන කටයුතු වන අධිවේගී මාර්ගයන් නව නගර ගොඩ කිරීම ඇතුලත් කිසිදු ගොඩ කිරීමකට මුහුදින් වැලි පොම්ප කිරීම සපුරා තහනම් වෙනු ඇත.එයට ප්‍රධානම හේතුන් වන්නේ මුහුදුන් එම ලබා ගන්නා වැලි තොගයම නැවතත් මහ මුහුද විසින් ලංකාව අවට ගොඩබිම ඛාදනය කරමින් හෝ ලබා ගැනීමට කටයුතු සිදු කිරීම විශ්වයේ නිතියකි.වැලි ලබාගත් ස්ථානය නිසි අයුරින් පුරවා ගන්නා තෙක් ගොඩබිම මුහුදට ඛාදනය වෙනු ඇත.උදා හරහණයක් වශයෙන් කොළඹ නගරයේ ඉදිකරනු ලබන කොළඹ නගරය අක්කර 600 කටත් වැඩිවෙන බැවින් එම අක්කර 600 ලංකාවේ කොළඹ සිට ගාල්ල දක්වා මහ මුහුද විසින් ගිලගනු ඇත..එසේම මෙයට වසර දහස් ගනනකට කලින් ගිලුන නැව්වල මෙන්ම නගරයන්හි වටිනා වශ්තුව මහ මුහුදේ ඇති මුතු වටිනා ගල්පර මෙන්ම සම්පත් මුහුදින් වැලි පොම්ප කිරිමේදී නැව තුලට පොම්ප කර ගැනීමේ හැකියාවක් ඇති බැවිනි..මෙය සත්‍යයක් වුවද උපකල්පනයක් යැයි සිතුවද කෙසේවත් මුහුදින් වැලි පොම්ප කිරීම සපුරා තහනම් වෙනු ඇත..
  • 33.රට සංවර්ධනය කිරීමේ මුවාවෙන් හෝ රටේ හෙළ ඉතිහාසය මකා දැමීමේ පරමාර්තයෙන් රටේ ඇති වටිනා වශ්තුව මංකොල්ල කෑමේ පරමාර්ථයෙන් ෙඓතිහාසික ස්ථානයන් මංකොල්ල කැමේ පරමාර්ථයෙන් විදේශීය.රටවලින් ආධාර සහන මත හෝ නොමිලයේ ලබා දෙනු ලබන කිසිදු සංවර්ධන කටයුත්තක් ඉටු නොකල යුතුයි.ඒවා කොපමණ වීශාල මුදලක් වුවත් වටිනා කමින් ඉහල වුවත් එම සංවර්ධන කටයුතු කිසි විටකත් ඉටු නොකරනු ඇත...එසේ ඉටු කරන්නේ ඇයිද යන්න මහජනතාවට තේරුම් කර දීමටද කටයුතු කරනු ඇත..
  • 34.විදේශීය රටවල් වෙතින් අප රටට ආවේණීක දේශීය ශාකයන් සතුන් කෘමීන් ඇතුලත් බොහෝ ගනනකට පේටන්ට් බලප්‍රය ලබාගෙන ඇති බැව් නිරික්ෂණය වි ඇති බැවින් මින් පසු කිසිදු අවශ්ථාවකදී කිසිදු ශාඛයක් කෘමින් හෝ සතුන් විදේශීය රටවල් වෙත ගෙනයාම සපුරා තහනම් වේ..එසේ රැගෙන යන්නේ නම් ඒ සදහා ශ්‍රී ලංකාවට එය අයත් බවට පේටන්ට් බලපතක් හිමිනම් පමණක් වනු ඇත.එසේ රැගෙන ගෙස් අසු වන්නේ නම් කිසිදු සමාවක් නොලැබෙන බරපතල දඩුවම් වලට ලක්විමටත් සිදුවෙනු ඇත.
