එච්. ඒ. කරුණාරත්න (උපත: 1929 අප්‍රේල් 20) ශ්‍රී ලාංකික චිත්‍ර හා මූර්ති ශිල්පියෙකි. ශ්‍රී ලංකාවේ වියුක්ත චිත්‍ර කලාවේ පියා ලෙස සැලකුම් ලබන කරුණාරත්න ශ්‍රී ලංකාව තුළ හා පිටත චිත්‍ර හා මූර්ති ප්‍රදර්ශන ගණනාවක් පවත්වා තිබේ. කෘතහස්ත කලා ගුරුවරයකු ද වන හෙතෙම සෞන්දර්ය අධ්‍යයන ආයතනයේ ආචාර්යවරයකු ලෙස 1975 සිට 1989 දක්වා සේවය කළේ ය. 2010 වසරේ දී දෘශ්‍ය හා ප්‍රසංග කලා විශ්ව විද්‍යාලය සම්මාන ආචාර්ය උපාධියක් ප්‍රදානය කරමින් කරුණාරත්නගේ කලා නිර්මාණ හා අධ්‍යාපනික සේවාව ඇගැයීමට පාත්‍ර කළේ ය.

එච්. ඒ. කරුණාරත්න
එච්. ඒ. කරුණාරත්න (ඉදිරිපස වමේ) 2011 දී සිය මූර්තියක් අබියස
උපතේදී නමහෙට්ටිආරච්චිගේ කරුණාරත්න
උපත1929 අප්‍රේල් 20
හොරණ, බණ්ඩාරගම, ශ්‍රී ලංකාව
ජාතිකත්වයශ්‍රී ලාංකික
ක්ෂේත්‍රයදෘශ්‍ය කලා
පුහුණුවරජයේ ලලිත කලායතනය, Tokyo University of the Arts, Pratt Institute
"https://si.wikipedia.org/w/index.php?title=එච්._ඒ._කරුණාරත්න&oldid=184524" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි