එස්අයි ව්‍යුත්පාදිත ඒකකය

ජාත්‍යන්තර ඒකක ක්‍රමය (එස්අයි) විසින් මූලික ඒකක හතක කට්ටලයක් නියම කර දක්වන අතර, අනෙකුත් සියළුම එස්අයි මිනුම් ඒකක, ඒවා වෙතින් ව්‍යුත්පන්න කෙරෙයි. මෙම අනෙකුත් ඒකක (එස්අයි ව්‍යුත්පාදිත ඒකක) එක එකක්, එක්කෝ මාන රහිත හෝ නැතිනම් මූලික ඒකක එකක හෝ කිහිපයක (ධන හෝ සෘණ, සාමාන්‍යයෙන් පූර්ණ සංඛ්‍යාත්මක) බලයන්හී ගුණිතයක් ලෙසින් හෝ දැක්විය හැකිය.

නිදසුනක් වශයෙන්, වර්ගඵලයෙහි එස්අයි ව්‍යුත්පාදිත ඒකකය වන්නේ වර්ග මීටරය (මී2) වන අතර‍, ඝනත්වයෙහි එස්අයි ව්‍යුත්පාදිත ඒකකය වන්නේ ඝන මීටරයට කිලෝග්‍රෑම් (කිග්‍රෑ/මී3 හෝ කිග්‍රෑ මී−3) යන්නයි. සෙල්සියස් අංශක සඳහා (පහත වගුව බලන්න) තරමක් අපැහැදිලි තත්තවයක් උද්ගතව ඇති අතර, මෙම රීතියට පටහැනි බවට තර්ක කල හැක. එස්අයි ඒකක වල නම් ලියන විට කුඩා අකුරු භාවිතා කෙරෙයි. කෙසේවෙතත්, පුද්ගලයන් අනුව යමින් නම් කර ඇති ඒකක සංකේතයන්හිදී. මුල් අකුර සඳහා ලොකු අකුරක් භාවිතා කල යුතුයි (නිද. හර්ට්ස් සඳහා සංකේතය "Hz"වන මුත් මීටරය සඳහා සංකේතය "m" වෙයි). [1] එස්අයි ඒකක සඳහා සංකේත සිංහලෙන් ලියන විට (නිද. මීටර සඳහා "මී" ) මෙය ඉස්මතු නොවුනද එස්අයි ඒකක සඳහා ඉංග්‍රීසි අකුරු හෝ වචන සිංහල ලේඛනයන්හී භාවිතා වන විට මෙය සැලකිල්ලට ගත යුතුයි.



ආශ්‍රිත සංස්කරණය