  • 35.විදේශීය රටවල් වෙතින් අප රටට ආවේණීක දේශීය ශාකයන් සතුන් කෘමීන් ඇතුලත් බොහෝ ගනනකට පේටන්ට් බලපත්‍රය ලබාගෙන ඇති බැව් නිරික්ෂණය වි ඇති බැවින් මින් පසු කිසිදු අවශ්ථාවකදී කිසිදු ශාඛයක් කෘමින් හෝ සතුන් විදේශීය රටවල් වෙත ගෙනයාම සපුරා තහනම් වේ..එසේ රැගෙන යන්නේ නම් ඒ සදහා ශ්‍රී ලංකාවට එය අයත් බවට පේටන්ට් බලපතක් හිමිනම් පමණක් වනු ඇත.මෙයද යම් යම් අයවලුන් විසින් උපකල්පනයක් සේ හැදිනවීමට හැකි වුවත් එය උපකල්පනයක් වුවත් සත්‍යක් වුවත් එසේ රැගෙන යාම සපුරා තහනම් වෙනු ඇත.. එසේ ගෙස් අසු වන්නේ නම් කිසිදු සමාවක් නොලැබෙන බරපතල දඩුවම් වලට ලක්විමටත් සිදුවෙනු ඇති වරදක් සේ සලකනු ලැබේ.
  • 36.රටේ පවතින අක්‍රමවත් ගමනා ගමන පද්ධතිය නිසි අයුරින් පවත්වාගෙන යාමට වැඩ පිලිවෙලවල් සකස් කරනු ලබන අතර රටේ ලෙඩ රෝගයන් බො නොවන ලෙසින් සෙෘඛ්‍යය අංශය සවිමත් කිරීම.හෙළ වෙදකමට හා ආයුර්වේද වෛද්‍ය විද්‍යාවට බටහිර වෛද්‍ය විද්‍යාවට මෙන් නිසි ස්ථානයක් ලබා දීම.ඉදිකිරීම කටයුතු සිදු කිරිමේදි වංචාවෙන් හා දුෂනයෙන් තොර වි යුතු අතර සෑම ඉදිකිරිමක්ම ප්‍රමිතියට අදාල විය යුතුයි එම දිකිරීම් අවම වශයෙන් වසර සියයක් පැවැත්මක ප්‍රමිතියෙන් විය යුතුයි.එමෙන්ම රටේ මහජනතාවට අවශ්‍ය සෑම අත්‍යවශ්‍ය කරැණු කෙරෙහි අවධානය යොමු කිරීම පිණීස රටට ආදරය ඇති පිරිසක් ස්ව්‍යං කැමැත්ත මත මණ්ඩල ලෙසින් පත්කිරීමට කටයුතු කෙරෙනු ඇත.
  • 37.ශ්‍රී ලංකාවේ පමණක් නොව ලොව ආගමික නායකයින් සදහන් කල අයුරින් ඒ අනුව යමින් තම මනස දියුණූ කර ගනිමින් හා අධ්‍යාත්මය දියුණූ කර ගන්නා ලද පිරිසක් මෙම දිවයින තුල වර්තමානයේ දිවි ගෙවන බැවින් රටේ සංවර්ධනයට මහජනතාවගේ ආකල්පයන් වැඩි දියුණූ කිරීම පිණීස එම අයවලුන්ගේ උපදෙස් අනුශාසනා ලබා ගත යුතු අතර රටේ ජන නායකයාද මනස දියුණූවට පත් අධ්‍යාත්මික අතින් උසස් අයෙකු විය යුතුයි.
  • 38.ශ්‍රී ලංකාවේ සංවර්ධනය සදහා අවශ්‍ය වන සෑම වැදගත් කරුණූ වෙනුවෙන් ජාතික ප්‍රතිපත්තීන් සකස් කරනු ඇත.ඒම ජාතික ප්‍රතිපත්තීන් කලින් කලට පත්වෙන දේශපාලන පක්ෂයන්ට දේශපාලන පක්ෂ නායකයන්ගේ අභිමතය පරිදි වෙනස් කල නොහැකි ජාතික ප්‍රතිපත්තීන් සකස් කරනු ඇත.

මුලාශ්‍ර සංස්කරණය

භාහිර සබැදි සංස්කරණය

"https://si.wikipedia.org/w/index.php?title=එස්._ජූඩ්_සිල්වා&oldid=614229" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි