එක්සත් ජනපදයේඉතිහාසය....බටහිර දෙසට ව්‍යාප්තිය (1789 - 1849)

ජෝර්ජ් වොෂින්ටන් - ඇමෙරිකානු විප්ලවීය සටනේ කීර්තිමත් නායකයා, මහාද්වීපික හමුදාවේ අණ දෙන නායකයා, හමුදාපති සහ ව්‍යවස්ථානූකූල සභාවේ ජනාධිපති, එක්සත් ජනපද ව්‍යවස්ථාව යටතේ ඇමෙරිකානු එක්සත් ජනපදයේ ප්‍රථම ජනාධිපති ලෙස ජෝර්ජ් වොෂින්ටන් පත් විය. 1794 දී සිදු වූ විෂ්කි කැරැල්ල (Whiskey Rebellion) ඇලෙග්හෙනි කඳු වැටියේ බටහිර පැත්තේ පිහිටි පෙන්සිල්වේනියා ජනපද වාසීන් මත් පැන් සහ නිස්සාරණය කරන ලද බීම වර්ග මත පනවන ලද බද්දට විරෝධය දැක්වීම සඳහා ආරම්භ කරන ලද අතර එය ෆෙඩරල් රාජ්‍යයේ පළමු වැදගත් අත්හදා බැලීමයි.

ලුසියානාව මිළදී ගැනීම - 1803 දී ලුසියානා ප්‍රාන්තය මිළදී ගැනීමෙන් එක්සත් ජනපදයේ බටහිර සීමාවේ ප්‍රංශ නියෝජනය ඉවත් වුණේය. ඉන් පසු එක්සත් ජනපද පදිංචිකරුවන්ට මිසිසිපි ගං ඉවුරේ බටහිර පැත්තේ විශාල බිම් ප්‍රදේශයක අයිතිය හිමි විය. ඇමෙරිකානුවන් බ්‍රිතාන්‍ය නාවික හමුදාවේ සේවයට බලෙන් යොදවා ගැනීමට ප්‍රතිචාර දැක්වීමක් වශයෙන් ජනාධිපති ජේම්ස් මැඩිසන් 1812 දී බ්‍රිතාන්‍යයට එරෙහිව යුද ප්‍රකාශ කළේය. උතුරු කැරොලිනාව සහ ජොර්ජියාව වැනි දකුණේ බොහෝ ජනපදවල වගා ක්‍රම දියුණු වෙමින් පැවතුන ද 1808 ආරම්භයේදි අප්‍රිකානු පෙදෙස් වලින් වහලුන් ගෙන ඒම තහනම් විය. එක්සත් ජනපදය සහ බ්‍රිතාන්‍යය අතර 1812 දී ආරම්භ වූ යුද්ධය 1815 ජනවාරි 8 වෙනි දින දක්වා පැවතිණි. දරුණු සටන්වලින් පසු (නිව් ඕර්ලියන්ස් සටන පැවති කාලයේ) ජය පරාජයෙන් තොරව නිමාවට පත් විය. ග්හෙන්ට් ගිවිසුම මගින් (Ghent) නිල වශයෙන් යුද්ධය අවසාන කරමින් රට යුද්ධයට පෙර තිබූ තත්වයට පත් කළේය. යුද්ධයේදී වූ හානි සම්බන්ධයෙන් ප්‍රතිචාර දැක්වීම් වශයෙන් සමහර දේශීය ඇමෙරිකානු ගෝත්‍රිකයන්ට එක්සත් ජනපද රජය සමග ගිවිසුම් අත්සන් කිරීමට සිදු වීම නිසා එය එක්සත් ජනපද රජයට වැදගත් විය.


ඇමෙරිකාවේ ඒක පුද්ගල ආදායම් ආර්ථික වර්ධනය

1823 දී ප්‍රකාශිත මොන්රෝ ප්‍රතිපත්තිය මගින් යුරෝපීය බලවතුන් ඇමෙරිකාවේ ජනපද ඇති කිරීම හෝ ඇමෙරිකාවේ කටයුතුවලට මැදිහත් වීම තව දුරටත් නොකළ යුතුයැයි ඇමෙරිකාව ප්‍රකාශයට පත් කර සිටියේය. මෙය එක්සත් ජනපදයේ විදේශ ප්‍රතිපත්තිය පැහැදිලි කළ අවස්ථාවක් විය. බටහිර අර්ධගෝලයේ පෙදෙස් වලට ප්‍රංශ සහ රුසියානු ව්‍යාප්තිය සිදුවෙතැයි යනුවෙන් ඇමෙරිකාවේ සහ බ්‍රිතාන්‍යයේ පැවති බියට ප්‍රතිචාර දැක්වීමක් ලෙස මොන් රෝ ප්‍රතිපත්ති ප්‍රකාශය යොදා ගැනුනි. ටෙඩි රූස්වෙල්ට් ජනාධිපති ලෙස පත්වීම තෙක් මොන් රෝ ප්‍රතිපත්තිය ඇමෙරිකාවේ ප්‍රධාන විදේශ ප්‍රතිපත්තිය ලෙස යොදා ගැනුනි. ඉන්පසු ස්පාඤ්ඤ ඇමෙරිකානු යුද්ධයේදි පසුව එක්සත් ජනපදය හා රුසියාව අතර මධ්‍යම ඇමෙරිකාවේදි සිදු වූ ප්‍රොක්සි යුද්ධවලදී මොන් රෝ ප්‍රතිපත්ති වල පිහිට පැතීමට සිදු විය.

