එඩ්ගාර් ඩෙගාස් (1834 ජූලි 19 - 1917 සැප්තැම්බර් 27) සිය සිතුවම්, මූර්ති, මුද්‍රණයන් සහ ඇඳීමේ හේතුවෙන් ඉමහත් ප‍්‍රසිද්ධියට පත්වූ ප‍්‍රංශ කලාකරුවෙකි. ඔහු උපස්ථිතිවාදී යන වචනය බැහැර කළද ඔහු උපස්ථිතිවාදයේ මූලාරම්භකයෙක් ලෙසින් හඳුන්වනු ලබයි. ඔහු කියා සිටින්නේ තමන් යථාර්ථවාදියකු වන බවය. නර්තනය යන විෂය සම්බන්ධයෙන් ගත්කළ ඔහු විශිෂ්ඨ සැලසුම් අඳින්නකු වන අතර ඔහුගේ කෘතීන්ගෙන් වැඩි ගණනක නිරූපනය වන්නේ නර්තන ශිල්පීන්ය. චලනය ප‍්‍රතිනිර්මාණය කිරීමහිලා ඔහු දැක්වූ විශිෂ්ඨත්වයට මෙය මනා සාධකයකි. එමෙන්ම ඔහුගේ කාන්තා නිරුවත් චිත‍්‍ර විශිෂ්ඨ ගනයේ ලා සැලකෙයි. ඔහු විසින් නිර්මාණය කොට ඇති ආලේඛ්‍ය චිත‍්‍රයන් චිත‍්‍ර කලා ඉතිහාසයේ විශිෂ්ඨතම ඒවා වෙයි.

එඩ්ගාර් ඩෙගාස්
ස්ව-ආලේඛ්‍යය(ඩෙගාස් ඔ පොටේ-ෆුසේන්), 1855
උපතේදී නමහිලේරි-ජර්මේන්-එඩ්ගාර් ඩෙ ගාස්
උපත19 ජූලි 1834(1834-07-19)
පැරිසිය, ප්‍රංශය
ජාතිකත්වයප්‍රංශ
ක්ෂේත්‍රයසිත්තම්, ඇඹීම්, ඇඳීම්
ව්‍යාපාරයඋපස්ථිතිවාදය
කෘතීන්ද බෙලෙයිලි ෆැමිලි (1858-1867)
වුමන් විත් ක්‍රිසාන්තමුස් (1865)
චාන්ටියුස් ඩි කැෆේ (c.1878)
ඇට් ද මිලිනර්ස් (1882)
Influencedවොල්ටර් සිකර්ට්

ඔහුගේ වෘත්තීය ජීවිතයේ ආරම්භක කාලයේදී ඔහුගේ අපේක්‍ෂාව වූයේ ඵෙතිහාසික කරුණු සිතුවමට නඟන්නකුවීමය. එයට මුල්වූයේ ඔහු ලැබූ දැඩි ශාස්ත‍්‍රාලීය පුහුණුව සහ සම්භාව්‍ය චිත‍්‍ර ශිල්පය පිලිබඳ අධ්‍යයනය වියහැක. ඔහුගේ වයස තිස් ගණන්වලදී ඔහු සිය අරමුණ වෙනස්කළ අතර ඵෙතිහාසික චිත‍්‍ර සිතුවම් කරන්නෙකුගේ සාම්ප‍්‍රදායික ක‍්‍රමවේදයන් තත්කාලීන විෂය වස්තූන් වෙතට ගෙන එමින් නූතන ජීවිතය පිලිබඳ ශ්‍රේෂ්ඨ සිත්තරකු බවට පත්විය.


References සංස්කරණය

http://en.wikipedia.org/wiki/Edgar_Degas

"https://si.wikipedia.org/w/index.php?title=එඩ්ගාර්_ඩෙගාස්&oldid=99752" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි