ඍග්වේදයේ අන්තර්ගතය

ඍග්වේදයේ අන්තර්ගතය

ඍග්වේද ගීතිකා විවිධ දෙවිවරුන් වෙනුවෙන් කැපකර ඇත. ඔවුන් අතුරින් ප‍්‍රධාන වනුයේ සතුරන් නැසීම වෙනුවෙන් වීරත්වයෙන් පැසසුම් ලබන ඉන්ද්‍ර, ගිනි දෙවියා වන අග්නි, සෝම යුශය හෝ එය ලබාගන්නා පැලෑටිය වන සෝම යන දෙවිවරු ය. ආදිත්‍ය හෙවත් අසුරයින් ද මිත‍්‍ර, වරුණ සහ උෂස් (අරුණෝදයේ දෙව`ගන* ද සමාන වැදගත් කම් දරති. තව ද ඍග්වේදයේදී යදිනු ලබන ෙදිවිවරුන් අතර සවිතෘ, විෂ්ණු, රුද්‍ර, පූෂන්, බ‍්‍රහස්පතී හෙවත් බ‍්‍රහ්මනස්පති මෙන් ම දේවත්වාරෝපණයට ලක් කළ ස්වභාවික සංසිද්ධීන් වන ද්‍යවුස් පිතා (බබලන අහස හෝ දිව්‍යමය පියා*, පෘථිවි (මහ පොළොව හෝ මිහිකත*, සූර්ය (සූර්යයා නම් දේවතාවා*, වායු හෝ වාත (සුළ`ග* , ආපස් (ජලය*, පර්ජන්‍ය (අකුණු සහ වර්ෂාව*, වාච් (වචන*, බොහෝ ගංගා (විශේෂයෙන් සප්ත, සින්ධු සහ සරස්වතී යන ගංගාවෝ* ද වෙති.

ඍග්වේදයෙහි අන්තර්ගත මන්ත‍්‍රවල අතිරේක දෙවිවරුන්, පුද්ගලයින්, සංකල්ප සහ සංසිද්ධීන් ද ස`දහන් වන අතර ඓතිහාසික සිද්ධීන් ගැන ද විවිධ තැන්වල කරුණු දැක්වෙයි. වෛදික ආර්යයයන් ලෙස හැ`දින්වූ මුල් කාලීන වෛදික ජනයා සහ ඔවුනගේ සතුරන් ලෙස සැළකෙන දස්‍යුන් අතර පැවැත් අරගලය පිළිබ`ද තොරතුරු මෙහිලා වැදගත් තැනක් ගනී.

"https://si.wikipedia.org/w/index.php?title=ඍග්වේදයේ_අන්තර්ගතය&oldid=472125" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි