එක්විසි අනේසය
භික්ෂූන් වහන්සේලා විසින් ගිහියන් සතුටු කිරීම පිණිස නොකල යුතු කාරනා විසි එකක් විනය පිටකයේ සඳහන්වේ. මෙම කාරනා එක්විසි අනේසය නම්වේ.
- ගිහියන්ට හුණු, ලී ආදිය දීම
- මංගල අවමංගල කටයුතු ආදිය සඳහා ගිහියන්ට මල් දීම
- ගිහියන්ට පොල් අතු තල් අතු ආදිය දීම
- ගිහියන්ට ගෙඩි ජාති දීම
- ගිහියන්ට දැහැටි දඬු දීම
- ගිහියන්ට මුව දෝනා පැන් දීම
- ගිහියන්ට නෑමට පැන් දීම
- ගිහියන්ට ඇඟ ගල්වන සුණු (? සබන්) දීම
- ගිහියන්ට ගොඩනැගිලි සඳහා මැටි දීම
- තමා පහත් තත්වෙයේ තබා ගිහියන් ට උසස්කොට කථාකිරීම
- ගිහියන්ගේ සිත් ගැනීම සඳහා බොරු සැබෑ මිශ්රකොට කීම
- දායකයන්ගේ දරුවන් හුරතල් කිරීම
- ගිහියන්ගේ පණිවුඩ ගමින් ගමට ගෙනයාම
- ගිහියන්ගේ පණිවුඩ ගෙයින් ගෙට ගෙනයාම
- වෙදකම් කිරීම
- ගිහියන්ට වැඩකරදීම
- තමා ලත් දේ ගිහයන්ට දී ගිහියන් සතුදේ තමාට ගැනීම
- අල්ලස් දීම
- ගෙබිම් දැක්වීම
- නැකැත් කීම
- ශරීර ලකෂණ බලා පලාපල කීම