1830 දී කොංග්‍රසය විසින් ඉන්දියානුවන් ඉවත් කිරීමේ පනත සම්මත කරන ලදී. එමගින් නැගෙනහිර ජනපද වල ඉන්දියන් ගෝත්‍රික ඉඩම් වෙනුවට මිසිසිපි ග‍ඟේ බටහිර පෙදෙස් ඉඩම් මාරු කර ගැනීම පිළිබඳ ගිවිසුම් හුවමාරු කර ගැනීමට ජනාධිපතිට බලය පැවරුණි. මෙයින් ඇන්ඩ්‍රෑ ජැක්සන් යුද වීරයෙකු වශයෙන්ද ජනාධිපති කපටි කෲර පාලකයෙකු ලෙසද ඇමෙරිකානු භූමයේ මුල් පදිංචිකරුවන් අතර මතයක් ස්ථාපිත විය. ස්වදේශික ඉන්දියානු ගෝත්‍ර බටහිර දෙසට බලෙන් පිටමං කිරීමේදී දහස් ගණනක් ඉන්දියානු ගෝත්‍රිකයින් අතර මගදී මිය යාමත්, ක්‍රීක්වරුන්ගේ ප්‍රචණ්ඩකාරි විරෝධය සහ අවසානයේ පරාජය වීමත් සැළකිය යුතු කරුණු විය. ඉන්දියානුවන් පිටමං කිරීමේ පනත ස්පාඤ්ඤ ෆ්ලොරිඩාව පවරා දීමට හා අනතුරුව බොහෝ සෙමි‍ෙනාල් සටන්වලට (අමෙරිකානු ඉන්දියන්වරු සමග සටන් වලට) ඍජුව බල පෑවේය.

වහල් සේවය අවලංගු කරන්නන්ගේ ව්‍යාපාරය විසින් වහල් සේවය අවසාන කිරීම සඳහා ගෙන ගිය ව්‍යපාරයට සුදු සහ කලු ජාතික දෙවර්ගයෙන්ම විශාල අනුගාමික පිරිසක් එක් වූහ. ඇමෙරිකන් ඇන්ටි ස්ලේවරි සමාජය නොහොත් ඇමෙරිකානු වහල් සේවයට විරුද්ධ සමාජය දේශපාලන වශයෙන් 1833 සිට 1839 දක්වා ක්‍රියාකාරි වූ අතර වහල් සේවය අවලංගු කරන ලෙස රජයට බලපෑම් කළේය. එහෙත් කොංග්‍රසය ගැග් රූල් (Gag rule) නම් මුකවාඩම් නීතියක් පනවමින් වහල් සේවයට විරුද්ධ පුරවැසි ඉල්ලීම් ඉවත දැමූවේය. කලින් ඉහත ව්‍යපාරයට සම්බන්ධව සිටි විලියම් ලොයිඩ් ගැරිසන් නැමැත්තා වහල් සේවයට එරෙහිව 'ද ලිබරල්' නමින් පුවත් පතක් 1831 වසරේ මැසචුසෙට් හි බොස්ටන් නගරයේ ආරම්භ කළ අතර කලින් කලු වහලෙකුව සිටි ෆ්‍රෙඩෙරික් ඩග්ලස් නමැත්තා ඉහත පුවත් පතට ලිවීම ආරම්භ කළේය. ඔහු 1847 දී ව්‍යපාරය සඳහා ඔහුගේම පුවත් පතක් "නොර්ත් ස්ටාර්" නමින් ආරම්භ කළේය.

1845 දී ජනාධිපති ජෝන් ටයිලර් විසින් ටෙක්සාස් ජනරජය යා කර ගනු ලැබීය. එක්සත් ජනපදය ඔවුන්ගේ ස්ථිර හමුදාව සහ ස්වේච්ඡා භටයින් විශාල සංඛ්‍යාවක් සහභාගි කර ගෙන 1848 වර්ෂයේ දී කරන ලද සටනින් මෙක්සිකෝව යටත් කර ගන්නා ලදී. එක්සත් ජනපදයේ මහජන මතය 19 සියවසේ ලිබරල් වාදීන්ගේ පක්ෂය ලෙසට බෙදුනු අතර වහල් විරෝධි බලකාය යුද්ධයට එරෙහි වූහ. 1848 ගුවාඩලුප් හිඩැල්ගෝ ගිවිසුම (Guadalupe - Hidalgo) මඟින් කැලිෆෝර්නියාව, නව මෙක්සිකෝව, සහ යාබද ප්‍රදේශ එක්සත් ජනපදයට භාර දුන් අතර එයට මෙක්සිකෝ භූමියෙන් සියයට තිහක ප්‍රදේශයක් අයිති විය.


References සංස්කරණය

http://en.wikipedia.org/wiki/History_of_the_United_States#Westward_expansion_.281789.E2.80.931849.29