උපත මරණය හා ආත්මය
උපත Birth මරණය Death හා ආත්මය Soul උපත ගැන විවිධ මත පවතී. ආත්මය පිලිගත් අය විශ්වාස කරන පරිදි උපතේදී ආත්මය නම් දෙයක් ශරීර ගතවන අතර මරණයේදී සිරැරෙන් ඉවත්ව යයි. එය එයින් විනාශ නොවන අතර තවත් ජීවියකුගේ උපතේදී ශරීරගතවේ. එසේත් නැත්නම් නොදන්නා ලෝකයක ඉපිදේ, නැත්නම් ආත්මය ලෝකය තුල සැරිසරයි. බුදු දහම 'ආත්ම' යන සංකල්පය බැහැර කරයි. රැස්කරගත් පින් අනුව ආත්මයේ ආයුකාලය හා සමාප්තිය සිදුවේ. නමුත් මෙයද සාධක සහිතව පිලිගතහැකි අයුරින් ඹප්පු කළ නොහැකි බැවින් එයද ප්‍රවාද ගණයෙහි ලා සැලකීමට පුලුවන. නමුත් ජන මතය, භක්තිය මගින් එය ඹප්පු කිරීම මුලාවකි. විද්‍යාව අනුව උපතනම් ඩිම්බ සංසේචනයෙන් කලලයක් සැදී එය වර්දනය වීමේන් සැදුනු ජනිතයා මව් ජනකයාගේ සිරැරෙන් එලියටපැමිණීමයි. මෙසේ පැමිණි ජනිතයාට භාහිර ලෝකය ගැන දැනුම ඉතා අල්පය. නමුත් මේ ජනිතයා පරිණත ආත්මයකින් ක්‍රියාත්මක වන්නේ නම් ඹහුට බාහිර ලෝකය ගැන අවබෝදයක් තිබිය යුතුය. එහෙත් ඹහුට ඇත්තේ සෑම ළදරැවකුටම පොදු ස්වල්ප දැනුමක් පමණි. මෙය දැනුමක් කියනවාට වඩා හැගීමක් කියනවානම් වඩා නිවරදිය. මරණය යනු මොලයේ සෛල මිය යාමයි. මොළයේ සෛල මියයාම තුලින් තමා ද අවසන් වන බව තේරැම් ගැනීමට අපොහොසත්වන පිරිස් මිය යාමෙන් පසු හා ඉපදීමට පෙර ලෝකය ගැන ප්‍රභන්ද ගොඩනගයි. මොළයේ සෛල මිය යාමෙන් පසු තමා මේ සිරැරෙන් ඉවත්ව දව්‍යලෝකයට, අපායට, තවත් ප්‍රාණියෙකුට, අවකාශයේ සැරිසැරීමට..... සිදුවනබව ලාංකීය සමාජයේ මුල් බැසගත් බහුතර මතයයි. නමුත් එයද උපතේ සිට පුරැදු කිරීම නිසා සිතේ මවාගත් කල්පිතයක් පමණි. ප්‍රභන්දයකි. එයට හේතුව එම කල්පිත පිලිගැනීමට නොහැකි තරම් විඥානික වීමයි. එම නිසා කුමන මතයක් දැරැවද මරණය අපගේ අවසානය බව අකමැත්තෙන් උවද පිලිගැනීමට සිදුවේ.