උසස් තාක්ෂණ ආයතනය (HNDIT)

ලබුදූව උසස් තාක්ශණ ආයතනය ශ්‍රී ලංකා උසස් අධාය්‍යාපන අමාත්‍යාංශය මගින් පාලනය වන ශ්‍රී ලංකා උසස් තාකෂණ අධාය්‍යාපන ආයතයේ රට පුරා විහිදුනු විස්සක් පමණ වූ ආයතන අතරින් ප්‍රධාන හා සුවිශේෂී උසස් අධාය්‍යාපන ආයතනයකි.වර්තමානයේ උසස් ඩිප්ලෝමා පාඨමාලා එකොළහකට ආසන්න ප්‍රමාණයක් පැවැත්වෙන,විශාල ගණනක් උසස් ඩිප්ලෝමාධාරීන් රටට බිහි කරන ආයතනයකි.ශ්‍රී ලංකා උසස් අධය්‍යාපන ආයතනය 1995 අංක 29 දරණ ශ්‍රී ලංකා පාර්ලිමේන්තු පණත මගින් ස්ථාපනය කරන ලද අතර ඒ සමගාමීව ගාල්ල ලබුදූව ප්‍රදේශයටත් උසස් අධාය්‍යාපන ආයතනයක් නිර්දේශ වන අතර චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිණියගේ පාලන සමයේ මුල්ගල් තබන ලද අතර වර්ශ 1999 දෙසැම්බර් මස 17 වන දින එවකට උසස් අධාය්‍යාපන අමාත්‍ය ගරු අචාර්‍ය්‍ය රිචඩ් පතිරණ මැතිතුමාගේ සුරතින් ලබුදූව උසස් අධය්‍යාපන ආයතනයත් ඒ සමගාමීව ආරම්භක උසස් ජාතික තොරතුරු තාක්ශණ ඩිප්ලෝමා පාඨමාලාවත් ආරම්භය සනිටුවහන් වන අතර වර්තමානය වන විට පුරා වසර විස්සක කාලයක් අනේක දුක් ගැහැට ලබමින් උසස් අධාය්‍යාපන ආයතනයත් උසස් ජාතික තො.තා ඩිප්ලෝමා පාඨමාලාවත් විරාජමානව පවතී.



වර්තමානයේ ආයතන තුල පැවැත්වෙන පාඨමාලා



1 HNDIT - උසස් ජාතික තොරතුරු තාක්ශණ ඩිප්ලෝමා පාඨමාලාව

2 HNDT - උසස් ජාතික කෘෂිකර්ම ඩිප්ලෝමා පාඨමාලාව

3 HNDE(Civil) - උසස් ජාතික සිවිල් ඉංජිනේරු ඩිප්ලෝමා පාඨමාලාව

4 HNDE(Elect.) - උසස් ජාතික විදුලි ඉංජිනේරු ඩිප්ලෝමා පාඨමාලාව

5 HNDE(Mech.) - උසස් ජාතික යාන්ත්‍රික ඉංජිනේරු ඩිප්ලෝමා පාඨමාලාව

6 HNDM - උසස් ජාතික පරිපාලන ඩිප්ලෝමා පාඨමාලාව

7 HNDA - Higher National Diploma in Accountacy

8 HNDBA - Higher National Diploma in Busseness Administration

9 HND in English - Higher National Diploma in English

10 HNDTHM - Higher National Diploma in Tourism & Hospitality Manegement

11 HNDQS - Higher National Diploma in Quantity Surveying

----ආයතනයේ වැදගත්කම

  • ලංකාවේ උසස් අධාය්‍යාපන ආයතන අතර පැරණිතම උසස් අධාය්‍යාපන ආයතනයක් වීම.
  • පිහිටීම(ගාල්ල ලබුදූව කදුගැටක් සහිත මනරම් පරිසරයක පිහිටා ඇත.භූමිය ඒ අයුරින්ම ඉතාම මැනවින් ගොඩනැගිලි ඉදිකිරීමේදී යොදාගෙන ඇත.)
  • ලංකාවේ අලංකාරම උසස් අධාය්‍යාපන ආයතනය වීම
  • විවිධ ප්‍රදේශ වලින් පැමිනෙන සිසුන් අධය්‍යාපනය ලැබීම
  • උසස් ජාතික ඉංජිනේරු ඩිප්ලෝමා පාඨමාලාවන් ලංකාවේ ආයතන තුනක පමණක් ක්‍රියාත්මක වන අතර ලබුදූව ඉන් එකක් වීම.
  • වසරක් පාසා ආයතනය තුල ස්‍වර්වරාත්‍රික පරිත්‍රාණ දේශනා ,අවුරුදු උළෙල,ක්‍රීඩා උළෙල,ක්‍රිකට් වසන්තය ආදී උත්සව රැසක් පැවැත්වීම
  • රාජය්‍ය විශ්ව විදය්‍යාලයකදී ලැබෙන සියලු පහසුකම් ලැබිය හැකි වීම
  • ඉතා වටිනා ග්‍රන්ථ රැසක් සහිත පුස්තකාලයක් සතු වීම
  • සහෝදරත්වය,අන්තර් පීඨ එකමුතුකම සහිත දකුණු ලකේ අංක එකේ උසස් අධාය්‍යාපන ආයතනය වීම


—————————————————————————වර්තමානයේ ආයතනයේ

අධය්‍යක්ෂ - එස්.‍රාමනායක මහතා

ලේඛකාධිකාරී - සුනිල් පරණවිතානගේ මහතා


වැඩි විස්තර සදහා 👉 www.hndit.lk

"https://si.wikipedia.org/w/index.php?title=උසස්_තාක්ෂණ_ආයතනය_(HNDIT)&oldid=476622" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි