උපාංග අතර අන්තර්ජාලය
උපාංග පදනම් කරගත් අන්තර්ජාලය/සාර්වද්‍රව්‍ය අන්තර්ජාලය(Internet of Things - IoT) යනු භෞතික වස්තුය සහ උපකරණ අතර ජාලකරණය යි. මෙහි දී භෞතික වස්තු වශයෙන් නිවාස රථවාහන වැනි දෑද ඇතුළත් වන අතර මෘදුකාංග, සංවේදක, ඇක්චුවේටර, සහ ජාල සබදතාවන් සදහා අවශ්‍ය පරිගණකමය උපකරණ කාවැද්දීම තුළින් මේ ආකාරයෙන් ගෘහ උපකරණ, නිවාස, වාහන ඇතුලු සෑම දෙයක් ම පරිගණක මෙන් ම ජාලගත කරනු ලැබීමට සහ එමගින් ඒවාට පරිසරය පිළිබද තතු ලබාගනිමින් සහ අනෙකුත් උපකරණ සමග දත්ත හුවමාරු කරගනිමින් වඩා කාර්යක්ෂම ව හැසිරීමට සහ ස්වයංකරණයට (automation) අවස්ථාව ලබා දී ඇත. පරිගණකමය ඇගලුම් තාක්ෂණය (wearable computing technology) , බුහුටි උපකරණ (smart devices), වළාකුළු පරිගණක (cloud computing), කාවැද්දූ පරිගණක (embedded computing) වැනි පරිගණක තාක්ෂණය ඇසුරු කරගත් නව වර්ධනයන් මේ සමග අත්වැල් බැදගෙන ඇත.
මෙහිදී සෑම වස්තුවක් ම ඒ තුළ කාවද්දා ඇති පරිගණකමය උපකරණ තුළින් නිශ්චිත වශයෙන් හදුනා ගැනෙන අතර වත්මන් අන්තර්ජාල යටිතලය හරහා අන්තර්සබදතා පැවැත්වීමට සමත් වෙයි.
පවතින සහ නැගී එන සුවිශේෂී පරිගණක ආශ්‍රිත තාක්ෂණයන් යොදාගනිමින් උපාංග එකිනෙක සම්බන්ධීකරණය තුළින් උසස් ගණයේ සේවා සැපයීමට අවස්ථාව ලබාදෙමින් තොරතුරු සමාජය පිණිස ගෝලීය යටිතලයක් නිර්මාණය කරන්නක් ලෙස Global Standards Initiative on Internet of Things විසින් මෙය නිර්වචනය කර තිබේ.
එ මෙන් ම මෙම නිර්වචනය උදෙසා වස්තුවක් යන්න නිශ්චිත වශයෙන් තාක්ෂණික ව හදුනාගත හැකි සහ සන්නිවේදන ජාලයන් තුළට අන්තර්ග්‍රහණය කරගත හැකි වූ ඕනෑම වස්තුවක්; එනම්, භෞතික ලෝකයේ (භෞතික) වස්තුවක් වශයෙන් හෝ අතථ්‍ය ලෝකයේ (අතථ්‍ය) වස්තුවක් වශයෙන් හදුනා ගත යුතු බව ද එහි දැක්වේ. උපාංග පදනම් කරගත් අන්තර්ජාලය විසින් උපාංගයන් දුරස්ථ ව සංවේදනය කිරීමට සහ හසුරුවීමට පවතින ජාලකරණ යටිතලයන් ඔස්සේ අවස්ථාව ලබාදෙන අතර ඒ තුළ භෞතික ලෝකය සහ පරිගණකමය පද්ධති අතර වඩාත් ශක්තිමත් සබදතාවයක් ගොඩ නැංවේ. එමගින් කාර්යක්ෂතාව සහ නිරවද්‍යතාවය ඉහළ නැංවීමටත් මිනිස් ශ්‍රමය අවම කරගැනීමට අමතර වශයෙන් ආර්ථික ප්‍රතිලාභයන් ලැබීමටත් හැකි වෙයි.
2025 වනවිට උපාංග පාදක කරගත් අන්තර්ජාලය තුළ බිලියන 30කට ආසන්න උපාංග සංඛ්‍යාවක් සාමාජිකත්වය දරනු ඇති බවට විශේෂඥයෝ ඇස්තමේන්තු කරති. the Internet of Things යන යෙදුම 1999දී කෙවින් ඇෂ්ටන් පබදින ලදී.