ඌබට්_ඒන්ජල් යනු වංචා, මුදල් විශුද්ධිකරණය සහ ජාවාරම්වලට සම්බන්ධ වූ ආන්දෝලනාත්මක බ්‍රිතාන්‍ය-සිම්බාබ්වේ ව්‍යාපාරිකයෙකි. රහසිගත මාධ්‍යවේදීන් ඔහුගේ රාජ්‍යතාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රය භාවිතා කරමින් රත්‍රං සහ මුදල් ප්‍රවාහනය කිරීමට කටයුතු කරන ආකාරය රූගත කර ඇත. මුදල් ගෙවා ව්‍යාජ උපාධියක් ලබා ගත්තෙකු ලෙස තවත් එවන් පුද්ගලයින් 9,612ක් සමඟ ඔහුගේ නම එක්සත් ජනපද අධිකරණ දෙපාර්තමේන්තුවේ ලැයිස්තු ගතකර ඇත. එවැන්ජලික දේශකයෙකු වන අතර එක්සත් රාජධානියේ පෙන්තකොස්ත දේවසේවයක් වන Spirit Embassy හි නිර්මාතෘවරයා වේ.

ඌබට් ඒන්ජල්
Uebert Angel speaking in London, UK 2021
උපත
ඌබට් මුඩ්සනිරේ

6 සැප්තැම්බර් 1978 (1978-09-06) (වයස 45)[1][2]
Zaka, සිම්බාබ්වේ
ජාතිකත්වයZimbabwean and British
රැකියාවMinistry founder, televangelist, businessman, Ambassador
කලත්‍රයා(යන්)Beverly Angel[3]
වෙබ් අඩවියසැකිල්ල:Website

ඔහු සහ ඔහුගේ ආගම් කල්ලියේ සහ ඔහු විසින් පාලනය කරන පුණ්‍යායතන වටා විවිධ මතභේද ඇති අතර ඔහුට එරෙහිව වරෙන්තුද නිකුත් කර ඇත. මේ වන විට ඔහුට මූල්‍ය වංචා සහ ලිංගික අපචාර චෝදනා එල්ල වී ඇත. 2023 දී ඔහු තම රාජ්‍ය තාන්ත්‍රික වරප්‍රසාද අනිසි ලෙස භාවිතා කරමින් මුදල් විශුද්ධිකරණ ක්‍රමයක් පවත්වාගෙන යන බව සොයා ගන්නා ලදී. ඒන්ජල් සභාවේ හිටපු සාමාජිකයින් ඔහුට ස්ත්‍රී දූෂණ සහ ලිංගික අතවරවලට චෝදනා කර ඇත.

  1. Muguwu, Sharon (21 August 2015). "Hollywood stars laud birthday boy Uebert Angel – Nehanda Radio". Nehanda Radio. සම්ප්‍රවේශය 4 April 2017.
  2. Chitando, Ezra; Gunda, Masiiwa Ragies; Kügler, Joachim, eds. (2013). Prophets, Profits and the Bible in Zimbabwe: Festschrift for Aynos Masotcha Moyo. University of Bamberg Press. p. 161. ISBN 9783863091989.
  3. "Uebert Angel shares loving moment with wife Beverly in their 13 acre garden". 20 August 2016. සම්ප්‍රවේශය 4 April 2017.
"https://si.wikipedia.org/w/index.php?title=ඌබට්_ඒන්ජල්&oldid=551829" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි