එක්සත් ජනපදය තුල මානව විද්‍යාව

1800 ගණන්වල සිට 1940 දක්වා


19 වන සියවස මුල එහි ආරම්භයේ සිට 20 වන සියවසේ මුල්භාගය දක්වා ඇමරිකා එක්සත්ජනපදය තුල මානව විද්‍යාව ඇමරිකානු ස්වදේශික සමාජයන්ගෙන් ආභාෂය ලැබීය. අනෙකුත් යටත්විජිත රටවල (බි‍්‍රතාන්‍යය, ප‍්‍රංශය, ස්පාඤ්ඥය, පෘතුගාලය සහ ලතින් ඇමරිකානු රටවල්) ස්වදේශික යටත්වැසියන් සම්බන්ධයෙන් ඇතිවූ මෙම අභිමුඛවීම විවිධ ආකාරයන්ගෙන් සිදුවිය. කුහුල අගය කිරීම¸ ස්වදේශික පරිචයන් ‘ශිෂ්ඨගත කිරීම’ හෝ ‘ප‍්‍රතිසංස්කරණය කිරීම’ මෙතරම් විෂමවූ සමාජ හා දේශපාලන පද්ධතියක් සමඟ සමාජයන් කි‍්‍රයාත්මක වන්නේ කෙසේද යන්න පිලිබඳ ප‍්‍රහේලිකාව විසඳීම මුල් කාලීණ මානව වංශ ශාස්ත‍්‍රඥයින් පොළඹවාලූ සාධකයන් විය. ස්වදේශික ජනයා සමග සන්නිවේදනය කිරීමේ සහ ඔවුන්ව සංස්ථාගත කිරීමේ කි‍්‍රස්තියානී මිෂනාරීන් සහ යටත්විජිත පරිපාලකයින්ගේ ප‍්‍රායෝගික වුවමනාවන් මෙම අධ්‍යනයට ආධාර සහ ජාත්‍යන්තර අවධානය ලබාගැනීමට ඉවහල් විය මානව වංශ ශාස්ත‍්‍රඥයින්ගේ (මෙන්ම මානව විද්‍යාව වෘත්තීමය ස්වභාවයකට නොපැමිණ තිබූ එම මුල් යුගයේදී උගතුන් සහ බොහෝ ආධුනිකයින් මිෂනාරීන් සහ යටත්විජිත පරිපාලකයින්ගේ ප‍්‍රකාශයන් අතර පැහැදිලි විභේදනයක් නොවුනි) බොහෝවිට මනුෂ්‍යත්වයේ, පුරවැසිභාවයේ, අර්ථනිරූපනයන් පිලිබඳ දේශපාලනික සංවාද නිර්මාණය කිරීමට හේතුවිය. මෙම ගැටුම් ශුද්ධ දැනුම හෝ අන්තර් සංස්කෘතික අවබෝධය පිලිබඳ සොයායාම එක් අතකින්ද, අනෙකා මත සූරාකෑම පීඩනය හෝ එකී දැනුම විසින් පටවනු ලබන බලහත්කාරය අනෙක් පසින්ද වූ සංවාදයන් වූ බැවින් මුල්කාලීන මානව විද්‍යාඥයෝ ආන්දෝලනාත්මක වූවා පමණක් නොව දැනුම් පද්ධතිය තුල තමන්වම විභාගකර බැලීමේ අභියෝගයකටද මුහුණ දුන්හ. මෙය අවම වශයෙන් 20 වන සියවස මැද භාගය දක්වා පැවතුනි. මානව විද්‍යාව ‘යටත්විජිතකරණ ව්‍යාපෘතියේ’ සහායකයෙක් වූ බවට වන චෝදනා 1960 සහ 70 දශකයන්හි සමහර ද්‍රෘෂ්ඨිකෝණයන් විසින් ගොඩනැගුනු ලැබූ කරුණු වරදවා වටහාගැනීමකි.