එක්සත් ජනපදයෙහි හිමිකම් නීතිය

කලාත්මක සහ සංස්කෘතිමය කෘතීන් නිපැයුම කෙරෙහි රුකුල් දීමට එක්සත් ජනපදයෙහි හිමිකම් නීතිය උත්සාහ දරනුයේ කතුවරුන් සහ කලාශිල්පීන් වෙත කිසියම් බහිෂ්කාර හිමිකම් මාලාවක් ප්‍රදානය කිරීමෙනි. හිමිකම් නීතිය විසින් කතුවරුන් සහ කලාශිල්පීන් වෙත බහිෂ්කාර හිමිකම් මාලාවක් ප්‍රදානය කරනුයේ ඔවුන්ගේ කෘතීන් නිපැයීම සහ විකිණීම, ව්‍යුත්පන්න කෘතීන් තැනීම සඳහා අයිතිය සහ, ඔවුන්ගේ කෘතීන් ප්‍රසිද්ධයේ රඟදැක්වීම හෝ ප්‍රදර්ශනය කිරීම හෝ සඳහා වෙයි. මෙම බහිෂ්කාර හිමිකම්, කාල සීමාවකට යටත් වන අතර, සාමාන්‍ය ලෙසින් කතෘගේ මරණයෙන් වසර 70 කට පසුව අවසාන වෙයි.

එක්සත් ජනපද හිමිකම් නීතිය පාලනය වන්නේ 1976 හිමිකම් නීතිය වෙතිනි.