එක්සත් ජනපදයෙහි කෘෂිකර්මය

කෘෂිකර්මය යනු එක්සත් ජනපදයෙහි ප්‍රධාන කර්මාන්තයක් වන අතර එම රට ආහාර පිළිබඳ ශුද්ධ නිර්යාතකරුවෙකු වෙයි. 2007 දී පැවැකි නෘෂිකර්මය පිළිබඳ අවසන් සංගණනය ප්‍රකාර, මධ්‍යයනයක් වශයෙන් එක් ගොවිපොලකට 418 acres (1.69 වර්ග කිලෝ මීටර) සරියක් සහිතව, 922 million acres (3,730,000 වර්ග කිලෝ මීටර) ක මුළු භූමි ප්‍රදේශයක් ආවරණය කරමින්, ගොවිපොල මිලියන 2.2 ක් පැවැති බව නිරාවරණය කර ගෙන ඇත.[1]

1921 විශ්වකෝෂයකින් ලබා ගත් මෙම ඡායාරූපය දක්වන්නේ බෝග වගා කර ඇති කුඹුරක් ට්‍රැක්ටරයක් මගින් හාන ආකාරයයි.


කෘෂිකාර්මික ආරක්ෂාව සහ සෞඛ්‍යය සංස්කරණය

ඉතාමත් උපද්‍රව සහිත කර්මාන්ත අතුරින් එකක් ලෙස කෘෂිකර්මය සැලකෙයි. [2]> මාරක සහ මාරක-නොවන අනතුරු, වැඩ-ආශ්‍රිත පෙනහළු රෝග, ශබ්දය-ප්‍රේරිත ශ්‍රවණ හානිය, සමේ රෝග, රසායනික-ආශ්‍රිත අසනීප, සහ රසායනික භාවිත සහ හිරු එලියට එකදිගට නිරාවරණය හා සම්බන්ධ සමහරක් පිළිකා ආදිය වැලඳීමේ අධික අවදානමකට ගොවියෝ ලක්ව සිටිති. .[3] සාමාන්‍ය වසරකදී, එ.ජ. හී කම්කරුවන් 516 ක් පමණ ගොවිපොල ආශ්‍රිත කාර්යයන්හිදී මිය යති (1992–2005). සෑම දිනකම, කෘෂිකාර්මික කම්කරුවන් 243 පමණ වැඩ බිමෙහි කටයුතු අත්හිටුවන තරමේ අනතුරුවලට ලක්වන අතර, මෙයින් 5% පමණ ස්ථීර අපහායනයන් ඇති කරයි. [4] කෘෂිකර්ම-ආශ්‍රිත මාරක අනතුරු වලට ප්‍රමුඛතම හේතූන් වන්නේ ට්‍රැක්ටර පෙරලීම වන අතර වසරකට මරණ 90 සඳහා එය වග කියයි. වෘත්තිය ආරක්ෂණය සහ සෞඛ්‍යය සඳහා ජාතික ආයතනය නිර්දේශ කරනුයේ ට්‍රැක්ටරයන්හී පෙරලීමෙන් ආරක්ෂිත වන ව්‍යුහයන් භාවිතා කිරීමෙන් පෙරලීම-ආශ්‍රිත මාරක අනතුරු සඳහා ඇති අවදානම අවම කරගන්නා ලෙසයි.[4]

2004 වසර තුලදී ඇස්තමේන්තුගත මිලියන 1.26 පමණ දරුවන් හා වයස 20 ට අඩු යෞවනයන් ගොවිපොල වල ජීවත්වූ අතර, මෙම තරුණයන්ගෙන් 699,000 පමණ ගොවිපොල වල රැකියාවෙහි යෙදුනහ. ගොවිපොල වල ජීවත්වූ තරුණයන්ට අමතරව, අතිරේක දරුවන් හා යෞවනයන් 337,000 ක්, 2004 වසරෙහිදී, එ.ජ. ගොවිපොල වල කටයුතු සඳහා කුළියට යොදවනු ලැබූහ. සාමාන්‍ය වශයෙන්, ගොවිපොල කටයුතු වලදී දරුවන් 103ක් වාර්ෂීකව මිය යති (1990–1996). මෙම මරණ වලින් දළවශයෙන් සියයට 40 ක ප්‍රතිශතයක් වැඩ-ආශ්‍රිත ඒවා වූහ. 2004දී, ඇස්තමේන්තුගත දරුවන් හා යෞවනයන් 27,600 ක් ගොවිපොල වලදී අනතුරුවලට ලක්වූහ; මෙම අනතුරුවලින් 8,100 ක් ගොවිපොල කටයුතු නිසා විය.කෘෂි කර්මාන්තය යනු තරුණයින්ට ඉතා අනතුරු ගෙන දෙන කර්මාන්තයකි. 1992 සහ 2000 අතර කාලය තුල වැඩ කිරිමේදි අනතුරට පත් තරුණයින්ගේ සංඛ්යානව 42% කි. අනිකුත් කර්මාන්ත මෙන් නොව කෘෂි කර්මාන්තයේදි මෙසේ අනතුරට පත් වන තරුණයින්ගෙන් භාගයක් දෙනා අවුරුදු 15 ට අඩු අය වෙති.

වයස 15 – 17 කාණ්ඩ වල තරුණයින්ගෙන් කෘෂි කර්මාන්තයේ නියැලෙන තරුණයින්ට ඇති වන මරණීය තුවාල වෙනත් ක්ෂේත්රුයන්ට වඩා සිව් ගුණයකින් වැඩිය. කෘෂි කර්මාන්තයේදි තරුණයින්ට යන්ත්රද සූත්ර් වැනි අනතුරු විය හැකි උපකරණ සමගද, සීමිත ප්‍රදේශවලද, උස් ස්ථාන වලද, සතුන් සමගද, වැඩ කිරීමට සිදු වේ. • 2004 වර්ෂයේදි අවුරුදු 20 ට අඩු ළමයින් සහ තරුණයින් මිලියන 1.26 ක් ගොවිබිම් වල ජීවත් වූ අතර එයින් 699,000 ක් ඒවායේ වැඩ කළහ. ගොවිපල වල ජීවත් වන තරුණයින්ට අමතරව තවත් අතිරේක 337,000 ක් ළමයි සහ තරුණයින් 2004 වර්ෂයේදි එක්සත් ජනපදය විසින් කුලියට ගෙන තිබුනි. • 1990 – 1996 කාලය තුල ගොවිපලවල් වල සිදු වූ ළමා මරණ සංඛ්යාුවේ සාමාන්යණය 103 කි. මෙයින් 40% ක ප්රිමාණයක් මිය ගොස් ඇත්තේ ගොවිපලේ වැඩ කරමින් සිටියදීය. • 2004 දී ළමයින් සහ තරුණයින් 27,600 ක් ගොවි බිම් වලදි තුවාල ලබා ඇත. මෙයින් 8,100 ක් දෙනා තුවාල ලබා ඇත්තේ වැඩ කරමින් සිටියදීය.

ආශ්‍රිත සංස්කරණය

  1. එජ කෘෂිකර්ම සංගණනය, 2007, http://www.agcensus.usda.gov/Publications/2007/Full_Report/index.asp, ප්‍රතිෂ්ඨාපනය 2012-12-31 
  2. "NIOSH- ඇග්රිකල්චර්". වෘත්තිය ආරක්ෂණය සහ සෞඛ්‍යය සඳහා වන එක්සත් ජනපද ආයතනය. 9 ඔක්තොම්බර් 2007 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2007-10-10. {{cite web}}: Unknown parameter |deadurl= ignored (|url-status= suggested) (help)
  3. [http://www.cdc.gov/niosh/docs/2012-108/%7CNIOSH පෙස්ටිසයිඩ් පොයිසනින් මොනිටරින් ප්‍රෝගම් ප්‍රොටෙක්ට්ස් ෆාම්වර්කර්ස්
  4. 4.0 4.1 "NIOSH- ඇග්රිකල්චර් ඉන්ජරි". වෘත්තිය ආරක්ෂණය සහ සෞඛ්‍යය සඳහා වන එක්සත් ජනපද ආයතනය. 28 ඔක්තොම්බර් 2007 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2007-10-10. {{cite web}}: Unknown parameter |deadurl= ignored (|url-status= suggested) (help)