සැකිල්ල:තොරතුරුකොටුව පුද්ගලය

එච්.ම් කුඩලිගම කොළඹ යුගයේ දෙවන පරපුරේ කවියෙකි.ස්වභාව සෞන්දර්යය මහත් අභිරුචියෙන් වර්ණනා කළ කවීන් අතර හෙතෙම වෙසෙසින් කැපී පෙනේ.එසේම ඔහු මිනිස් දිවිය හා සොබ දහම අතර අැති සබඳතා දාර්ශනික පදනමකින් ඉදිරිපත් කලේය. ඒ නිසාම ඔහුව සිංහල ෂෙලී යන විරුදාවලි නාමයෙන් හඳුන්වනු ලැබීය.හතළිහ දශකය වන විට සිංහල කවිය නගා සිටුවීමට උර දුන් අයෙකි.තම නිර්මාණ ප්‍රථමව යොමු කළේ සිංහල බලය පුවත්පතටයි.
එච්.එම්.කුඩලිගම මහතා
එච්.එම්.කුඩලිගම මහතා .

ළමා කාලය සංස්කරණය

වර්ෂ 1918දී කලුතර කුඩලිගමදී උපත ලැබූ එච්.ම් කුඩලිගම මිෂනාරී පාසලෙන් ඉගෙනගත්තේය.ඉන්පසු ධර්ම විජය පිරිවෙනෙන් උසස් අද්යාපනය ලබුවේය.කුඩලිගමගේ කවිය බුදු සමයෙන් පෝෂිත එකක් වීමට මෙ පිරිවෙන් අද්යාපනයද බලපාන්නට අැත.

එතුමා කවි ලිවීමේ දී වඩාත් ප්‍රියකළ තේමාවන් සංස්කරණය

ස්වභාව සෞන්දර්යය
ප්‍රේමය
ගැමි ජීවිතය

එතුමාගේ නිර්මාණ තුළ දැකිය හැකි විශේෂ ලක්ෂණ සංස්කරණය

සරල, ගීතාත්මක බස
සෞන්දර්යාවාදී බව (සුන්දර සිතිවිලි පාඨකයාගේ සිත තුළ මතුකරලීමට ලත් හැකියාව)
සරල ආකෘති යොදා ගැනීම
ලොකු කුඩා කා හටවුවද රස වින්දනය කළ හැකි නිර්මාණයක් වීම.
ගැඹුරු සිතිවිලි සරලව ඉදිරිපත් කර ඇති ආකාරය 

උදාහරන -: කළු ගල් පවා වනමල් පෙති මෙන් මුදු වේ දවසක එහෙත් මල් පෙති කළු ගල් බදු වේ ලුහුබැඳ ගමන් ගත් අදහස් ඇත පොදුවේ සිතු දෙය නොසිදුවේ නොසිතුව දෙය සිදු වේ

-එච්.එම්.කුඩලිගම- (තවමත් ඔබ මගේය / නූතන පද්‍ය සංග්‍රහය)

==කතුවරයාගේ නිර්මාණ***

  ඈ
  සිරිමලී
  කුණාටුව
  වැස්ස
  🐦 කූඩුවක් 
  ගංගාවේ සංගීතය 
  එකමත් එක රටක
"https://si.wikipedia.org/w/index.php?title=එච්.ම්.කුඩලිගම&oldid=588358" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි