එක්ස්ප්ලෝරර් 1 චන්ද්‍රිකාව

සෝවියට් සංගමය අනුව යමින් වර්ෂ 1958 ජනවාරි 31 දින ඇමරිකාව සිය ප්‍රථම කෘතිම චන්ද්‍රිකාව උඩු ගුවනය යැවිමට සමත් විය. මේම චන්ද්‍රිකාව එක්ස්ප්ලෝරර් -1 යනුවෙන් නම් කර තිබිණි. 1957 දෙසැම්බර් මාසයේදි ඇමරිකාව ප්‍රථම චන්ද්‍රිකාව උඩුගුවනට යැවිමට උත්සහ කළත් එය අසාර්ථක විය.

ඉයෝවා හි රාජ්‍ය විශ්වවිද්‍යාලයේ පර්යේෂක කණ්ඩායමක් විසික් නිපදවන ලද උපකරණ එකතුවක් මේම චන්ද්‍රිකාව තුළ අන්තරගත විය. එක්ස්ප්ලෝරර් -1 යානය සතුව පැවතියේ ඉලිප්සීය කක්ෂයකි. එහි උන්නතංශය කි.මී 360 සිට 2500 දක්වා පරාසයක වෙනස් විය. මේම යානය වෙතින් එවන ලද දත්ත මගින් පෘථිවිය වටා ප්‍රභල විකරණ තීරණයක් පවතින බවට සාධක සොයා ගැනීමට හැකීවිය එය වෑන් ඇලන් විකිරණ තීරය නමින් හදුන් වයි. මෙය මානව ඉතිහාසතුල අභ්‍යවකාශයේ සිදු කෙරුණ පළමු හා ප්‍රධානතම විද්‍යාත්මක ගවේෂණය ලෙස සැලකෙයි.

එක්ස්ප්ලෝරර් -1 චන්ද්‍රිකාවේ තාක්ෂණික දෝෂ හදුනා ගැනීමේ පද්දතියකින්ද සමන් විත විය. යානයේ පහල කොටසේ දහයන කුටීරය ද මැද කොටසේ ඉන්ධන ටැංකිය, උඩු කොටසේ ගුවන් විදුලි සංඥා පද්දිතිය, පාලක පුවරුව, බැටරි හා අනෙකුත් තාක්ෂණික උපකරණද සමන්විත විය. ඝන ප්‍රචාලන රොකට් මොටරයක්ද මෙයට සවිකර තිබුණි. එසවුම් වාහනයේ හතරවන අදියරේදි එය ක්‍රියාත්මක විය.

එක්ස්ප්ලෝරර් 1 චන්ද්‍රිකාව
එක්ස්ප්ලෝරර් 1 යානයේ විස්තර
රොකට්ටුව සමග දිග - සෙ.මි. 203 (අගල් 80 යි)
විෂකම්භය - සෙ.මි. 15යි (අගල් 6 යි)
බර - කි.ග්‍රෑ 13.9 යි
එසවුම් යානය - ජුපියර් - C (ජුනෝ -1 )

තවත් එක්ස්ප්ලෝරර් මෙහෙයුම් කිහිපයක්

  • එක්ස්ප්ලෝරර් -3 1958 මාර්තු මස උඩු ගුවනට යවන ලදී.
  • එක්ස්ප්ලෝරර් - 17 1963 අප්‍රේල් 2 දින වායුගොලයෙ පිලිබද අද්‍යනයට යොදාගත් පළමු චන්ද්‍රිකාව වේ.
  • එක්ස්ප්ලෝරර් - 49 1973 ජුනි 10 දින චන්ද්‍රයාගේ නොපෙනන පැත්ත අධ්‍යයනයන්නට යොදා ගැනිණි.