එච් ඒ සිරිල් පෙරේරා

හැදින්වීම සංස්කරණය

1963 වර්ෂයේ දංකොටුව ගෝනවිල ශාන්ත ජොශප් එල්ලේ ක්‍රීඩා සමාජයට ක්‍රීඩා කරමින් එල්ලේ ක්‍රීඩාවට පිවිස ඇති අතර පසුව දංකොටුව සුහද ක්‍රීඩා සමාජයට එක්ව දක්ෂ්කම් දක්වමින් පසුව කණ්ඩායම මෙහෙයවමින් සුහද කණ්ඩායම එල්ලේ ලෝකයේ ඉහල තලයකට රැගෙන යාමට මහත් කැපකිරිමක් කර ඇති ප්‍රභල ක්‍රීඩකයෙකු වශයෙන් හැදින් විය හැක. සුහද කණ්ඩායම මෙහෙයවමින් දිවයින පුරා එල්ලේ ක්‍රීඩාව ජනප්‍රියතාවයට පත්ව තිබු එම වකවානුව තුලදී ජාතික ශුරතාවයන් ඇතුලත්ව ශුරතාවයන් විශාල ප්‍රමාණයක් ජයග්‍රහනය කර ගැනීම පිණිස දක්ෂතා පෙන්වන ලදී.

එල්ලේ පිටියේදී දිගු පහරවල් එල්ල කරමින් තම පිලට ලකුණූ ලබා දෙමින් අඩු ලකුණු ගනනකට තම කණ්ඩායම දැවි ගොස් ජයග්‍රහනය අසීරැ අඩියකට පත්වූ විට කණ්ඩායමේ බර කරට ගනිමින් තම පිත්තේ අණසක පිටිය පුරා පතුරවමින් අනෙකුත් ක්‍රීඩකයිනට ආදර්ශයක් ගෙන දෙමින් පන්දු රකිමින් සිටින ප්‍රතිවාදී ක්‍රීඩකයින් අතරින් බිම දිගේ සමාන්තර පහරවල් එල්ල කරමින් තමන්ට රිසි සේ ලකුණු ලබාගන්නා ක්‍රීඩකයෙකු වශයෙන් ක්‍රීඩා ලෝලින් අතර නමක් තබා ඇති ක්‍රීඩකයෙකු විය.

උපන් දිනය සංස්කරණය

ඉගෙන ගන්නා ලද පාසැල සංස්කරණය

ප්‍රථමයෙන් ක්‍රීඩා කරන ලද එල්ලේ කණඩායම් සංස්කරණය

ශාන්ත ජෝශප් එල්ලේ කණඩායම දංකොටුව

තරග කරන ලද කණ්ඩායම් සංස්කරණය

-දංකොටුව සුහද එල්ලේ කණ්ඩායම,පුත්තලම් දිස්ත්‍රීක්ක එල්ලේ කණඩායම,ගම්භද එල්ලේ කණ්ඩායම ක්‍රීඩා කරන ස්ථානය:-තුන් ඉරියව්වේ ක්‍රීඩක එල්ලේ ක්‍රීඩා පිටියේ සෑම ස්ථානයක්ම,පන්දු යැවීමේ විශේෂ දක්ෂතාවයකි.

රැකියාව සංස්කරණය

රියදුරැ වෙන්නප්පුව - දංකොටුව විවිධ සේවා සමූපාකාර සමීතිය ක්‍රීඩා කරනලද තරගමාලාවන්

ප්‍රධාන තරගයන්

1974 වසරේ අනුරාධපුර මහජන ක්‍රීඩාංගනයේ පැවැත්වූ ජාතික ක්‍රීඩා උළෙලේ ජාතික ශුරතාවය දිනා ගැනිමට දංකොටුව සුහද එල්ලේ කණ්ඩායම මෙහෙයවීමේ වගකීමද මෙම දක්ෂ ක්‍රීඩකයා විසින් දරන ලදී.1974 වර්ෂයේ ජාතික ශූරයා වශයෙන් සුහද ක්‍රීඩා සමාජයේ මෙන්ම එල්ලේ ක්‍රීඩා පිටියේ දක්ෂ ධාවකයෙකු වශයෙන් හදුන්වනු ලැබූ ඒ ඩී රේමන් අප්පුහාමි ජය සංකේත ලබා ගන්නා ලදී.

  1. 1976 වසරේ ත්‍රීකුනාමලයේ මැක්හෙයිසර් ක්‍රීඩාංගනයේ පැවති ජාතික ක්‍රීඩා උළෙලේ ශුරතාවයද සිරිල් පෙරේරා මෙහෙයවන ලද දංකොටුව සුහද පිල විසින් දිනා ගන්නා ලද අතර එම වසරේ ජාතික ශුරයා වශයෙන් සුහද ක්‍රීඩා සමාජයේ ඒ ඩි ඇන්ටනි අප්පුහාමි විසින් දිනා ගන්නා ලදී.
  2. 1977 වසරේ කොළඹ සුගතදාස ක්‍රීඩාංගනයේ පැවැත්වු ජාතික ක්‍රීඩා උළෙලේ ජාතික එල්ලේ අනු සුරතාවය නැවත වරක් මෙම ක්‍රීඩකයාගේ නායකත්වය යටතේ ලබා ගැනීමට හැකි විය.
  3. 1979 වර්ෂයේ මාතර උයන් වත්ත ක්‍රීඩාංගනයේ පැවති ජාතික ක්‍රීඩා උළෙලේ එල්ලේ ජාතික ශුරතාවය වයඹ පලාත නියෝජනය කරන ලද එච් ඒ සිරිල් පෙරේරා විසින් මෙහෙයවන ලද දංනොටුව සුහද ක්‍රීඩා සමාජය විසින් දිනා ගන්නා ලද්දේ මෙම ක්‍රීඩකයාගේ පන්දුවට පහර දීමේදි පන්දු එවීමේ පන්දු රැකිමේ පන්දු එවිමේ මෙන්ම කන්ඩායම මෙහෙයවිමේ දක්ෂතා නිසාය..
  4. 1980 වර්ෂයේ බදුල්ල මහජන ක්‍රීඩාංගනයේදී පැවැත්වූ ජාතික ක්‍රීඩා උළෙලේ ජාතික එල්ලේ ශුරතාවය පැවත වරක් වයඹ පලාත නියෝජනය කරන ලද දංකොටුව සුහද පිළ විසින් දිනා ගන්නා ලදි .මෙම තරගමාලාව සදහා කණ්ඩායමේ නායකත්වය දරන ලද්දේ තුන් ඉරියව් ක්‍රීඩකයෙකු වු රේමන් අප්පුහාමි විසිනි.එහෙත් තම නව නායකයාහට අනගි සහයක් ලබා දෙමින් හා උපදෙස් මෙන්ම දක්ෂ ලෙස ක්‍රීඩා කරමින් තරගමාලාව ජයගැනීම පිණීස මහත් කැපවීමක් සිරිල් පෙරේරා විසින් තම කණ්ඩායමට ලබා දෙන ලදී.

සිරිල් පෙරේරාගේ නායකත්වය යටතේ ක්‍රීඩා කරනලද තරගමාලාවන් සංස්කරණය

අතුරින් අමතක කළ නොහැකි තරගමාලාවන්.

  1. 1976 වර්ෂයේ පවත්වන ලද ජාතික එල්ලේ ශුරතා තරග මාලාවේ එක් තරගයකදී පුත්තලම් දිස්ත්‍රික්කයේ එල්ලේ සූරයින් තෝරා ගැනීම සදහා පැවති අවසන් මහා තරගයේදී කටුණේරිය ශාන්ත ජුඩ් එල්ලේ කණ්ඩායම හා තරග වැදුන දංකොටුව සුහද එල්ලේ කණ්ඩායම වට දෙක්ම ලබා ගන්නා ලද්දේ වට 17 ක් පමණ්ක විය.එහෙත් කටුණේරිය ශාන්ත ජූඩ් එල්ලේ කණෟඩායම ප්‍රථම වටය සදහා පමණක් වට 16 ක් ලබා ගනිමින් ප්‍රභල ස්ථානයක සිටියද පිරිපුන් නායකත්වයක් පෙන්නා දෙමින් තම කණෟඩායමේ ක්‍රීඩකයින් දිරිමත් කරමින් ජයග්‍රහනය සදහා අවශ්‍යව තිබූ වට දෙක ලබා නොදෙමින් ලකුණු බිංදුවකට කටුනේරිය ශාන්ත ජූඩ් එල්ලේ කණ්ඩායම පරදවමින් එම තරගමාලාවේදි පුත්තලම් දිස්ත්‍රීක්කය නියෝජනය කරමින් සමස්ත ලංකා එල්ලේ තරගමාලාව නියෝජනය කරන්නට අවශ්ථව උදා කර ගන්නා ලදී.මෙම තරගය හලාවත නගර සභා ක්‍රීඩාංගනයේදී විශාල නරඹන්නන් පිරිසක් මධයයේ පවත්වන ලදී.

නායකත්වය යටතේ ක්‍රීඩා කරනලද ආරාධිත තරගමාලාවන් == අතුරින් අමතක කළ නොහැකි තරගමාලාවන්.

  1. 1983 වර්ෂයේ පෙබරවාරි මස 04 වෙනිදින තිස්පස් වෙනි නිදහස් සමරැ දිනය වෙනුවෙන් කොළඹ අලුත් කඩේ ග්‍රාෙමා්දය මණ්ඩලය විසින් පැවැත්වූ ලෙස්ලි යාහතුගොඩ විසින් සංවිධානය කරන ලද මැදකොළඹ ශ්‍රී විජය කණ්ඩායමත් දංකොටුව වෙන්නප්පුව එකාබද්ධ කණ්ඩායම අතර තරගය
  2. හැදල එක්සත් එල්ලේ කණ්ඩායම විසින් සංවිධානය කරන ලද ඇස් සෙල්වරාජා විසින් සංවිධානය කරන ලද එල්ලේ තරග මාලාව. මෙම තරග මාලාව වත්තල ශාන්ත අන්තෝනි විදුහල් ක්‍රීඩාංගනයේ පැති අතර එහිදී ප්‍රභල තරගයකින් පසුව මැදකොළඹ ශ්‍රී විජය කණ්ඩායමට පරාජය විය.
  3. 1979 වර්ෂයේ ශ්‍රී තංකා එල්ලේ සම්මේලනය විසින් මෙහෙයවන ලද ජාතික එල්ලේ හුරතා තරග මාලාවේදී අර්ධ අවසන් පූර්ව වටයේදී පරාජයට පත්වෙන ලදී.
  4. 1982 වර්ෂයේ ශ්‍රී ලංකා එල්ලේ සම්මේලනය විසින් සංවිධානය කරන ලද ජාතික ශුරතා තරල මාලාවේ අර්ධ අවසන් පූර්ව වටයේදී ප්‍රශල තරගයක් ලබා දෙමින් පරාජයට පත් විම.මෙම තරග කොළඹ ටොරින්ටන් චතුරශ්‍රෙය්දී පවත්වන ලදී.
  5. 1987 වසරේ ගම්උදාව නිමිත්තෙන් කොළඹ ටොරින්ටන් චතුරශ්‍ර තුරග තරග පිටියේ පැවති ආරාධිත තරග මාලාවේදී අවසන් පූර්ව වටයේදී පරාජයට පත්වීම්‍.

සිරිල් පෙරේරාගේ නායකත්වය යටතේ ක්‍රීඩා කරනලද තරගමාලාවන් කිහිපයක්

  1. සදලංකාව තරැණ තරැ එල්ලේ කණඩායම විසින් මෙහෙයවන ලද දීප ව්‍යාප්තඑල්ලේ තරගමාලාව..
  2. වත්තල සිනමා රසික සංගමය හැදල සවිබල එල්ලේ කණ්ඩායම විසින් සංවිධානය කරන ලද ඒ තරගමාලාව. .
  3. පෑලියගොඩ කුමුදු එල්ලේ කණ්ඩායම වින් සංවිධානය කරන ලද එල්ලේ තරගමාලාව.
  4. කදාන සංසයින් එල්ලේ කණ්ඩාය විසින් සංවිධානය කරන ලද ආරාධීත කණ්ඩායම් විස්සක් අතරේ පැවති තරගමාලාව.
  5. කිත්තම්පහුව ගාමිණී කණ්ඩායම සංවිධානය කරන ලද එල්ලේ තරගමාලාව.
  6. හැදල සාගර කණ්ඩායම විසි සංවිධානය කරන ලද තරගමාලාව.
  7. හැදල ඇකන්ද තරැණ කැල විසින් සංවිධිනය කරන ලද කණ්ඩායම් දහසයක් අතරේ වූ ආරාධිත එල්ලේ තරගමාලාව.
  8. 1985 වර්ෂයේ රෙජී රොරිගෝ මහතා විසින් සංවිධානය කරමි් මාතලේ බර්නාඩ් අලුවිහාරේ ක්‍රීඩා පිටියෙදී පවත්වන ලද කදුරට ආරාිත එල්ලේ තරගමාලාව.
  9. හැදල මාටාගොඩ දීප්ති ප්‍රජාමණ්ඩලය විසින් සංවිධානය තරන ලද දීප ව්‍යාප්ත එල්ලේ තරග මාලාව.
  10. කදාන ලින්ටන් ආතනය විසින් සංවිධානය කරන ලද නාගොඩ ලිංටන් ක්‍රීඩාංගනයේ පැවති එල්ලේ තරගමාලාව.
  11. හැදල මාටාගොඩ ආනන්ද එල්ලේ කණ්ඩායම විසින් සංවිධානය කරන ලද එල්ලේ තරගමාලාව.
  12. උදම්මිට ගාමණී එල්ලේ කණ්ඩායම විසින් සංවිධානය කරන ලඑල්ලේ තරගමාලාව.
  13. කණෟඩායම් තිස් දෙකක් අතරේ ජාඇල ශාන්ත මරියා එල්ලේ කණ්ඩායම විසින සංවිධානය කරන ලද එල්ලේ තරගමාලාව.
  14. බස්නාහිර පලාත් සභා මන්ත්‍රී ඩග්ලස් ප්‍රනාන්දු එල්ලේ ශුරතා තරගමාලාව.
  15. කදවල සික්ටීන බ්‍රදර්ස් එල්ලේ කණ්ඩයම විසින් සංවිධානය කරන ලද එල්ල් තරගමාලාව

ඉහත සදහන් එල්ලේ තරගමාලාවන් වලදී දංකොටුව සුහද එල්ලේ කණ්ඩායම වෙනුවෙන් කැප වෙමින් දක්ෂකම් දක්වමින් වසර 30 කට අධික කාලයක් එල්ලේ ක්‍රීඩාවේ නිරත වෙමින් දංකොටුව සුහද එල්ලේ කණ්ඩායම ලංකාවේ ප්‍රභලතම එල්ලේ කණ්ඩායම් අතරට රැගෙන යමින් දංකොටුව ග්‍රාමයටත් එල්ලේ ක්‍රීඩාවටත් මහත් මෙහෙවරක් ඉටුකරමින් කණ්ඩායම් නායකත්වය විනය ගරැකව ඉටුකරලීමට සමත්කම් දැක්වූ මෙම දක්ෂ එල්ලේ ක්‍රීඩකයා තම ජීවිත කාලයෙන් වැඩි හරියක්ම ගෙවාදමා ඇත්තේද එල්ලේ ක්‍රීඩාව වෙනුවෙනි.

"https://si.wikipedia.org/w/index.php?title=එච්_ඒ_සිරිල්_පෙරේරා&oldid=471003" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි